fbpx
බදාදා, ඔක්තෝබර් 4, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මරණාසන්න රටට  ජීවිතය හෝ මරණය තෝරා දෙන චීන තීන්දුව … 

editor by editor
ජූලි 28, 2022
in පුවත්, සමාජ
0
china
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ (27) ශ්‍රි ලංකාවට මාධ්‍ය හරහා පනිවිඩයක් දුන්නේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපය භාර අංශයේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රි නිවාසන් රොයිටර් පුවත් සේවය වෙත පවසා තිබුණේ ශ්‍රි ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති විස්තීරණ මූල්‍ය පහසුකමට අදාළ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන අතරේ චීනය සිය ණය ප්‍රතිව්‍යූහගත කිරීමට එකඟ කර ගත යුතු බවය.

ද්වී පාර්ශ්වික ණය අතරින් ශ්‍රි ලංකාවට වැඩිම ණය ප්‍රමාණයක් ලබා දී ඇති රාජ්‍යය  ලෙස චීනය මෙම ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳ ව සිය අභිලාශය ප්‍රකාශ කිරීම හෝ ණය පොලී  කපා හැරීම් ඇතුළු සහනය සඳහා කැමැත්ත ලබා දීමේ එක් සංඥාවක් වන්නේ ශ්‍රි ලංකාවට ණය තිරසාරත්වය කෙරෙහි සාධනීය ප්‍රගතියක් ලබන බව ඇඟවීමය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සිය ණය ලබා දීම සඳහා එය මූලික වූ කොන්දේසියකි.

RelatedPosts

සීතාට පැය එක හමාරක සැත්කමක්…  සැත්කම කළ ස්ථානයෙන් ලෝහ කුඩු සොයා ගනී….

රත්තරන් කෙල්ල…

උසස් පෙළ ජනවාරියට කල් යයි…

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ  අයි.එම්.එෆ්. කොන්දේසිය

මීට ටික දිනකට පෙර ශ්‍රි ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නිලධාරීන් කණ්ඩායම ශ්‍රි ලංකාවේ සිය සාකච්ඡා හමුවීම් අවසන් කර යන අවස්ථාවේ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබුණේ ශ්‍රි ලංකාව විසින් ඉල්ලීම් කරන ලද මූල්‍ය සහනය ලබා දීමට නම් ඊට පෙර අත්සන් කළ යුතු කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතා ලියවිල්ලට අරමුදලේ අධ්‍යක්ෂවරුන් සිය අත්සන යොදන්නේ මෙම ණය තිරසාරත්වය සම්බන්ධයෙන් ශ්‍රි ලංකාව පිළිගත හැකි ප්‍රගතියක් ලදහොත් පමණක්ය යන්නය.

එයින් ඇඟවෙන කරුණ වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම ණය ලිපි ගොනුව යළි හරියට දිග හරින්නේ මේ එකඟතාවලට ගියහොත් පමණක් බවය.

ශ්‍රි ලංකාව ලබා ගෙන ඇති ණයවලින් සියයට 10ක පමණ නියෝජනයක් චීනයට ඇත. මෙම ද්වීපාර්ශ්වික ණය ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර තලයේ මූල්‍ය ආයතනත් ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක් සමඟ ඇති අතර සෙසු ණය ජාත්‍යන්තර සෛවරී බැදුම්කර හරහා මෙරටට ලබා ගත් ණයයි. මේ ණය කන්ද අප ගෙවිය යුතුය.

එයින් චීනයේ ණය වඩාත් විවාදිත වීමට බලපාන කරුණු කිහිපයක්ම ඇත. එන් පළමු කරුණ වන්නේ ආර්ථික අර්බුදයෙන් මිරිකී සිටින ශ්‍රි ලංකාව ට පවතින ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳව මෙතෙක් චීනය කිසිවක් ප්‍රකාශ කර නොසිටීමය. අනෙක් ඔවුන් ශ්‍රි ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පැතීම පිළිබඳව සෘජුව විරෝධය දැක්වීමය.

චීන ණය –

චැතැම් හවුස් පර්යේෂණ ආයතනයට සහ ශ්‍රි ලංකාවේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට අනුව ශ්‍රි ලංකාව චීන ආධාර ඇතිව ක්‍රියාත්මක කළ ව්‍යාපෘති ගණනාවකි. එයින් වඩාත් විවාදිත වන්නේ රටටත් ජනතාවටත් ලෝකයටත් වැඩක් නැති අසාර්ථක මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති ගණනාවක් හරහා ශ්‍රී ලංකාව ණය කන්දක සිර වීමය.

මේ අසාර්ථක ව්‍යාපෘති රැසක් කෙන්ද්‍ර වුණේ රාජපක්ෂවරුන්ගේ උපන් බිම වන හම්බන්තොටය. ලක්ෂ හයක පමණ ජනගහණයක් සිටින මේ ප්‍රදේශයට චීන සල්ලි ණයට අරන් වපුරා කළ ව්‍යාපෘති අතරින් අද වැඩක් ගන්නේ මහා මාර්ග ව්‍යාපෘති සහ ජල සම්පාදන ව්‍යාපෘති පමණි. උපායමාර්ගික සැලැස්මක් තිබුණද මේ ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යාමට අවැසි උපායමාර්ගික ක්‍රියාන්විත සැලැස්මක් නොවිනි. මේ නිසා හම්බන්තොට වරාය, ගුවන් තොටුපළ වැනි මහා පරිමාණ ව්‍යාපෘති කෙටි කලක් තුළ රට ට බරක් වන සුදු අලින් බවට පත්විය. මේ හේතුව නිසාම ගත් ණය වෙනුවෙන් හම්බන්තොට වරාය චීනයට සින්න කොට ලෝකයේම  අවමානය විඳින රටක් බවට පත් වන්නට සිදුවිය.

චීනය සිය ආර්ථික සහ භූ දේශපාලනික බල ව්‍යාප්තිය සඳහා ෂී ජින්පින් ජනාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් ලෝකය පුරා දියත් කරන “එක් තීරයක් එක් මාවතක් මහා සැලැස්ම“ යටතේ ලෝකයේ සෑම මහාද්වීපයකම සිය ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇත. මේ හරහා රටවල්වලට කිසිදු වගවිභාගයකින් තොරව ලබා දුන් ණය හමුවේ බොහෝ රටවල් ණය උගුල්වල සිරවීමේ අවදානමකට ලක්ව ඇත. කෙසේ වුවද මෙම චීන ණය උගුල් පිළිබඳව ලෝකයට සිද්ධි අධ්‍යයනයට  ඉඩ සපයන බිමක් බවට පත්ව ඇත්තේ ශ්‍රි ලංකාවය. අද ජාත්‍යන්තර අරමුදලේ  කළමනාකාර අධ්‍යක්ෂවරිය සේම ලෝකයේ ප්‍රමුඛ පෙළේ   ආර්ථික විද්‍යාඥයින් චීන හෝ දරාගත නොහැකි වෙනත් වානිජ ණය පසුපස යන රටවලට පවසන්නේ ශ්‍රි ලංකාව වගේ වෙන්න එපා යනුවෙනි.

රට බංකොලොත් කළ ව්‍යාපෘති –

lotus-towerහම්බන්තොට මත්තල ඉදිකළ ගුවන් කොටුපළ අද වේලෙයි. ඒ සඳහා වැය කළ මුදල ඩොලර් මිලියන 248කි. එය චීන ණයකි. පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුවට පමණක් යොදා ගත් කොරියානු ණය ආධාර මත ඉදිකළ හම්බන්කොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව තවත් සුදු අලියෙකි. ඩොලර් මිලියන 16 ක වියදමින් ඉදි කෙරුණු මෙම ව්‍යාපෘතිය අද කැළේට ගොසිණි. මාසිකව රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වැය කර දැවැන්ත වියදමක් දරා නඩත්තු කරන මේ ගිරුවාපත්තුවේ වැසියන්ගේ මගුල් ගෙදරක් ගැනීම හැරෙන්නට වෙනත් දෙයක් කළ නොහැකිය. එවැනි මගුලක් හෝ උත්සවයක් ගන්නටද එය දැරිය හැකි මිලකට ලබා ගත නොහැකිය. මේ නිසා එය අද පාළු අවතාර ගොඩනැගිලි සංකීර්ණයක්  බවට පත්ව ඇත.

