fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ශ්‍රී ලංකා ජාතික බැඩ්මින්ටන් කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ බීමතින් කළ අවකෙළි හෙළිවෙයි

වසර 2ක් ago
in ක්‍රීඩා
455 5
0
Share on FacebookShare on Twitter
  • මේ අවකෙළි කරඇත්තේ පසුගිය දෙසැම්බරයේ සාග් උළෙල ඉලක්ක කර ජාතික සංචිතයේ පුහුණු වීම්වලදි
  • නේවාසික පුහුණුව ලබලා තිබෙන්නෙ බැඩ්මින්ටන් මූලස්ථානයේ දි
  • පැමිණිලි කර මාස හතක් ගියත් තවම පරීක්ෂණ නෑ..

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ නේපාලයේ පැවැති දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල නියෝජනය කළ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංචිතයේ ප්‍රබල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනකු ක්‍රීඩා උළෙල ඉලක්ක කරමින් බැඩ්මින්ටන් මූලස්ථානයේ දී නේවාසිකව පුහුණුව ලබමින් සිටියදී අවිනීත හැසිරීමක නිරතවීමේ සිදුවීමක් ‘ලංකාසර‘ට වාර්තා වෙයි.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට පෙර මාසයක් පුරා බැඩ්මින්ටන් සම්මේලන මූලස්ථානයේ දී මෙම නේවාසික පුහුණුවිම් පැවැති අතර රාත්‍රී කාලයේදී එක්තරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් එක්ව සාද පවත්වමින් මත්පැන් පානය කර ඇති බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කළේය.

එම සාදවලින් පසුව බැඩ්මින්ටන් යුගල ශූරතා අංශයේ දස්කම් දක්වන ක්‍රීඩකයකු සහ ක්‍රීඩිකාවක එකම කාමරයක රැය පහන් කර ඇතැයි ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග ‘ලංකාසර‘ ට හෙළිදරවු කළේය.

මේ සඳහා දකුණු පළාතේ ප්‍රසිද්ධ පාසලක් නියෝජනය කරන විශිෂ්ට යොවුන් ක්‍රීඩකයකු ද එක්වී සිටි බව ද වාර්තා වෙයි. මේ තිදෙනාම දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කර ඇත.

ඉහත කී සිදුවීම බැඩ්මින්ටන් සම්මේලනයේ නිලධාරින් දැනුවත්ව සිටියද, එම සිදුවීමට මාස 7ක් ගතවූවත් මෙතෙක් කිසිදු පරීක්ෂණයක් නොපැවත්වූ බවත් ආරංචි මාර්ග පවසයි.

අදාළ ක්‍රීඩිකාවගේ අවිනීත හැසිරීම බැඩ්මින්ටන් ක්ෂේත්‍රය තුළ ප්‍රකටව ඇති බවත්, ඇය මත්පැනට ලොල්වූ ක්‍රීඩිකාවක බවත් වාර්තා වෙයි.

මීට අමතරව එම සංචිතය බණ්ඩාරවෙල කේන්ද්‍ර කරමින් ද පුහුණු සැසියක් පවත්වා ඇති අතර එහිදී ද මත්පැන් සාද පවත්වා ඇතැයි ද, ඊට බැඩ්මින්ටන් පුහුණු කාර්ය මණ්ඩලයේ නිලධාරියකු ද එක්වූ බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

ජාතික බැඩ්මින්ටන් යුගල ශූරතා දිනා ඇති අදාළ ක්‍රීඩකයා මීට පෙර ද අවිනීතව හැසිරුණු අවස්ථා කිහිපයක් පිළිබඳ වාර්තා වූවත් බලධාරින් ඒ සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව එම ආරංචි මාර්ග පවසයි.

එම ක්‍රීඩකයා මීට පෙර එක්තරා අවස්ථාවකදී දැනට ජීවත්ව සිටින වයස්ගතම බැඩ්මින්ටන් නිලධාරියකුට පහත් අයුරින් බැණ වැදීමක් පිළිබඳවත් ‘ලංකාසර‘ට වාර්තා විය.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායම රන් පදක්කමක්, රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනාගැනීමට සමත්විය.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

කුඩු ජාවාරමට සැක ඉහළම නාකොටික් ලොක්කෙක් ගැන සීඅයිඩියේ උකුසු ඇස

Next Post

තෙවරප්පෙරුම මහමැතිවරණ සටනින් ඉවත් වෙයි

Related Posts

පරාජයන්ම අත්විඳි රටට ජයග්‍රහණයක්… ශ්‍රී ලංකා පිල බංගලියන් පරදවා තරගාවලි ජයක් වාර්තා කළ හැටි!

