ගාලු ක්‍රීඩාංගනයට ඇද හැළු මහා වර්ෂාව හේතුවෙන් මේ වනවිට අයර්ලන්ත ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගය තාවකාලිකව අත්හිටුවා තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායාම අයර්ලන්තයට විශිෂ්ට පිළිතුරක් ලබා දෙමින් ඇත. පන්දු 234කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සහ එක් හයේ පහරක් සමග ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක තවමත් නොදැවී කඩුල්ලේ හිඳි.

වේගවත් ප්‍රහාරයක් එල්ල කරමින් කුසල් මෙන්ඩිස් පන්දු 96ක් තුළ ලකුණු 83ක් රැස් කරගෙන ඇත. ඊට හතරේ පහර 07ක් සහ පහක් අන්තර්ගතය.
දිවා ආහාරයට පන්දු දෙකක් ඉතිරිව තිබිය දී නායක දිමුත් කරුණාරත්න ලකුණු 115කට දැවී ගියේය. එතැන් සිට කුසල් මෙන්ඩිස් සහ නිශාන් මධුෂ්ක දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 121ක සම්බන්ධතාවයක් ගොඩ නන්වා ඇත.
අයර්ලන්ත කණ්ඩායම පළමු ඉනිමේ දී ලකුණු 492ක් ලබා ගත්හ. ශතක දෙකක් වාර්තා කළහ.