සූරියවැව ඉදි කළ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණය පවත්වා ඇත්තේ තරග 27ක් පමණි. ඒ 2011 සිට වසර 11ක් දක්වා කාලයක් තුළය. එක් අතකට පළාතේ දරුවන්ට සෙල්ලම් කරන්නට වත් මේ පිට්ටනිය භාවිත කළ හැකි වුවද ඩොලර් මිලියන ගණනක් යට කොට ඉදි කළ ජාත්‍යන්තර  සම්මන්ත්‍රණ ශාලාව ආදායම් උපදවන තැනක් බවට පත් කිරීමට රාජපක්ෂ ජනාධිපතිලා මෙන්ම ඩිජිටල් සිහින ලෝක සහ  අභ්‍යවකාශ ගවේෂණ හරහා  ලෝකය  අල්ලන්නට දඟලන රාජපක්ෂ පුතුන්ටවත් සැලසුමක් නැත.

ඇමෙරිකානු ඩොලර් මිලියන 104ක් වැය කොට ඉදි කළ නෙලුම් කුළුණ තවත් සුදු අලියෙකි. මේ වනවිට එය නිල වශයෙන් විවෘත කොට වසර හතරකට ආසන්න වුවද තවමත් කිසිදු මුදල් උපයන වානිජ ව්‍යාපාරයක් එහි ක්‍රියාත්මක වන්නේ නැත. එහෙත් ශ්‍රි ලංකාව මේ වනවිට එහි ණය පොලිය සමඟද චීනයට ගෙවමින් සිටී.

චීන ණය චීනයටත්  පාරාවළල්ලක් වෙයි ද?

එයින් පැහැදිලි වන තවත් කරුණනක් වන්නේ තනි රටක් ලෙස චීනය සිය එක් තීරයක් එක් මාවතක් වැඩ සටහන යටතේ ලෝකයේ බොහෝ රටවලට ලබා දුන් ව්‍යාපෘති තනිකරම ඔවුන්ගේ ණය ආධිපත්‍යයට රටවල් නතු කරන උගුල් කෙමනක් බවට පමණක් පත්වීමය. 1949න් පසුව චීනය විසින් ගෝලීය මට්ටමින් දියත් කරන ලද දැවැන්තම ව්‍යාපෘතිය වන්නේ මෙම වන බෙල්ට් වන් රෝඩ්  ව්‍යාපෘතියයි. එය එතෙක් තනි රටක් ලෙස ලෝකය පුරා දියත් කළ දැවැන්තම  ආයෝජන ව්‍යාපෘතිය ලෙසින්ද සැලකෙයි.

එහෙත් චීනයට අද මෙයින් ඔවුන් බලාපොරොත්තු වූ ප්‍රතිඵලය ලැබී ඇතිද යන්න පිළිබඳව පසුගියදා ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත් පත ප්‍රශ්න කළේය. එයට හේතුව පෙන්වන්නටද උදාහරණයකට ගන්නේ ශ්‍රි ලංකාවය. මේ වනවිට චීනයද මේ අසාර්ථක ව්‍යාපෘතිවල ප්‍රතිඵල පාරාවළලක් සේ කරකැවී එන තැනකට පැමිණ ඇත.

ඔවුන්ට ශ්‍රි ලංකාව අත් හැරිය නොහැකි භූ ගෝලීය පිහිටීමක ඇත. රටේ පාලකයන් එහා මෙහා කළත් වැලි පුරවා වරාය නගරය ඉදි කර සිතියම වෙනස් කළත් මෙ පුචි දිවයිනේ භූ ගෝලීය පිහිටීම  එහා මෙහා කරන්නට ඔවුන්ට නොහැකිය. පවතින දෙශපාලනික ප්‍රවණතා තුළ  ශ්‍රි ලංකාවට පිටුපාන්නටද නොහැකිය.