මැයි 27, 2022

බංගලාදේශ -ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය… ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 397කට දැවී යයි… මැතිව්ස් 199 යි….

මැයි 16, 2022

ඔස්ට්‍රේලියාව කම්පා කරන අවුරුද්දේ තුන්වන ක්‍රිකට් මරණය… එකල පිටිය එකෙළි කළ ඇන්ඩෘ සයිමන්ස් දිවියෙන් සමු ගනී!

මැයි 15, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • හිටපු අගමැති මහින්දගේ ආරක්ෂාව තර වෙයි… ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම දේශබන්දුට…
  • නරි නාවන්න ලෑස්ති නෑ… 21ට මගෙ සහය නෑ… විමලවීර දිසානායක ස්ථාවරය කියයි!
  • නේපාලයේ කුඩා ගුවන් යානයක් පුද්ගලයින් 22ක් සමග අතුරුදහන්…
  • අටලුගම දැරියගේ මරණය පිළිබඳ විමර්ශන පොලිස්පති අනින් සී.අයි.ඩී. යට……
  • හරිතාගාරයක් තුළ ගංජා වැවූ වැලිමඩ කාන්තාවක් පැල 1700ක් සමග අත්අඩංගුවට…

ජනප්‍රිය පුවත්

  • විදේශ ලේකම්ටත් ගෙදර යන්නට පාර කී ලාබ චීන සහන මල්ලේ කතාව!   

    218 shares
    Share 87 Tweet 55
  • අටලුගම දැරිය මරා අප  ජල ඇල මාර්ගයක වළ දමලා… ඇය අතුරු පාරකට හැරී ඇත්තේ ඇයි?. පොලිස් අවධානයට….

    223 shares
    Share 89 Tweet 56
  • අතුරුදහන් වූ  අටලුගම දැරියගේ සිරුර හමුවේ… වෙන තැනක සිට ගෙනත් දැමූවේ දැයි සැකයක්…

    223 shares
    Share 89 Tweet 56
  • “සහල් දරාගන්න බැරි  මිලකට යාවි…. “ ගැරඬි මීයෝ කා ජීවත් වූ කොරියානුවන්ගේ  අතීතය කෘෂිකර්ම ඇමති සිහි කරයි…

    203 shares
    Share 81 Tweet 51
  • අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

    281 shares
    Share 112 Tweet 70
  • අරලියගහ මන්දිරයේ සිට ආ මැරයෝ ආණ්ඩුවේ රක්ෂණයේ කෝටි 100ක් ගිල්ල හැටි ෆිච් රේටින්ග්ස් කියයි!

    211 shares
    Share 84 Tweet 53

Highlights

අටලුගම දැරියගේ මරණය පිළිබඳ විමර්ශන පොලිස්පති අනින් සී.අයි.ඩී. යට……

හරිතාගාරයක් තුළ ගංජා වැවූ වැලිමඩ කාන්තාවක් පැල 1700ක් සමග අත්අඩංගුවට…

අන්ත දූෂිත සෞඛ්‍ය සේවය නිසා ආධාර ආපහු හැරෙනවා… වෛද්‍ය ආධාර රැක ගන්න WHO සමඟ හවුල් ගිණුමක්!- කෙහෙළිය කියයි!

ගෝඨාභය  – මහින්ද පූර්ණ ආශීර්වාදයෙන්  21ට අන්නන්න කළු කුරුල්ලා වැඩ අරඹයි…  

ආර්ථිකය ස්ථාවරය කිරීමට අගමැතිගෙන් ඉහළ පෙළේ කමිටුවක්!

සහල් ආරක්ෂා කරගන්න… විකල්ප ආහාර රටාවකට හුරු වෙන්න… මහාචාර්ය බුද්ධි මාරඹේ බඩගින්නෙන් මිදෙන හැටි කියයි!

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

MAHINDA

හිටපු අගමැති මහින්දගේ ආරක්ෂාව තර වෙයි… ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම දේශබන්දුට…

by editor
මැයි 29, 2022
0

වහාම ක්‍රියාත්මකවන පරිදි හිටපු අග්‍රාමාත්‍ය  මහින්ද...

WIMALAWEERA

නරි නාවන්න ලෑස්ති නෑ… 21ට මගෙ සහය නෑ… විමලවීර දිසානායක ස්ථාවරය කියයි!

by editor
මැයි 29, 2022
0

සුජිත් හේවාජුලිගේ -   ජනාධිපතිවරයා හිර කිරීමට...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist