fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home විද්‍යා හා තාක්ෂණ

කොරෝනා අස්සේ අභ්‍යවකාශයට ගිය ඇමෙරිකාවේ SpaceX…

වසර 2ක් ago
in විද්‍යා හා තාක්ෂණ
464 5
0
Share on FacebookShare on Twitter

කොරෝනා වසංගතයෙන් රටම ගිලගෙන සිටින මොහොතේ වුවත් ඇමරිකානුවන් සිය තාක්ෂණික අත්හදාබැලීම් නතර කරන බවක් පෙනෙන්නේ නම් නැත. පසුගිය කාලය පුරාම ඔවුන් විවිධාකාරයේ පර්යේෂණ ගණනාවක නිරත වූහ. ඊට දිය හැකි ළඟම උදාහරණය වන්නේ පෞද්ගලික රොකට් සමාගමක් වන space x සමාගම විසින් ගගනගාමීන් දෙදෙනකු  අභ්‍යවකාශගත කිරීමයි.

SpaceX රොකට්ටුව මැයි 27 වැනිදා අභ්‍යවකාශගතකිරීමට සැලසුම් කර තිබුණත් අයහපත් කාලගුණය හේතුවෙන් එය 30 වැනිදාට කල් දැමීමට SpaceX සමාගම සහ නාසා ආයතනය තීරණය කළහ. කෙසේහෝ ඉතා හොඳින් ඉර පායා තිබූ සෙනසුරාදා දිනයේ ෆ්ලොරිඩාහි කේප් කැනවරල් සිට මෙම යානය අභ්‍යවකාශය වෙත පිටත් කරහරිනු ලැබීය. ඇමරිකානුවන් දහස් ගණනක් මෙම අවස්ථාව ඒ අවට ප්‍රදේශවල සිට නැරඹු අයුරු ඇමරිකානු මාධ්‍ය විකාශනය කළහ.

මෙම අවස්ථාව දැකබලා ගැනීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනාධිපති මයික් පෙන්ස්ද පැමිණ සිටීමෙන් පැහැදිළි වන්නේ මෙම ව්‍යාපෘතිය ඇමරිකානුවන්ට අතිශයින්ම වැදගත් බවයි. space x සමාගම මෙලෙස අභ්‍යවකාශගතකළ රොකට්ටුව නම් කර තිබුණේ crew dragon ලෙසයි.

මෙම ව්‍යාපෘතියට ඔවුන් දී තිබූ අන්වර්ථ නාමය වූයේ “මකර ආගමනය” යන්නයි. ඔවුන් එසේ හඳුන්වන්නේ මෙම අභ්‍යවකාශ යානය ඇමරිකානුවන් 1981 වසරට පසුව අභ්‍යවකාශයට යවන නවීනතම යානාව වන නිසාය. ඔවුන් මෙතෙක් කල් යැවූ බොහෝ යානා නැවත නැවත අලුත්වැඩියා කළ ඒවාය.

නවතම යානාවක් අභ්‍යවකාශගතකිරීමේ තාක්ෂණික අභියෝගය භාරගත්තේ සුප්‍රකට “ටෙස්ලා” සමාගමේ සහ space x සමාගමේ  ප්‍රධානි ඊලෝන් මස්ක්ය. නාසා ආයතනය සිය අභ්‍යවකාශ මෙහෙයුම් ඉතිහාසයේ පළමු වතාවට ව්‍යාපෘතියක් පෞද්ගලික සමාගමකට පැවරූ පළමු අවස්ථාව මෙය වීමද ඓතිහාසික සිදුවීමකි. නාසා ගගනගාමීන් දෙදෙනකු වන ඩග්ලස් හර්ලි සහ රොබර්ට් බෙන්කන් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් යෙදවීමටත් නාසා ආයතනය නොපැකිලිව ඉදිරිපත් විය.

කෙසේහෝ එම අභියෝගය සාර්ථක කර ගැනීමට නාසා ආයතනයත් space x සමාගමත් දැන් සමත්වී තිබේ. අද (31) දිනය ඉතා තීරණාත්මකය. තව පැය කිහිපයකින් ඩග්ලස් හර්ලි සහ රොබර්ට් බෙන්කන් රැගත් SpaceX යානාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා සම්බන්ධ වීමට නියමිතව ඇත. විශේෂත්වය වන්නේ එම ඒකාබද්ධ කිරීමේ කාර්යය සම්පුර්ණයෙන්ම ස්වයංක්‍රිය ක්‍රියාවලියක් ( automatic docking system) වීමයි.

SpaceX යානාව විශේෂ සංවේදක උපාංග (sensors) සහ විශේෂ කැමරා පද්ධතියකින් යුක්තය.මෙම ස්වයංක්‍රිය ඒකාබද්ධ කිරීමේ (docking system) ක්‍රියාවලිය ඔවුන්ට ආගන්තුක දෙයක් නොවේ. පසුගිය වසරේ ඔවුන් විසින් නියමුවන් රහිත යානයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා සාර්ථකව සම්බන්ධ කළ නිසා මෙවර ඔවුන් කිසිදු චකිතයකින් තොරව සිය ඩොකින් ක්‍රියාවලිය සිදුකිරීමට අපේක්ෂාවෙන් සිටී.

කෙසේවෙතත් ඩග්ලස් හර්ලි සහ රොබර්ට් බෙන්කන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟා වීමට පෙර නියමු පාලනයෙන් යානය පදවාගෙන යෑමටත් සැලසුම් කර තිබිණි. මෙම ලිපිය ලියන අවස්ථාවේ ඔවුන් විසින් එම ක්‍රමවේදය අත්හදාබලමින් සිටිනවා විය හැක. ඔවුන් සතුව ඇති පාලන පුවරුව සම්පුර්ණයෙන්ම  ටච් ස්ක්‍රීන් මුහුණතකි ( touchscreen interface ).

කෙසේවෙතත් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ආසන්න වන විට යානය ස්වයංක්‍රියවම නියමු පාලනයෙන් ස්වයංක්‍රිය පාලනයට හැරෙන ලෙස සකසා තිබීම විශේෂත්වයකි. එතැන් සිට ඩොකින් ක්‍රියාවලිය අවසන් වනතුරු ස්වයංක්‍රිය පාලනය ක්‍රියාත්මක වනු ඇත.

එක්සත් ජනපදයේ වේලාවෙන් උදෑසන 10:29ට මෙම SpaceX යානාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා ඒකාබද්ධ කිරීමට නියමිතය.

මෙම අභ්‍යවකාශ ගමන ඇමරිකාවට සේම සමස්ත ලෝකයටම තීරණාත්මකය. මෙම ව්‍යාපෘතිය සාර්ථක වනවා යනු දැවැන්ත පියවර ගණනාවක් ඉදිරි වසර කිහිපයේදී තැබීමට නියමිතව තිබෙනවා යන්නයි. විශේෂයෙන්ම ටෙස්ලා සහ SpaceX සමාගමේ මූලිකම පරමාර්ථය වන්නේ අභ්‍යවකාශ තරණය වාණිජව ලාබ ලබන ව්‍යාපාරයක් බවට පත් කිරීමය. එනම් සාමාන්‍ය මිනිසුන් අභ්‍යවකාශය වෙත ගෙන යෑමේ කාර්යය සිදු කිරීමයි.

ඔවුන් ඒ වෙනුවෙන් වූ මූලික කටයුතු සියල්ල මේ වනවිට සිදුකර අවසන්ය. ඉතාම මෑත කාලයේදී අභ්‍යවකාශ තරණය සඳහා මුදල් යෙදවිය හැකි පිරිසක් අභ්‍යවකාශය වෙත ගෙන යෑමට ඔවුන් අපේක්ෂා කරයි. නාසා ආයතනය ඒ සඳහා ඔවුනට අවශ්‍ය මූලික වටපිටාව දැන් සකසා අවසන්ය. මෙම SpaceX අභ්‍යවකාශ ව්‍යාපෘතියද එම කාර්යය පරික්ෂා කරන තවත් එක් මෙහෙයුමකි.  SpaceX සමාගමේ මෙන්ම නාසා ආයතනයේත් වොෂිංටන් පාලනයේත් අවසාන අරමුණ එකකි. අභ්‍යවකාශයට පළමුවෙන්ම සාමාන්‍ය සංචාරකයින් ගෙන ගිය රට ලෙස ඇමරිකා එක්සත් ජනපදය ඉතිහාසයට එක්කිරීම එම අරමුණයි. ඒ අරමුණ ඉටු කරගනිමින් ඉතිහාසයට එක්වීමට ඔවුන් ඉතා ආසන්න බවනම් පැහැදිළිය.

පමුදිනී හෙට්ටිගොඩ

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

තොණ්ඩමන්ගේ අන්තිම මොහොතේ කළ ඉල්ලීම් ගැන අගමැති අවමඟුලේදී කියයි…

Next Post

කොවිඩ් ආසාදනය වී පැමිණෙන විදේශගත වූවන් රටට ලොකු ප්‍රශ්නයක්

Related Posts

පෝලන්ත විද්වතුන් හෙළිකරගත් කොවිඩ් වෛරසය මාරාන්තික කරන ජානය!

ජනවාරි 15, 2022
මේ මස මුලදී ඩේවිඩ් බෙනට් සමග ශල්‍ය වෛද්‍ය බාර්ට්ලි පී. ග්‍රිෆිත් ගත් ඡායාරූපයක්

මනුස්සයෙකුට ජීවිතය දුන් ඌරු හදවතේ කතාව!

ජනවාරි 11, 2022

නුදුටු විශ්වයේ අසිරිය පෙන්වන්නට තව දින 09කින් අභ්‍යාවකාශයට යන “ජේම්ස් වෙබ්“!

දෙසැම්බර් 13, 2021

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • 21 නිසා  ආණ්ඩුව බෙදෙයි ?.  සියල්ල අතහැර පොහොට්ටුව බැසිල් රැකීමේ තැතක…
  • සිරගතව සිටියත් රන්ජන් ආත්මය පාවා දුන්නේ නෑ. විපක්ෂ නායක සජිත් කියයි…
  • තමිල්නාඩුව මූලිකත්වයෙන් එවූ ඉන්දියානු ජනතාවගේ මුල්ම ආධාර තොගය  ලංකා රජයට භාර දෙයි….
  • පක්ෂ තීන්දු විසිවෙයි… සජබ සහ ශ්‍රීලනිප කණ්ඩායම් දෙක්ක ආණ්ඩුවට… . ඇමති ධූර පිළිබඳ අවසන් තීරණය අද රාත්‍රියේ…
  • ඉන්ධන නොදුන් බව කියා පිරවුම්හල් හිමියාගේ නිවසට ගිනි තියයි!

ජනප්‍රිය පුවත්

  • බයිසිකල් මැරයා හෙවත් ගාලුමුවදොරට ගැසූ පාතාලයේ සතා නාලක සී.අයි.ඩී. අත්අඩංගුවට…

    271 shares
    Share 108 Tweet 68
  • “කළු පාට කුරුල්ලා“ එවූ පාර්ලිමේන්තු ගොළුවාගේ පොලිස් ඇමතිකම…

    285 shares
    Share 114 Tweet 71
  • බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජනපතිත් අන්දලා?

    172 shares
    Share 69 Tweet 43
  • මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් අගවිනිසුරුගෙන් සමාව ඉල්ලයි… ලියුම එව්වෙ නොදැනලු!

    172 shares
    Share 69 Tweet 43
  • පක්ෂ තීන්දු විසිවෙයි… සජබ සහ ශ්‍රීලනිප කණ්ඩායම් දෙක්ක ආණ්ඩුවට… . ඇමති ධූර පිළිබඳ අවසන් තීරණය අද රාත්‍රියේ…

    172 shares
    Share 69 Tweet 43
  • ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට යන ලංකාවේ ගැහැණිය!

    172 shares
    Share 69 Tweet 43

Highlights

පක්ෂ තීන්දු විසිවෙයි… සජබ සහ ශ්‍රීලනිප කණ්ඩායම් දෙක්ක ආණ්ඩුවට… . ඇමති ධූර පිළිබඳ අවසන් තීරණය අද රාත්‍රියේ…

ඉන්ධන නොදුන් බව කියා පිරවුම්හල් හිමියාගේ නිවසට ගිනි තියයි!

රජෙක් වුණත් ලෙඩෙක් වුණොත්!

ඉන්ධන ප්‍රවාහනයට ආරක්ෂාව අවශ්‍යයි… ටැංකි රථ හිමියෝ පොලිස්පතිට ලියති!

යාපනයේ රියෝ අයිස් ක්‍රීම් වෙළෙඳසලේ ගිනි ගනී…

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් අගවිනිසුරුගෙන් සමාව ඉල්ලයි… ලියුම එව්වෙ නොදැනලු!

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

pohottuwa

21 නිසා  ආණ්ඩුව බෙදෙයි ?.  සියල්ල අතහැර පොහොට්ටුව බැසිල් රැකීමේ තැතක…

by editor
මැයි 22, 2022
0

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 21 වැනි සංශෝධනය ගෙන...

සිරගතව සිටියත් රන්ජන් ආත්මය පාවා දුන්නේ නෑ. විපක්ෂ නායක සජිත් කියයි…

by editor
මැයි 22, 2022
0

රන්ජන් රාමනායක  යනු කිසිවිටක කිසිවෙකුට සිය...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist