fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

සුපිරි වටයේ පළමු ජය ඔස්ට්‍රේලියාවට… දකුණු අප්‍රිකාව පරදා කඩුලු 05කින් ජය ගනී…

මාස 7ක් ago
in ක්‍රීඩා
432 4
0
Share on FacebookShare on Twitter

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ සුපරි වටය ආරම්භ කරමින් සුපිරි යටතේ පැවති මුල්ම තරගය වූ දකුණු අප්‍රිකාව හා ඔස්ට්‍රේලියාව අතර තරයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 05ක විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර ගත්තේය.

අබුඩාබි හි අන්තර්ජාතික සයිඩ් ක්‍රීඩාංගනයේ දී ඇරඹි තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකාවට ආරාධනා කළේය.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් සාර්ථක පිතිකරණයක නිරත වූයේ ඒඩ්න් මක්‍රම් පමණි. ඔහු මිනිත්තු 74ක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 36ක දී  ලකුණු 40ක් රැස් කළේය. ඊට හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් ඇතුළත් විය.

කගිසෝ රබාඩා ලකුණු 19ක්, ඩේවිඩ් මිලර් ලකුණු 16ක්, හෙන්රිච් ක්ලාසන් ලකුණු 13ක්,  ටොම්බා බවුමා ලකුණු 12ක් ලබා ගත්තේය.  දකුණු අප්‍රිකානු ඉනිම  පන්දු ඕවර 20 තුළ දී කඩුළු 09ක් දැවී ලකුණු 118කට සීමා විය.

ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ මැනවින් සිය කාර්යය ඉටු කළහ. පන්දු ඕවර හතරම යැවූ පන්දු යවන්නන් 05 දෙනා වූ මිචෙල් ස්ටාක් ලකුණු 32කට  කඩලු 04ක්, ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 24කට කඩුල්ලක්, ජොස් හස්වුඩ් ලකුණු 19කට කඩුලු 02ක්, පැට් කුමින්ස් ලකුණු 17ට කඩුල්ලක්, ඇඩම් සම්පා ලකුණු 21කට කඩලු 02ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ  පළමු කඩුල්ල ලකුණු 4 දී බිඳවැටිනි.  ආරම්භක පිතිකරු නායක ආරොන් පින්ච් ලකුණු නොලබා කගිසෝ රබාඩාට ගොදුරු විය. දෙවන කඩුල්ල ලකුණු 20 දී බිඳ වැටිනි.  ආරම්භක පිතිකරු ඩේවිඩ් වොර්නර්   දැවී ගියේය. මිලේ මාර්ෂ්  තුන්වන කඩුල්ල ලෙස දැවී යද්දී ලකුණු පුවරුව ලකුණු 38 කි.  අනතුරුව ස්ටීවන් ස්මිත් හා ග්ලෙන් මැක්ස්වෙල් මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 80 තෙක් ඉහළ නැන්වූහ. ලකුණු 80 දී මිෂෙල් මාර්ෂ් ද,  ලකුණු 81 දී ග්ලෙන් මැක්ස්වෙල් ද දැවී ගියහ. ලකුණු 81 කඩුලු 05ක් සටහන් විය.

එහෙත් මාර්කස් ස්ටොනික් පන්දු 16ක දී ලකුණු 24ක් හා සහ කඩුලු රකින ක්‍රීඩක මැතිවු වේඩ් පන්දු 10ක දී ලකුණු 15ක් ලබාගෙන   ජයග්‍රාහී ඉලක්කය පන්දු ඕවර 19.4ක දී පසු කර ගියහ.   ඔස්ට්‍රේලියාවට කඩුලු 05ක ජයග්‍රහණයක් හිමි විය. තරගයේ වීරයා ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ජොස් හසෙල්වුඩ් නම් කෙරිනි.

අඩු ලකුණු සංඛ්‍යාවක් හමුවේ වුවද දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළහ.

මේ අතර සුපිරි වටයේ දෙවන තරගය ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා  එංගලන්ත කණ්ඩායම අතර තරගය තව ස්වල්ප වෙලාවකින් ඩුබායි හි දී ආරම්භ වීමට නියමිතය. කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම මුලින්ම පන්දු රැකීමට තීරණය කර ඇත.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

අද කොවිඩ් මරණ 19යි…

Next Post

අපේ ප්‍රශ්න විසඳගන්න ඕන චීන සමාගම් නොවේ… අපයි… චීනය මේ කරන බලපෑම නැවැත්විය යුතුයි! -අනුර කුමාර දිසානායක…

Related Posts

බංගලාදේශ -ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය… ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 397කට දැවී යයි… මැතිව්ස් 199 යි….

