කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයය අතර පැවත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගය ලබන සැප්තැම්බර් මාසයේදී ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව ජෛව ආරක්ෂන බුබුලක් යටතේ පැවැත්වීම සඳහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අවසර ලබා දෙනු ලැබ ඇත.
සංවිධායක මණ්ඩලය මෙම තරගය ලබන සැප්තැම්බර් මස 9,10 සහ 11 යන දිනවලදී පැවැත්වීම සඳහා අවසර ඉල්ලා ඇති අතර ඒ අනුව එම අවසරය ලබා දී ඇත.
ඒ අනුව මෙම තරගය එම දිනවලදී හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවත්විමට අදාළ සෙසු උපදෙස්ද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ලබා දී ඇත.
මෙම අවසරය ලබා දෙමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසා ඇත්තේ කොවිඩ් සම්බන්ධ මාර්ගෝපදේශ සියල්ල අනුගමනය කරමින් තරගය පැවත්විය යුතු තර ඊට සහගාමී වන ක්‍රිඩකයන්ගේ සහ නිලධාරීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ සම්පූර්ණ වගකීම තරග සංවිධායකයන් විසින් දරනු ලැබිය යුතු බවය.