fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

සෙල්ලම් කරන්න කට්ටියත් නැතිව ලොකුම පිට්ටනි හැදීම පලක් නැතැයි මහේල කියයි

හෝමාගම ඉදිකරන්නට යන නව ජාත්‍යාන්තර ක්‍රීඩාංගනයට ඇමරිකානු ඩොලර් මිලියන 40ක අතර වියදමක්

වසර 2ක් ago
in ක්‍රීඩා
432 4
0
Homagama Stadium
Share on FacebookShare on Twitter
Mahela Jayawardhana
මහෙල ජයවර්ධන

ශ්‍රී ලංකාවේ සැදීමට නියමිත අටවැනි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හෙවත් මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සිය කණගාටුව පළකරමින් ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබේ. ඔහු පෙන්වා දෙන්නේ මෙතරම් ක්‍රිකට් ක්‍රීඩාංගණ තිබියදී තවත් ක්‍රීඩාංගණයක් අවශ්‍යද යනුවෙනි.
මහේල ජයවර්ධන විසින් පසුගිය කාලයේ සකස් කළ ක්‍රිකට් සැලැස්මද ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ක්‍රියාත්මක නොකළ අතර එහිදී ඔහු යළිත් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් සැලසුම් සකස් කිරීමට ඉදිරිපත් නොවන බව ප්‍රකාශ කර සිටියේය. හැමදාමත් සැලසුම් සකස් කළද ඒවා ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් මහේල සිය කණගාටුව එදා පළ කර සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය වෙනුවෙන් මාස කිහිපයක් මහන්සි වී සකස් කළ ක්‍රිකට් සැලැස්ම හමස් පෙට්ටියට යෑම නිසාය.
ඉන්දියාවටත් වඩා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ශ්‍රී ලංකාවට තිබේ. විදෙස් කණ්ඩායමක් පැමිණි පසුව ක්‍රීඩාකරනු ලබන්නේ, ආර්.ප්‍රේමාදස, එස්.එස්.සී., ගාල්ල, පල්ලකැලේ සහ හම්බන්තොට ක්‍රීඩාංගණවලය. බොහෝ විට දඹුල්ල සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ තරග පවත්වනු ලබන්නේ ආණ්ඩු මාරු වූ පසුව බව මෙරට ක්‍රිකට් ලෝලීහු හොඳින්ම දනිති. ඒ අනුව තවත් ක්‍රිකට් ක්‍රීඩාංගණ මොකටද? යන ප්‍රශ්නය මහේල විසින් විමසනු ලබන්නේ ඔහු ක්‍රිකට් ගැන හොඳින්ම දන්නා හිටපු නායකයකු සහ වත්මන් පුහුණුකරුවකු වන නිසාය.
“අපිට දැනට තියෙන ක්‍රීඩාංගණ සංඛ්‍යාව අනුව ජාත්‍යන්තර හෝ දේශීය පළමු පෙළ ක්‍රිකට් තරග ක්‍රීඩා කරන්නේවත් නැතිව තවත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක් අවශ්‍යද?’ යන්න මහේල විසින් ට්විටර් ගිණුමේ සටහන් තබමින් ප්‍රශ්න කර තිබේ.
දැනට ශ්‍රී ලංකාවේ පරිහරණය කරනු ලබන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ හත ලෙස කොළඹ ආර්.ප්‍රේමදාස, එස්.එස්.සී., පී.සරා ඕවල්, ගාල්ල, හම්බන්තොට මහින්ද රාජපක්ෂ, දඹුල්ල සහ පල්ලකැලේ යන ජාත්‍යන්තර ක්‍රීඩාංගණ හැඳින්විය හැකිය. අතීතයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වු මොරටුව ටිරෝන් ප්‍රනාන්දු (ද සොයිසා) සහ අස්ගිරිය ක්‍රීඩාංගණ දැන් එම තත්ත්වයේ නොමැත. එසේ තිබියදී තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අවශ්‍යදැයි ක්‍රිකට් ප්‍රවිණයෝ බොහෝ දෙනකු ප්‍රශ්න කර සිටිති.