මැයි 16, 2022

ඔස්ට්‍රේලියාව කම්පා කරන අවුරුද්දේ තුන්වන ක්‍රිකට් මරණය… එකල පිටිය එකෙළි කළ ඇන්ඩෘ සයිමන්ස් දිවියෙන් සමු ගනී!

මැයි 15, 2022

ශාන්ත තෝමස් – ත්‍රිත්ව රගර් තරගය අවසානයේ විනිසුරුට පහර දුන් තරුණියට පොලිසියෙන් කැඳවීමක්!

මාර්තු 27, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • දේශබන්දු කියා ඇත්තේ අමූලික බොරු… ප්‍රකාශයක් දුන් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වෙයි!
  • 09 වැනිදා සිද්ධියට අත්අඩංගුවට ගත් අති බහුතරය ජ.වි.පෙ. නොවන බව පොලිසිය කීවා – විජිත හේරත්
  •  21ට එරෙහි පොහොට්ටු යෝජනාවට එකඟද නැද්ද?… පොහොට්ටුවේ 10 කණ්ඩායමේ තීන්දුව  අද සවස!
  • රට හොයන මනුස්සකම… නුවර ව්‍යාපාරිකයෙක් තමන්ගේ බස් රථ 03 සා.පෙළ දරුවන් නොමිලයේ ප්‍රවාහනයට යොදවයි….
  • පපුව අල්ලාගෙන පිටියෙන් ඉවත් වූ කුසල් මෙන්ඩිස් තරගය අතරතුර රෝහල්ගත කරයි….

ජනප්‍රිය පුවත්

  • pohottuwa

    21 නිසා  ආණ්ඩුව බෙදෙයි ?.  සියල්ල අතහැර පොහොට්ටුව බැසිල් රැකීමේ තැතක…

    272 shares
    Share 109 Tweet 68
  • මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් අගවිනිසුරුගෙන් සමාව ඉල්ලයි… ලියුම එව්වෙ නොදැනලු!

    287 shares
    Share 115 Tweet 72
  • රෝහලට යන්න ඉන්ධන ලීටරයක් නැතිව කිරි දරුවන් මැරෙනවා… දැන්වත් ඉල්ලා අස්වන්නැයි මහේල ජනපතිට කියයි!

    172 shares
    Share 69 Tweet 43
  • පෙට්‍රල් ලීටරයක් හොයාගන්න තිබිලා නෑ…   රොගී කිරි කැටි දියණිය මැරිලා…  මරණ පරීක්ෂකවරයාත් හඬා වැටෙයි…

    230 shares
    Share 92 Tweet 58
  • කැබිනට් මණ්ඩලය 25 තෙක් වැඩිවෙයි… 

    172 shares
    Share 69 Tweet 43
  • ඊයේ යාපනයේ සුපිරි නාඩු කිලෝවක් රුපියලයි…

    172 shares
    Share 69 Tweet 43

Highlights

රට හොයන මනුස්සකම… නුවර ව්‍යාපාරිකයෙක් තමන්ගේ බස් රථ 03 සා.පෙළ දරුවන් නොමිලයේ ප්‍රවාහනයට යොදවයි….

පපුව අල්ලාගෙන පිටියෙන් ඉවත් වූ කුසල් මෙන්ඩිස් තරගය අතරතුර රෝහල්ගත කරයි….

රෝහලට යන්න ඉන්ධන ලීටරයක් නැතිව කිරි දරුවන් මැරෙනවා… දැන්වත් ඉල්ලා අස්වන්නැයි මහේල ජනපතිට කියයි!

චින කඳවුරු වල අපාදුක් විදින මුස්ලිම් වැසියන් ගැන සොයන්න මානව හිමිකම් මහ කොමසාරිස් චීනයට

ඊයේ යාපනයේ සුපිරි නාඩු කිලෝවක් රුපියලයි…

ඩී.අයි.ජී දේශබන්දු වහාම බස්නාහිරින් ඉවත් කරන්න – නීතිපතිගෙන් පොලිස්පතිට නියෝගයක්!

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

දේශබන්දු කියා ඇත්තේ අමූලික බොරු… ප්‍රකාශයක් දුන් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වෙයි!

by editor
මැයි 23, 2022
0

අද ( 23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට...

09 වැනිදා සිද්ධියට අත්අඩංගුවට ගත් අති බහුතරය ජ.වි.පෙ. නොවන බව පොලිසිය කීවා – විජිත හේරත්

by editor
මැයි 23, 2022
0

පසුගිය 09 වැනිදා සවස සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist