අති විශිෂ්ට තගර විලාශයක් ප්‍රකට කරමින් සටන්කාමී තරගයක නිරත වූ ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම අවසන් මහා තරගයේ සිය ප්‍රතිවාදියා වූ සිංගප්පූරුව පරදවා 63-53ක උත්කර්ෂවත් ජයග්‍රහණයක් මීට ටික වෙලාවකට පෙර වාර්තා කළහ.
ආසියානු දැල්පන්දු ශූරියන් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම A කාණ්ඩයෙන් තරග වැදුනහ. මින් පෙර තරගයෙත් ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ සිංගප්පූරුවය. එදා සිංගප්පූරු කණ්ඩායම 67-49ක් ලෙස පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඒ ජයග්‍රහණයේ වර්ණය අද යළිත් අලුත් කළේය.
පළමු කාර්තුව තිබුණේ විවෘතවය. තර්ජනී ශිව ලිංගම් තමන් වෙත එන පන්දු පහසුවෙන් ලකුණු බවට පරිවර්තනය කළාය. නමුත් සිංගප්පූරු ක්‍රීඩිකාවෝ අතිශය සටන්කාමී ක්‍රීඩා විලාශයකට අවතීර්ණව සිටියහ. මුල් කාර්තුව අවසන් වනවිට 19-13ක් ලෙස සිංගප්පූරුව ඉදිරියෙනි.
දෙවෙනි කාර්තුව අවසන් වනවිටත් 30 -27ක් ලෙස සිංගප්පූරුව ඉදිරියෙන් සිටියේය. එහෙත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු පරතරය අවම කරගත්හ. .
දෙවැනි අර්ධයේ පළමු මිනිත්තු 10 තුළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පරතරය සම කරගත්හ. තුන්වෙනි කාර්තුව අවසන් වනවිට සිංගප්පූරු අභියෝගටයට ප්‍රති උත්තර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ 46-38ක් ලෙස ඉදිරියෙන් සිටියහ.
සිව්වන කාර්තුව අතිශය තරගකාරී එක්ක විය. කෙසේ නමුත් ශ්‍රී ලංකාව සිංගප්පූරු අභියෝයට තීව්ර ප්‍රති උත්තර ලබා දෙමින් 63-53ක් ලෙස තරගයේ විශිෂඨ ජයග්‍රහණය සළකුණු කළහ.
මෙවර තරගාවලිය පුරාවට ශ්‍රී ලංකාව කිසිදු තරගයක් පරාජය වූයේ නැත. ඉන්දියාව හමුවේ ඉන්දියාව පරාජය වූයේ ලකුණු 102-14ක් ලෙසය. ශ්‍රී ලංකා කණ්ඩායම දැවැන්ත ජයග්‍රහණය ආරම්භ කළේ එසේය. ඉන්පසුව පිලිපීනය 99-37ට පරාජය කළේය.
දෙවැනි වටයේ දී පිළිවෙළින් 53-55ක් ලෙස මැලේසියාවත්, 67-49ක් ලෙස සිංගප්පූරුවත්, 62-51ක් ලෙස හොංකොං රාජ්‍යයත් නැවත අවසන් පූර්ව තරගයේ දී ක්‍රීඩිකාවන් 67-43ක් ලෙස හොංකං රාජ්‍යයත් පරාජය කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.
තරගාවලිය පුරාම දැඩි ආකර්ශනයට ලක්වූයේ තර්ජනී ශිවලිංගම්ගේ ක්‍රීඩා විලාශයය.
ශ්‍රී ලංකා සහ සිංගප්පූරු ක්‍රීඩිකාවන් මේ වන ආසියාව නියෝජනය කරමින් දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හි පැවැත්වෙන 2023 ලෝක දැල්පන්දු ශූරතාවය සඳහා සුදුසුකම් ලබා ගන්නට සමත් වී ඇත්තේය.