අතිශය තියුණු තරගයකින් අනතුරුව රග්බි ලොව දික්විජය කළ මහා පිළිමළුන් දෙපළ වන නවසීලන්තයේ ඕල් බ්ලැක්ස් සහ දකුණු අප්‍රිකානු ස්ප්‍රින්බොක්ස් කණ්ඩායම් අතර පැවති 14වැනි ලෝක රග්බි ශූරතා අවසන් මහා තරගයේ දී ලකුණ 12-11ක විශිෂ්ඨ ජයග්‍රහණයක් සහිතව රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ සිව් වැනි වතාවටත් ලෝක ශූරතාවය දිනා ගැනනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ සමත් වූයේය.
එංගලන්තය සමග පැවති අවසන් මහා තරගයක් සේම උණුසුම් වූ අර්ධ අවසන් තරගයේ දි අවසන් මිනිත්තු කීපය තුළ මීටර් 48ක දුරක සිට දඬුවම් පහරක් සාර්ථක කරගෙන කණ්ඩායම අවසන් මහා තරගයට රැගෙන පැමිණි හැන්ඩ්‍රේ පොලාර්ඩ් දකුණු අප්‍රිකාවට ලෝක ශූරයන් කිරීම සදහා අවසන් මහා තරගයේ ද විශිෂ්ට පෙළහරක් පෑවේය..
දකුණු අප්‍රිකානු ස්ප්‍රින් බොක්ස් කණ්ඩායම මෙම තරඟාවලියේ පිට පිටම තුන්වන පිළිමළුන් පිටුදැකීමේ තරඟය ද ලකුණු එකකින් ජයග්‍රහණය කර ලෝක ශූරතාවය දිනා ගැනීමට පෙර 1995, 2007 සහ 2019 දී ලෝක ශූරතාවය දිනාගෙන තිබුණහ.
මහා උනන්දු සහගත ප්‍රෙක්ෂකයින් 80,065 ක් මැද ස්ටේඩ් ඩි ෆ්‍රාන්ස්හි දී පැවති තරගය දැඩි, සටන්කාමී ජවසම්පන්න මෙන්ම උද්වේගකර එකක් විය.
තරගයේ මුල් භාගයේ දී ම ඕල් බ්ලැක්ස් කණ්ඩායමට සිය නායකයා වූ සෑම් කේන් අහිමි වූයේය. නීති විරෝධී වැලකුමක් හේතුවෙන් කේන් රතු කාඩ්පත් දණ්ඩනයට යටත් කළ විනිසුරු වේන් බාන්ස් ඔහුව තරගයෙන් ඉවත් කරනු ලැබුවේය. ලෝක කුසලාන තරගයක දී රතු කාර්ඩ්පතක් පෙන්වා තරගයෙන් ඉවත් කළ පළමු ක්‍රීඩකයා කේන්ය.
තරගයේ ක්‍රීඩකයා වූයේ ස්ප්‍රන් බොක්ස් කණ්ඩායමේ Pieter-Steph du Toit ය. ඔහු පැවසුවේ පසුගිය තරග තුනම තරමක් දුෂ්කර වූ අතර, ඔවුන් ක්‍රීඩා කළ සෑම තරගයක්ම අවසන් තරගය වූ බවය.
එම සෑම තරගයක්ම එක ලකුණකින් ජයග්‍රහණය කිරීම එහි ඇති උණුම් තරගකාරී බව පෙන්වා තිබුනේය.
“කණ්ඩායමක් ලෙස අපි නාට්‍යාකාර ප්රවේශයකට කැමතියි. එය ජයග්රහණයන් සඳහා පසුගිය වසර කිහිපය තුළ අපට උපකාර කළා. එම ප්‍රවේශය මෙම කණ්ඩායමේ ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කරනවා…” ඔහු කීවේය.