fbpx
සිකුරාදා, ජූනි 2, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

හෝමාගම ක්‍රිකට් පිටි‌ ව්‍යාපෘතිය අත්හිටුවයි.

by editor
මැයි 21, 2020
in ක්‍රීඩා
441 4
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක-

 

කුමාර් සංගක්කාර

අමෙරිකානු ඩොලර් මිලියන 40කට ආසන්න මුදලක් වැය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදි කිරීමට සැළසුම් කළ හෝමාගම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ව්‍යාපෘතිය අත්හිටුවීමට අගමැති  මහින්ද රාජපක්ෂ මහතා අද තීරණය කළ බව අගමැති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය. ශ්‍රී ලංකාවේ හිටපු විශිෂ්ට ක්‍රීඩකයන් සහ වත්මන් කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනකුත් සමග හිටපු ක්‍රිකට් පරිපාලකයන් සමග අද පැවැති සාකච්ඡාවකින් පසුව අගමැතිවරයා මේ තීරණය ගත් බව අගමැති මාධ්‍ය ඒකකය වැඩි දුරටත් කියා සිටී.

හෝමාගම, දියගම ඉදි කිරීමට යෝජිත එම ක්‍රීඩාංගණය සඳහා වැය කිරීමට අපේක්ෂා කළ මුදල් පාසල් ක්‍රිකට් සංවර්ධනය කිරීමට සහ දැනට පවතින ක්‍රිකට් ක්‍රීඩාංගණ වැඩි දියුණු කිරීමට යොදවන ලෙසත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන් බව අගමැති කාර්යාලය සඳහන් කරයි.

අරලියගහ මන්දිරයේ අද පැවැති මෙම රැස්වීමට ශ්‍රී ලංකා පිලේ හිටපු ක්‍රීඩකයන් වන සනත් ජයසුරිය, රොෂාන් මහානාම, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ වත්මන් කණ්ඩායමේ ලසිත් මාලිංග සහභාගි වූ අතර ක්‍රිකට් බලධාරීහුද ඊට එක්වී සිටියහ.

RelatedPosts

හෙට අනිවාර්යයෙන් මතීෂ ගහනවා… දසුන් සහතික වෙයි!

කිසි කෙනෙකුට රට වට්ටන්න දෙන්නෙ නෑ… මගේ අරගලය 2048වන විට ලංකාව ලෝකයේ පූර්ණ සංවර්ධිත රටක් කිරීමයි!

අත් අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ඉදිරිපත් කළ පෙත්සම නිශ්ප්‍රභා කරන්න… ඇල්ලේ ගුණවංශ හිමි අතරමැදි පෙත්සමකින් අධිකරණයෙන් ඉල්ලයි!

සනත් ජයසූරිය
මහෙල ජයවර්ධන
රොෂාන් මහානාම

අගමැතිවරයා සමග පැවැති මෙම රැස්වීම ඉතා සාර්ථක වූ බවත්, වර්තමානයේ අප විසින් සිදුකළ යුතු වන්නේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනයට අවධානය යොමු කිරීම බව හිටපු ක්‍රීඩකයන් සියළුදෙනා මෙහිදී අගමැතිවරයාට පැවැසූ බව හිටපු ක්‍රිකට් නායක සනත් ජයසුරිය මහතා එම සාකච්ඡාවෙන් පසුව කියා සිටියේය. එමෙන්ම මෙවැනි විශාල ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට මෙය වේලාව නොවන බවත් එහිදී හිටපු ක්‍රීඩකයන් ප්‍රකාශ කර තිබේ.

ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, හිටපු ක්‍රීඩා අමාත්‍ය ගාමිණී ලොකුගේ ඇතුළු පිරිසක් ද මේ සාකච්ඡාවට එක්වී සිටියහ.

යෝජිත ක්‍රිකට් ක්‍රීඩාංගණය පිළිබඳ පසුගිය දින කිහිපය පුරා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දැඩි විවේචනයට භාජනය වූ අතර මේ අවස්ථාවේ එවැනි ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට තීරණය කිරීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි දෝෂාරෝපණයට ද ලක්විය.

 

 

Share70Tweet44
Previous Post

වානිජ මණ්ඩල‍යෙන් කෝච්චියට අයිස් පෙට්ටි යෝජනාවක්

Next Post

රුපියල් පන්දහසකට තෙරපී මැරුණු අසරණයන්ගේ කතාව

Related Posts

නියුට්‍රල් අම්පයර්

ඇත්තම කැප්ටන් කූල්…

මැයි 30, 2023
ක්‍රීඩා

අකම්පිත නායකයා අසිරිමත් ක්‍රිකට් සැනකෙළිය දිනා ගැනීමට කණ්ඩායම මෙහෙයවූ හැටි !

මැයි 30, 2023
සායි සුදර්ශන්.... ඔහු පන්දු 47ක දී ලකුණු 96ක් ලැබුවේය
ක්‍රීඩා

දෝනිලාට ලකුණු 215ක දැවැන්ත ඉලක්කයක්!

මැයි 29, 2023
Next Post

රුපියල් පන්දහසකට තෙරපී මැරුණු අසරණයන්ගේ කතාව

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

හෙට අනිවාර්යයෙන් මතීෂ ගහනවා… දසුන් සහතික වෙයි!

by editor
ජූනි 1, 2023
0

කිසි කෙනෙකුට රට වට්ටන්න දෙන්නෙ නෑ… මගේ අරගලය 2048වන විට ලංකාව ලෝකයේ පූර්ණ සංවර්ධිත රටක් කිරීමයි!

by editor
ජූනි 1, 2023
0

අත් අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ඉදිරිපත් කළ පෙත්සම නිශ්ප්‍රභා කරන්න… ඇල්ලේ ගුණවංශ හිමි අතරමැදි පෙත්සමකින් අධිකරණයෙන් ඉල්ලයි!

by editor
ජූනි 1, 2023
0

ලුණුගම්වෙරෙ පදිංචි 57 හැවිරිදි හේවා කෝපරගේ
විමලසේන මරා දැමූ ස්ථානය...

පිටතින් පැමිණි කැලෑ පාලුවන් නිසා සූරියවැව වන අලි වියරු වෙති… පැය 12කට වන අලි ප්‍රහාරයෙන් මරණ 02 යි! 

by editor
ජූනි 1, 2023
0

මහබැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතය අද සිට අඩු කරයි!

by editor
ජූනි 1, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විදෙස් විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • හෙට අනිවාර්යයෙන් මතීෂ ගහනවා… දසුන් සහතික වෙයි!
  • කිසි කෙනෙකුට රට වට්ටන්න දෙන්නෙ නෑ… මගේ අරගලය 2048වන විට ලංකාව ලෝකයේ පූර්ණ සංවර්ධිත රටක් කිරීමයි!
  • අත් අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ඉදිරිපත් කළ පෙත්සම නිශ්ප්‍රභා කරන්න… ඇල්ලේ ගුණවංශ හිමි අතරමැදි පෙත්සමකින් අධිකරණයෙන් ඉල්ලයි!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist