පසුගිය වසර තුනේදීම අඛණ්ඩව ශ්‍රී ලංකා ස්කොෂ් ජාතික ශුරතාව දිනූ ෆාතුම් ඉසඩීන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් කිරීම සම්බන්ධව මතුවී ඇති ගැටලුව අධිකරණය දක්වා දුර දිග ගොස් ඇතැයි වාර්තා වේ.
ලෝක ස්කොෂ් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලාංකීක ක්‍රීඩිකාව වන ෆාතුම් ඉසඩීන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩ උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා ස්කෝෂ් කණ්ඩායමෙන් ඉවත් කිරීමෙන් සිදු වූ ආසාධාරණයට එරෙහිව මේවන විට අධිණයට ගොස් ඇත.
ලෝක ස්කොෂ් ක්‍රීඩා ශ්‍රේණි ගත කිරීම් වලින් ලොව පළමු 250 දෙනා අතරට පැමිණි ෆාතුම් සලීහා මේ වන විට ලෝක ස්කොෂ් ශ්‍රේණිගත කිරීම් වල 246 වැනි ස්ථානයේය.
ක්‍රීඩිකාවක් ලෙස ඇගේ මීලඟ ඉලක්කය වී තිබුණේ ලොව හොඳම ස්කොෂ් ක්‍රිඩකයන් 100 දෙනා අතරට පැමිණීමය.
කෙසේ වෙතත් මෙම තෝරා නොගැනීමට හේතුව ලෙස ජාතික ස්කොෂ් සම්මේලනය පවසන්නේ ෆාතුම් නිසි පරිදි තේරීම් තරග සඳහා සහභාගී නොවී විදෙස් ගතවීම බවය. ඒ හේතුවෙන් ඇය තරගාවලියෙන් ඉවත් කිරීමට තීරණය කළ බවය.
එහෙත් මේ සම්බන්ධව මාධ්‍යයට අදහස් දක්වමින් ෆාතුම් ඉසඩීන් පවසා සිටියේ ජාතික ස්කොෂ් සංගමයේ බලධාරීන් තමන්ව අත්තනෝමතික අයුරින් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලෙන් ඉවත් කරන්නට කටයුතු කළ බවය.
මේ අසාධාරණයට එරෙහිව අධිකරණයෙන් සාධාරණයක් අපේක්ෂා කරන බවය.