ශ්‍රී ලංකා පාකිස්ථාන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අවසානය. ශ්‍රී ලංකාව ප්‍රශස්ථ තැනකය.
පළමු ඉනිමේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබා දුන් ලකුණු 378ක ඉලක්කය හඹා යන පකිස්ථාන කණ්ඩායමේ කඩුලු 07ක් ලකුණු 191කට දැවී ගොසිනි.
පකිස්ථානු කණ්ඩායමේ දැනට වාර්තා වී ඇති එකම අර්ධ ශතකය ආගා සලමන්ගේය. ඔහු ලකුණු 62ක් ලබා ගත්තේය. ඒ පන්දු 126කට මුහුණ දෙමිනි. හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් එම ඉනිමට ඇතුළත් විය. පළමු තරගයේ දී පකිස්ථානය ජයගහ්‍රණය කරා ඔසවාගෙන ගිය ආරම්භක පිතිකරු අබ්දුල්ලා ෂාෆිකිව් පන්දු දෙකකට පමණක් මුහුණ දී ලකුණු නොලබා දැවී ගියේය. ඔහු අසිත ප්‍රනාන්දුට ගොදුරු විය. ඉමාම් උල් හක් ලකුණු 32ක්, මොහොමඩ් රිස්වාන් ලකුණු 24ක් හා ෆවාඩ් අලාම් ලකුණු 24ක් ලැබීය
පන්දු යැවීමේ දී රමේෂ් මෙන්ඩිස් ලකුණු 42කට කඩුළු 03ක් ලැබුවේය. ඉනිමේ මෙතෙක් විශිෂ්ට පන්දු යැවීම ඔහුගේය. ප්‍රභාත් ජයසූරිය ලකුණු 59ට කඩුළු 02ක් ලැබුවේය. අසිත ප්‍රනාන්දු සහ ධනංජය ද සිල්වා කඩුල්ල බැගින් දවා ගත්තේය.
පකිස්තානු කණ්ඩායම පළමු ඉනිමේ ශ්‍රී ලංකාවට වඩා ලකුණු 187ක් පිටුපසිනි. කඩුලු 03ක් පමණක් ඔවුන් සතුව ඇත.
අද ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 378කට දැවී ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පිතිකරණ රිද්මයට පිවිස ඇති දිනේෂ් චන්දිමාල් ලකුණු 80ක්, ඕෂධ ප්‍රනාන්දු ලකුණු 50ක්, නිරෝෂන් දික්වැල්ල ලකුණු 51ක්, සියවන ටෙස්ට් තරගය ක්‍රිඩා කරන ඈන්ජලෝ මැතිව්ස් ලකුණු 42ක් ධනංජය ද සිල්වා ලකුණු 33ක්, රමේෂ් මෙන්ඩිස් ලකුණු 35ක් ලැබීය.
Discussion about this post