චීනය මේ පිළිබඳව තවමත් නිහඬ පිළිවෙතක සිටියද චීනයේ ශ්‍රි ලංකා තානාපති පාලිත කොහොන බීජිං නුවර සිට පසුගියදා කීවේ “එක් සන්ධිස්තනයකදී“  හෝ ඩොලර් බිලියන 4ක පමණ ආධාරයක් චිනය ලබා දෙන්නටද ඉඩක් පවතින බවය. මේ කතාව ඔහු කීවේ ඇයිදැයි මෙතෙක් පැහැදිළි කළේ නැත. එක් සන්ධිසතානය (At some point) කුමක්දැයි චීන රජය හෝ කොහොන තානාපතිවරයා  නිල ප්‍රකාශයක් කළේද  නැත.

කෙසේ වුවද ශ්‍රි ලංකාව නිසා චීනයද අද  ලොකු අවදානමක ඇත. ඒ හුදෙක් ශ්‍රී  ලංකාව ඉල්ලන  ණය සහන හෝ ප්‍රතිව්‍යූහගත කිරීම් ලබා  දීම ගැන නොවේ. එය ලබා දුණහොත් ඔවුන් ණය ලබා දී උගුලේ හිරවුණු අනෙක් රටවල්ද මේ සහන බලාපොරොත්තු වීමය.

කෙසේ වුවද අද ශ්‍රි ලංකාව  දෙස ලෝකයම බලා සිටින්නේ ආර්ථිකය අර්බුදය හමුවේ ශ්‍රි ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් සහය ලබා ගැනීමේ උපරිම  සුදුසුකමක් වන චීන ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ඉල්ලීම හමුවේ එරට දක්වන ප්‍රතිචාරය පිළිබඳවය.

එම ප්‍රතිචාරය ඉදිරියේදී එලඹෙන දින 90ක් වැනි කාලය තුළ අතිශයින්ම තීරණාත්මකය.

 

 

Tags: නවතමවිශේෂ
Share132Tweet82

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

බූලි 39ක ඩීසල් ලීටර 1800ක් ප්‍රවාහනයට සැරසුනු සැකකරුවන් 07ක් අත්අඩංගුවට…

Next Post

චීනය මඩින්න ඉන්දියාවෙන් නවතම ගුවන් ආරක්ෂණ පද්ධතියක්

RelatedPosts

සීතාට වෙඩි තැබූ සිවිල් ආරක්ෂකයාට ඇප….
පුවත්

සීතාට පැය එක හමාරක සැත්කමක්…  සැත්කම කළ ස්ථානයෙන් ලෝහ කුඩු සොයා ගනී….

ඔක්තෝබර් 4, 2023
රත්තරන් කෙල්ල…
පුවත්

රත්තරන් කෙල්ල…

ඔක්තෝබර් 4, 2023
උසස් පෙළ සරසවි ප්‍රවේශ දිස්ත්‍රික් ප්‍රතිශතයන් නිකුත් වේ
පුවත්

උසස් පෙළ ජනවාරියට කල් යයි…

ඔක්තෝබර් 4, 2023
Next Post
missile

චීනය මඩින්න ඉන්දියාවෙන් නවතම ගුවන් ආරක්ෂණ පද්ධතියක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ දී හෑල්ලු වුන උපාධි ප්‍රධානෝත්සවය…

    කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ දී හෑල්ලු වුන උපාධි ප්‍රධානෝත්සවය…

    273 shares
    Share 109 Tweet 68
  • 11 වැනිදා සෞඛ්‍ය ඇමතිගේ බබා පාට් ඉවරයි… ඉතිහාසයේ මුල්ම වරට එදාට වෛද්‍යවරු කොළඹ වටලනවා… GMOA දැනුම් දෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලන්සාගෙන් අයින් වෙන්න… පොහොට්ටුවේ සහය දෙන්නම්… බැසිල්ගෙන් රනිල්ට යෝජනාවක් !

    1184 shares
    Share 474 Tweet 296
  • වෙඩි කෑ සීතාට ඇවිදින්න බෑ…  අද පපු පෙදෙසේ එක්ස් කිරණ පරීක්ෂණයක්!

    307 shares
    Share 123 Tweet 77
  • ජර්මනියේ Deutsche Welle මාධ්‍ය ආයතනය සමග ජනපති කළ ආන්දෝලනාත්මක සාකච්ඡාව සිංහලෙන්…..

    214 shares
    Share 86 Tweet 54
  • අත් හිස කපා ඝාතනය කළ කාන්තවගේ ඝාතකයන් කරන ප්‍රකාශ පරස්පරයි… රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න අධිකරණයෙන් නියෝගයක්!

    215 shares
    Share 86 Tweet 54

නවතම ලිපි

සීතාට වෙඩි තැබූ සිවිල් ආරක්ෂකයාට ඇප….

සීතාට පැය එක හමාරක සැත්කමක්…  සැත්කම කළ ස්ථානයෙන් ලෝහ කුඩු සොයා ගනී….

by editor
ඔක්තෝබර් 4, 2023
0

රත්තරන් කෙල්ල…

රත්තරන් කෙල්ල…

by editor
ඔක්තෝබර් 4, 2023
0

උසස් පෙළ සරසවි ප්‍රවේශ දිස්ත්‍රික් ප්‍රතිශතයන් නිකුත් වේ

උසස් පෙළ ජනවාරියට කල් යයි…

by editor
ඔක්තෝබර් 4, 2023
0

ගම්පහ පමණක් දිනකට කිරි ගවයින් 05ක් පමණ මසට සොරකම් කරනවා… රටේම කිරි ගවයින් 40ක් දිනකට මස් මඩුවට…

මස් සඳහා  ගවයින් සහ ඌරන් ඝාතනය අඩු වෙලා…

by editor
ඔක්තෝබර් 4, 2023
0

පවුල්  වෛද්‍ය විශේෂඥවරු මූලික රෝහල්වලට සම්බන්ධ කිරීමට උත්සාහ කිරිම සෞඛ්‍ය සේවයේ  සිද්ධාන්තමය වැරැද්දක්…

විදේශයකින් එක් වෛද්‍යවරයෙක් වත් ගේන්නෙ නෑ… වෛද්‍ය හිඟය මගහැරගන්නා හැටි ඇමති කියයි!

by editor
ඔක්තෝබර් 4, 2023
0

නවතම ලිපි

kANCHANA-wIJESEKARA

විදුලි බිල වැඩි කිරීමට ඉල්ලුවේ ඇයි. ?. විදුලි බල ඇමතිවරයා පාර්ලිමේන්තුවට හේතු කියයි!

by editor
ඔක්තෝබර් 4, 2023
0

පස් කන්දක් නායේ යෑමෙන් තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ දරු පැටවු යන්තම් බේරෙයි… පන්ති කාමර 03ක් විනාසයි…

පස් කන්දක් නායේ යෑමෙන් තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ දරු පැටවු යන්තම් බේරෙයි… පන්ති කාමර 03ක් විනාසයි…

by editor
ඔක්තෝබර් 4, 2023
0

සිසුවෙකුට අවවාද කිරීම නිසා කිපුණු සිසුවාගේ ඥාතීන් නියෝජ්‍ය විදුහල්පතිට පොළුවලින් පහර දීලා…. නියෝජ්‍ය විදුහල්පති බරපතල තුවාල සහිතව රෝහලේ!

සිසුවෙකුට අවවාද කිරීම නිසා කිපුණු සිසුවාගේ ඥාතීන් නියෝජ්‍ය විදුහල්පතිට පොළුවලින් පහර දීලා…. නියෝජ්‍ය විදුහල්පති බරපතල තුවාල සහිතව රෝහලේ!

by editor
ඔක්තෝබර් 4, 2023
0

නිවෙස්වල ඇති මුද්‍රා කැඩූ  සියලු ගෑස් සිලින්ඩරත් නැවත කැඳවන්න… අනුර පාර්ලිමේන්තුවේ දී ඉල්ලයි!

අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළට…

by editor
ඔක්තෝබර් 4, 2023
0

දුම්රියක ත්‍රීරෝද රථයක් ගැටී දෙදෙනෙකු රෝහලට… (  CCTV දර්ශන සහිතයි)

දුම්රියක ත්‍රීරෝද රථයක් ගැටී දෙදෙනෙකු රෝහලට… ( CCTV දර්ශන සහිතයි)

by editor
ඔක්තෝබර් 4, 2023
0

රජයේ රෝහල්වල බාහිර රෝගී අංශයට එන  රෝගීන් සියයට 40ක් වැඩි වෙලා… ඇතුළත් වීම් සියයට 27කින් වැඩියි..

රජයේ රෝහල්වල බාහිර රෝගී අංශයට එන රෝගීන් සියයට 40ක් වැඩි වෙලා… ඇතුළත් වීම් සියයට 27කින් වැඩියි..

by editor
ඔක්තෝබර් 4, 2023
0

Pradeep-Nilanga-Dela

සීතාට වෙඩි තිබ්වේ වන අලියෙකු යැයි සිතා නම් වන අලින්ට වනජීවී නිලධාරීන් සලකන හැටි හරිද?… දියවඩන නිලමේ වනජීවි නිලධාරීන්ගෙන් අසයි…

by editor
ඔක්තෝබර් 4, 2023
0

දුම්රිය නියාමක සංගමය ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයක …

දුම්රිය නියාමක සංගමය ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයක …

by editor
ඔක්තෝබර් 4, 2023
0

වතු කම්කරුවන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් පෙරළී 21ක් රෝහලේ… 17කට බරපතලයි!

වතු කම්කරුවන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් පෙරළී 21ක් රෝහලේ… 17කට බරපතලයි!

by editor
ඔක්තෝබර් 4, 2023
0

දෑත් හිස නැතිව සපුගස්කන්දේ  කොට්ටුන්න වැවෙන් හමුවූ මුල්ලේරියාවෙන් අතුරුදහන් වූ කාන්තාවගේ ඝාතනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කී කතාව….

අත් හිස කපා ඝාතනය කළ කාන්තවගේ ඝාතකයන් කරන ප්‍රකාශ පරස්පරයි… රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න අධිකරණයෙන් නියෝගයක්!

by editor
ඔක්තෝබර් 4, 2023
0

  • Trending
  • Comments
  • Latest
Basil-Ranil

ලන්සාගෙන් අයින් වෙන්න… පොහොට්ටුවේ සහය දෙන්නම්… බැසිල්ගෙන් රනිල්ට යෝජනාවක් !

ඔක්තෝබර් 1, 2023
ධූරයෙන් ඉල්ලා අස්වූ පසු ලංකාවේ රැඳී ඉන්න බලාපොරොත්තුවක් නෑ… රටිනුත් යනවා…   මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් කියයි…

ධූරයෙන් ඉල්ලා අස්වූ පසු ලංකාවේ රැඳී ඉන්න බලාපොරොත්තුවක් නෑ… රටිනුත් යනවා… මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් කියයි…

සැප්තැම්බර් 29, 2023
අනාචාරයේ ගොස් රටේ රෙදි ගැලවූ “ සල්ලාල තානාපති” ගේ නිදහස් වීම සහ රටට අදාල නැති පිරිමි ඇඟේ කොණ්ඩම් ප්‍රශ්නය!

අනාචාරයේ ගොස් රටේ රෙදි ගැලවූ “ සල්ලාල තානාපති” ගේ නිදහස් වීම සහ රටට අදාල නැති පිරිමි ඇඟේ කොණ්ඩම් ප්‍රශ්නය!

1
සීතාට වෙඩි තැබූ සිවිල් ආරක්ෂකයාට ඇප….

සීතාට පැය එක හමාරක සැත්කමක්…  සැත්කම කළ ස්ථානයෙන් ලෝහ කුඩු සොයා ගනී….

ඔක්තෝබර් 4, 2023
රත්තරන් කෙල්ල…

රත්තරන් කෙල්ල…

ඔක්තෝබර් 4, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • සීතාට පැය එක හමාරක සැත්කමක්…  සැත්කම කළ ස්ථානයෙන් ලෝහ කුඩු සොයා ගනී….
  • රත්තරන් කෙල්ල…
  • උසස් පෙළ ජනවාරියට කල් යයි…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.