කීර්ති ප්‍රනාන්දු –
ටෝකියෝහි පැවැත්වෙන පැරාඔලිම්පික් උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දිනේෂ් ප්‍රියන්ත හෙල්ල විසි කිරීම (එෆ් 46) අවසන් තරගයේදී රන් පදක්කම දිනා ගත්තේය.
ඔහු මීටර් 67.79 කින් එෆ් 46 හෙල්ල විසිකිරීමේ නව ලෝක වාර්තාවක් පිහිටුවීය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ 3 වැනි ගජබා රෙජිමේන්තුවේ සාමාජිකයකු වන 35 හැවිරිදි ඔහු අනුරාධපුර කාගම පදිංචිකරුවෙකි.
Discussion about this post