රජය විසින් ලබාදී ඇති අක්කර 28ක භූමියක ඉදිකරන මෙම ක්‍රීඩාංගණය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 30 ත් 40 ත් අතර වියදමක් යන බවට ක්‍රිකට් ආයතනය පවසයි. එහිදී ඔවුන්ට ඇමරිකානු ඩොලර් මිලියන 15 ක ණයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලබා ගැනීමට සිදුවන බවද ක්‍රිකට් සභාපතිවරයා සඳහන් කර සිටියි. ක්‍රීඩාංගණයේ වැඩකටයුතු වසර තුනක් ඇතුළත අදියර දෙකකින් නිම කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ දැනට ඇති ආර්.ප්‍රේමදාස, හම්බන්තොට මහින්ද රාජපක්ෂ සහ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණවල ප්‍රේක්ෂකයන් 35000 කට තරග නැරඹීමේ පහසුකම තිබේ. දිවා රාත්‍රී ක්‍රීඩාංගණයක් වශයෙන් සකස් කරන හෝමාගම ක්‍රීඩාංගනයේ පළමු අදියර නිමා වන විට ප්‍රේක්ෂකයන් 40,000 කටත් දෙවන අදියර අවසන් වන විට තවත් ආසන 20000 ක් ඇතුළුව නරඹන්නන් 60,000 කට අසුන් ගත හැකි සකස් කිරීමටද සැලසුම් කර තිබේ.
ජාත්‍යන්තර ක්‍රීඩාංගණ අටක්, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ඉවත් කළ ක්‍රීඩාංගණ දෙකක් සහ පළමු පෙළ ක්‍රීඩා කරන ක්‍රීඩාංගණ 12 ක් පමණ තිබියදී තවත් ක්‍රීඩාංගණ ඉදිකිරීමට ඩොලර් මිලියන ගණන් වියදම් කිරීම ගැන අදාළ පාර්ශ්ශව දෙවරක් සිතිය යුතුව ඇත. ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රීඩා සමාජ ඇත්තේ 24 කි. එම ක්‍රීඩා සමාජවල බොහොමයක් තරග එන්.සී.සී., එස්.එස්.සී., පී. සරා ඕවල්, කෝල්ට්ස්, බී.ආර්.සී., ගාල්ල, පානදුර, මග්ගොන සරේ, මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණය, කටුනේරිය ක්‍රීඩාංගණය, හොරණ සහ වෙලගෙදර යන ක්‍රීඩාංගණවල තරග පවත්වනු ලබයි.
ශ්‍රී ලංකාවේ පවති ක්‍රීඩාංගණ නඩත්තුව සඳහා විශාල වියදමක් යන අතර 2011 වසරේ සිට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය නාවික හමුදා විසින්ද, පල්ලකැලේ ක්‍රීඩාංගණය ගුවන් හමුදාව විසින් සහ සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය යුද හමුදා විසින් නඩත්තු කරනු ලබයි.
හෝමාගම ක්‍රීඩාංගණ නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇතුළු නිළධාරීන් පිරිසක් පසුගියදා එහි සංචාරය කළේය. එහිදී කඩිනමින් ක්‍රීඩාංගණය සකස් කරන අයුරු සම්බන්ධයෙන්ද අමාත්‍යවරයාගේ අවධානය යොමු වුවද ඒ සඳහා යන වියදම් සොයා ගත යුත්තේ ක්‍රිකට් ආයතනය විසිනි.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

ශ්‍රීලනිපය හැර නොයන බව සහතික කරන ලියැවිල්ලට අත්සන් නොකර තිලංග මාරු වෙයි

Next Post

සුළි කුණාටුවකින් උතුරේ පවුල් 84 ක් විපතට….

Related Posts

පරාජයන්ම අත්විඳි රටට ජයග්‍රහණයක්… ශ්‍රී ලංකා පිල බංගලියන් පරදවා තරගාවලි ජයක් වාර්තා කළ හැටි!

මැයි 27, 2022

බංගලාදේශ -ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය… ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 397කට දැවී යයි… මැතිව්ස් 199 යි….

මැයි 16, 2022

ඔස්ට්‍රේලියාව කම්පා කරන අවුරුද්දේ තුන්වන ක්‍රිකට් මරණය… එකල පිටිය එකෙළි කළ ඇන්ඩෘ සයිමන්ස් දිවියෙන් සමු ගනී!

මැයි 15, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • බලශක්ති ඇමති  ජූනි 01 වැනිදා සිට කඩිනම් හරිත බලශක්ති සැලැස්මක් ගෙනෙයි!
  • සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට අභියෝගයක්… මාස තුනකින් ආයතන ලාභ පෙන්විය නොහැකිනම් රස්සාව ඉවරයි….
  • අරගලයට දින 50යි… පොලිස් මූලස්ථානයෙත් ආරක්ෂාව තර කර පා ගමනට අධිකරණ නියෝගයක් ගනී!
  • අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…
  • අගමැතිගෙන් ලංකාවට ඉදිරියේ පිහිටට එන අය ගැන ඉඟියක්

ජනප්‍රිය පුවත්

  • හොර පාස්පෝට් නඩුවට ශෂී වීරවංශ වරදකරු වෙයි… අවුරුදු 02ක් හිරේට….

    174 shares
    Share 70 Tweet 44
  • අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

    172 shares
    Share 69 Tweet 43
  • රාජ්‍ය සේවකයින්ගේ බලාපොරොත්තු සුන්…  වැටුප් වැඩිවීමක් නෑ…

    209 shares
    Share 84 Tweet 52
  • පොලිස්පති දෙබිඩ්ඩෙක්… පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් චෝදනා… සාක්ෂි මෙන්න….

    204 shares
    Share 82 Tweet 51
  • අවුරුද්දේ මුල් කාර්තුවේ නිමි තේ නිශ්පාදනය කිලෝ ලක්ෂ 40කින් අඩු වෙලා… නැතිවුණු විදේශ විනිමය ඩොලර් මිලියන 73ක්….

    208 shares
    Share 83 Tweet 52
  • සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙස නව ජනමාධ්‍ය ඇමති දැනුම් දෙයි!

    193 shares
    Share 77 Tweet 48

Highlights

අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

අගමැතිගෙන් ලංකාවට ඉදිරියේ පිහිටට එන අය ගැන ඉඟියක්

සබන් නිෂ්පාදනයෙන් දියුණු වෙන ග්‍රාමීය කාන්තාවන්

රෝගීන්ට බෙහෙත්, ධීවරයින්ට භූමි තෙල් රැගත් ඉන්දියානු සහන නැවක් එයි!

සේවයට ගෙන්වන පිරිස් සීමා කර රාජ්‍ය සේවයේ වියදම් අඩු කළ හැකි ද?

සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙස නව ජනමාධ්‍ය ඇමති දැනුම් දෙයි!

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

solar112

බලශක්ති ඇමති  ජූනි 01 වැනිදා සිට කඩිනම් හරිත බලශක්ති සැලැස්මක් ගෙනෙයි!

by editor
මැයි 28, 2022
0

කඩිනම් පුනර්ජනනීය බලශක්ති උත්පාදන සැලැස්මක් 2022...

සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට අභියෝගයක්… මාස තුනකින් ආයතන ලාභ පෙන්විය නොහැකිනම් රස්සාව ඉවරයි….

by editor
මැයි 28, 2022
0

නව ජනමාධ්‍ය සංස්කෘතියක් ඇතිකිරීම වෙනුවෙන් මාධ්‍ය ක්ෂේත්‍රයේ...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist