යුපුන් අබේකෝන් දකුණු ආසියානු ඉතිහාසය අද වෙනස් කළේය. ඒ මීටර 100 ඉසව්ව තත්පර 10 සීමාව බිඳ දමා ඊට අඩුවෙන් එම ඉසව්ව නිම කළ පළමු ශ්රී ලාංකිකයා සහ දකුණු ආසියානු ක්රීඩකයා බවට ඉතිහාසගත වෙමිනි.
ඔහු අද මීටර සියය ඉසව්ව තත්පර 09.96න් නිමා කළේය.
යුපුන් මෙම දස්කම දක්වනු ලැබුවේ ස්විස්ටර්ලන්තයේ පැවති රෙසිස්ප්රින්ට් අන්තර්ජාතික මළල ක්රීඩ තරගාවලියේ මීටර සියය අවසන් මහා තරගයෙන් ප්රථමස්ථානය දිනා ගනිමිනි.
තම ඉසව්ව තත්පර 9.96කින් නිමකළ ඔහු තත්පර 10.6ක කාලයක් වාර්තා කරමින් පසුගිය මැයි මාසයේදී ඔහුම තැබූ වාර්තාව බිඳ හෙලුවේය. එමෙන්ම වේගතවත්ම දකුණු ආසියාතිකයා විය.