fbpx
සඳුදා, ජනවාරි 30, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ශ්‍රි ලංකා සංචාරය අත්හිටුවයි… කොරෝනා බය බංග්ලාදේශ ක්‍රිකට් අවුල් කරයි

by editor
ජූනි 12, 2020
in ක්‍රීඩා
440 4
Share on FacebookShare on Twitter

කොරෝනා වසංගතය හේතුවෙන් ක්‍රිකට් පුහුණුව ආරම්භ කිරීමට නොහැකිව දැඩි අපහසුතාවකට පත්ව සිටින බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ජූලි මසදී ශ්‍රී ලංකාවට නොපැමිණෙන බවට තීන්දු කර තිබේ. ඒ අනූව එම තරගාවලිය ඉදිරි කාලයකදී පැවැත්වීමට දිනයක් ලබාදෙන ලෙස බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධානීන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ.
ජාතික කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන මුෂ්ෆිකර් රහීම් ඇතුළු පිරිසක් යළිත් ක්‍රිකට් පුහුණුව ඇරඹීමට අවස්ථාව දෙන ලෙස බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කළද ක්‍රිකට් ආයතනය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.
ලබන සැප්තැම්බර් මස දි ශ්‍රී ලංකා බංගලාදේශ ටෙස්ට් තරගාවලිය පැවැත්වීම කෙරෙහි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සම්බන්ධව මෙතෙක් නිල වශයෙන් කිසිදු දැනුවත් කිරීමක් කර නැති බව ද බංග්ලාදේශ ක්‍රිකට් මෙහෙයුම් නිලධාරියා පවසයි.
කෝවිඩ් 19 වසංගතය පාලනය කළ රටවල් අතර ශ්‍රී ලංකාව ද ඉදිරියෙන් සිටින අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මේ වන විටත් පුහුණුව ආරම්භ කර තිබේ. බංග්ලාදේශ ක්‍රීඩකයන්ට තවමත් පුහුණුවීමට අවසර නොතිබුණ ද මේ සතියේ සිට ඔවුන්ට තනි තනිව පුහුණුවීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අවසර දී තිබේ. නමුත් සියලුම ක්‍රීඩකයන් තනි තනිව කරන පුහුණුවෙන් ප්‍රයෝජනයක් ගනී ද යන්න බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අවිශ්වාසයෙන් පසුවේ.
“ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සිතුවත් අපි අපේ පුහුණුවීම්වත් තවම ආරම්භ කරලා නැහැ. වඩාත් වැදගත් වන්නේ තත්ත්වය යහපත් අතට හැරෙන්නේ කවදාද යන්නයි. ඒක අපි කිව නොහැකියි. අපි තනි තනිව පුහුණු වීමට කැමැති අය විතරක් සොයනවා. නමුත් සෑම කෙනෙකුට එය කිරීමට කැමැතිද නැතහොත් එය ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට විතරක් සීමා වෙයිද කියන්න බැහැ.” යනුවෙන් බංගලාදේශ ක්‍රිකට් ආයතනය පවසයි.
ඉකුත් මාර්තු මස එංගලන්ත කණඩායම සමග පැවැත්වීමට නියමිතව තිබු ටෙස්ට් තරගාවලියද කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් ලබන ජනවාරි මාසය දක්වා කල් දැමුණි. අනතුරුව ඉන්දියානු කණ්ඩායම එක්දින තරග තුනකට සහ විස්සයි විස්ස තරග තුනකට මෙම ජුනි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණද වසංගත තත්ත්වය හමුවේ එම තරගාවලියද කල් දැමීමට දෙරටේ ක්‍රිකට් බළධාරීන් තීරණය කළේය.

RelatedPosts

ශ්‍රි ලංකාවේ ණය ඇඬියාව දික් කරන චීන  බාලගිරි දෝෂය   

වසන්ත මුදලිගේ නිදහස් කරන්නැයි ඉල්ලා අත්සන් කළ හෘද සාක්ෂියේ දිවුරුම් ප්‍රකාශය ලේඛණ 11000ක ගොනුකර නීතිපති දෙපාර්තමේන්තුවට…

මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට එල්ල වූ මරණ තර්ජන ගැන පරීක්ෂණ ගැන සෑහීමකට පත් වෙන්න බෑ… කොමිසම ජනාධිපතිගෙන් මැදිහත් වීමක් ඉල්ලයි…

Share75Tweet44
Previous Post

නිදහස් චතුරශ්‍රයේ මරණය ගැටලු සහගතයි… පොලිසිය පුළුල් විමර්ශනයක

Next Post

මෙවර කිසිඳු පෙරහැරක් ගිහින් බලන්න අවසර නෑ

Related Posts

ක්‍රීඩා

මෙහෙව් ක්‍රිකට් යළි දෑසට නොපෑ යුතු…..

ජනවාරි 15, 2023
ක්‍රීඩා

දෙවැනි තරගයත් පරාදයි… ඉන්දියාව තරගාවලිය දිනුම්…

ජනවාරි 12, 2023
ක්‍රීඩා

පන්දු ඕවර 40කට පෙර ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 215කට දැවී යයි…

ජනවාරි 12, 2023
Next Post

මෙවර කිසිඳු පෙරහැරක් ගිහින් බලන්න අවසර නෑ

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නවතම ලිපි

  • ශ්‍රි ලංකාවේ ණය ඇඬියාව දික් කරන චීන  බාලගිරි දෝෂය   
  • වසන්ත මුදලිගේ නිදහස් කරන්නැයි ඉල්ලා අත්සන් කළ හෘද සාක්ෂියේ දිවුරුම් ප්‍රකාශය ලේඛණ 11000ක ගොනුකර නීතිපති දෙපාර්තමේන්තුවට…
  • මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට එල්ල වූ මරණ තර්ජන ගැන පරීක්ෂණ ගැන සෑහීමකට පත් වෙන්න බෑ… කොමිසම ජනාධිපතිගෙන් මැදිහත් වීමක් ඉල්ලයි…
  • හිරුණිකාට එරෙහි නඩුව – නඩු විභාගයට දින නියම කිරීමට 28 වැනිදා නඩුව යළි කැඳවයි!
  • මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට මරණ තර්ජන ආවෙ ඩුබායි රාජ්‍යයෙන්…

Advertisements

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ශ්‍රි ලංකාවේ ණය ඇඬියාව දික් කරන චීන  බාලගිරි දෝෂය   
  • වසන්ත මුදලිගේ නිදහස් කරන්නැයි ඉල්ලා අත්සන් කළ හෘද සාක්ෂියේ දිවුරුම් ප්‍රකාශය ලේඛණ 11000ක ගොනුකර නීතිපති දෙපාර්තමේන්තුවට…
  • මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට එල්ල වූ මරණ තර්ජන ගැන පරීක්ෂණ ගැන සෑහීමකට පත් වෙන්න බෑ… කොමිසම ජනාධිපතිගෙන් මැදිහත් වීමක් ඉල්ලයි…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist