fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ශ්‍රී ලංකා යෞවනයන් අපරාජිතව ලෝක කුසලානයේ අර්ධ අවසන්පූර්ව වටයට…

මාස 4ක් ago
in ක්‍රීඩා
454 5
0
Share on FacebookShare on Twitter

බලාපොරොත්තු සහගත  ගමනක යෙදෙන ශ්‍රී ලංකා යෞවනයෝ 19න් පහළ ලෝක කුසලාන තරගයේ විශිෂ්ට ක්‍රීඩා විලාශයක නිරතවෙමින් ඊයේ අපරාජිතව සුපර් ලීග් වටය සඳහා සුදුසුකම් ලැබූහ.

ඒ ඊයේ සත්කාරක  බටහිරි ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගයෙන් තියුණු කඩුළු 03ක ජයග්‍රහණයක් ලබා ගනිමිනි.

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි බාසෙටෙරේ ක්‍රීඩාංගනයේ දී ඊයේ පැවති තරගයේ කාසියේවාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව්වන්ට මුලින්ම පන්දුවට පහරදීමට ඇරයුම් කළේය.

බටහිර ඉන්දීය කොදෙව් යෞවනයන් පන්දු ඕවර 50 අවසානයේ දී කඩුලු 9කට ලකුණු 250ක් රැස් කළහ. කෙවින් වික්හම් ලකුණු 56ක්, ටෙඩී බිෂොප් ලකුණු 45ක්,  ජොර්දාන් ජොන්සන් ලකුණු 47ක්, රිවාල්ඩෝ ක්ලාක් ලකුණු 45ක්  බටහිර ඉන්දීය කොදෙව්වන්  එක් කළහ.

පන්දු යැවීමේ දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ  ශ්‍රී ලංකා යොවුන් නායක දුනිත් වෙල්ලාලගේ පන්දු ඕවර 10ක් යවා ලකුණු 39කට කඩුළු 03ක් බිඳහෙළුවේය.  මතීෂ පතිරණ  ලකුණු 67කට කඩුලු 02ක්, ට්‍රෙවින් මැතිව් ලකුණු 39ට කඩුල්ලක් දවා ගත්තේය.

පිළිතුරු සොයා හඹා යෑම ආරම්භ කළ ශ්‍රී ලංකා යෞවනයන්ගේ ආරම්භක පිතිකරුවන් වූයේ චමිඳු වික්‍රමසිංහ සහ සදිශ් රාජපක්ෂය. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ සදිශ් රාජපක්ෂ පන්දු 115කට මුහුණ දෙමින් ලකුණු 76ක් රැස් කළේය.  වේගවත් පිතිකරණයක යෙදුනු ශෙවොන් ඩැනියෙල් පන්දු 33ක් තුළ දී ලකුණු 34ක් රැස් කළේ හතරේ පහර පහක් සහ එක් හයේ පහරක් සමගිනි.

එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් ඉවසිලි සහගත වෘත්තීය ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ සදිශ් කඩුලු රකින ක්‍රීඩක අන්ජුල බණ්ඩාර අතර අතර සිවුවන  කඩුල්ල සඳහා ගොඩනැගූ ලකුණු 78ක සම්බන්ධතාවය තරගය ජයග්‍රහණයේ පදනම මත පිහිටවනු ලැබුවේය. තරගයේ පන්දු ඕවර 39 පන්දු 04ක් පිටියේ රැඳී සිටි සදිශ් රාජපක්ෂ දැවී යන්නේ මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 199ක්ව තිබියදීය.

ශ්‍රී ලංකා කණ්ඩායම තවත් කඩුලු දැවී යද්දී පන්දු ඕවර 48 පන්දු 2ක් තුළ දී ජයග්‍රාහී ඉලක්කය පසුකළේය. ලකුණු 28ක් ලබාගෙන රන්දුල සෝමවීර සහ ලකුණු 06ක් ලබාගෙන යසිරු රොඩ්‍රිගෝ  නොදැවී පිටියේ රැඳී සිටියහ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවනේ මැක් කෙනී ක්ලාර්ක් සහ ඉසායි තෝර්න්  කඩුලු 02 බැගින් බිඳ හෙලූහ.

ඩී කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 06ක් සහ 0.75ක දල ලකුණු වේගයක් සමග මේ වනවිට කාණ්ඩයේ ඉහළින්ම සිටී.

ශ්‍රී ලංකාව දැන්   සිම්බාබ්වේ හෝ ඇෆ්ගනිස්තානය සමඟින් බොහෝ දුරට ලබන 27 වැනිදා අර්ධ අවසන්  තරගයට ක්‍රීඩා කරනු ඇත.

තරගයේ වීරයා සදේශ් රාජපක්ෂය.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

කොවිඩ් ආසාදිතයන් ලක්ෂ හය පනී…

Next Post

පෝට් සිටියෙ ෆොටෝ ෂූට් එකක් තිස් දාහෙන් උඩ… ගෙවීම් “බෑන්ක් ඔෆ් චයිනා“ බැංකුවට…

Related Posts

බංගලාදේශ -ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය… ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 397කට දැවී යයි… මැතිව්ස් 199 යි….

මැයි 16, 2022

ඔස්ට්‍රේලියාව කම්පා කරන අවුරුද්දේ තුන්වන ක්‍රිකට් මරණය… එකල පිටිය එකෙළි කළ ඇන්ඩෘ සයිමන්ස් දිවියෙන් සමු ගනී!

මැයි 15, 2022

ශාන්ත තෝමස් – ත්‍රිත්ව රගර් තරගය අවසානයේ විනිසුරුට පහර දුන් තරුණියට පොලිසියෙන් කැඳවීමක්!

මාර්තු 27, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • චීනය මඩින්න බයිඩන් ගෙන එන ආර්ථික රාමුව
  • පොහොට්ටුව 21 ට එරෙහි වෙයි?…
  • CID ය පොලිස්පතිගෙන් පැය 05ක් පුරා ප්‍රකාශය සටහන් කරගනී…
  • බයිසිකල් මැරයා හෙවත් ගාලුමුවදොරට ගැසූ පාතාලයේ සතා නාලක සී.අයි.ඩී. අත්අඩංගුවට…
  • ඉන්දියාවේ සෘජු විදේශ අයෝජන වල සීඝ්‍ර ඉහළයාමක්

ජනප්‍රිය පුවත්

  • පොහොට්ටුව 21 ට එරෙහි වෙයි?…

    174 shares
    Share 70 Tweet 44
  • බයිසිකල් මැරයා හෙවත් ගාලුමුවදොරට ගැසූ පාතාලයේ සතා නාලක සී.අයි.ඩී. අත්අඩංගුවට…

    241 shares
    Share 96 Tweet 60
  • “කළු පාට කුරුල්ලා“ එවූ පාර්ලිමේන්තු ගොළුවාගේ පොලිස් ඇමතිකම…

    241 shares
    Share 96 Tweet 60
  • පත්කිරීමට නියමිත කැබිනට් ඇමති ධුර 07බෙදෙන්නෙ මෙහෙමයි….

    239 shares
    Share 96 Tweet 60
  • පැය 16ක් පෝලිමේ සිටි මිනිසුන් නොතකා පොලිස් පාට් දමා පුතාගේ වාහනයට තෙල් ගැසූ පොලිස් සුනඛයා!

    228 shares
    Share 91 Tweet 57
  • ඉන්ධන පෝලිමේ සිට අලුයම ගෙදර යන්න ගිය  සූරියවැව කෘෂි පර්යේෂණ නිලධාරියා වනඅලි ප්‍රහාරයකින් මරුට…

    218 shares
    Share 87 Tweet 55

Highlights

බයිසිකල් මැරයා හෙවත් ගාලුමුවදොරට ගැසූ පාතාලයේ සතා නාලක සී.අයි.ඩී. අත්අඩංගුවට…

ඉන්දියාවේ සෘජු විදේශ අයෝජන වල සීඝ්‍ර ඉහළයාමක්

“කළු පාට කුරුල්ලා“ එවූ පාර්ලිමේන්තු ගොළුවාගේ පොලිස් ඇමතිකම…

පැය 16ක් පෝලිමේ සිටි මිනිසුන් නොතකා පොලිස් පාට් දමා පුතාගේ වාහනයට තෙල් ගැසූ පොලිස් සුනඛයා!

හරීන් – මනුෂ ඇමති කම් ගැනීම ගැන නාමල් සතුටින්….

සී.අයි.ඩී. ය පොලිස්පතිගෙන් කටඋත්තර ගැනීම අරඹයි.!

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

Joe Biden

චීනය මඩින්න බයිඩන් ගෙන එන ආර්ථික රාමුව

by Lankasara News
මැයි 22, 2022
0

ආසියානු කාලපය තුල නැගී එන චීනයෙන්...

පොහොට්ටුව 21 ට එරෙහි වෙයි?…

by editor
මැයි 22, 2022
0

21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව පොහොට්ටුව...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist