ලිත්රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබේ.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 රුපියල් 1257 කින් ඉහළ දැමීමට තීරණය කර එම සමාගම තීරණය කර ඇත. ඒ අනුව එම ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2750 දක්වා ඉහල යයි.
කිලෝ ග්‍රෑම් 5 ලිත්‍රො ගැස් සිලින්ඩරයක් රුපියල් 503කින් ඉහල දමා ඇති අතර එහි නව මිල රුපියල් 1101කි.
කිලෝ ග්‍රෑම් 2.5 ලිත්‍රො ගැස් සිලින්ඩරයක් රුපියල් 231කින් ඉහල දමා ඇති අතර එහි නව මිල රුපියල් 520කි.
මෙම මිල ඉහල දැමීම පැවති මිලට සාපේක්ෂව 100%ක ආසන්න මිල වැඩි කිරීමකි.
රජය විසින් ගෑස් මිල සඳහා පනවා තිබූ මිල සීමා ඉවත් කිරීමෙන් පසු සමාගම් විසින් මිල තීරණය කරමින් සිටී.
මේ අතර ලාෆ්ස් ගෑස් සමාගම ද පසුගියදා පවසා තිබුණේ යළි මිල වැඩිකිරීමට පියවර ගන්නා බවයි.