fbpx
සෙනසුරාදා, ජූනි 3, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

රාජකීය කණ්ඩායමට තවත් විශිෂ්ඨ ජයක්… කඩුළු 07කින් එක් දින තරගය ජය ගනී!

by editor
මාර්තු 24, 2023
in ක්‍රීඩා
513 6
Share on FacebookShare on Twitter

රාජකීය කණ්ඩායම තවත් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත් කරගත්තේය. ඒ  අද  එස්.එස්.සී  ක්‍රීඩාංගනයේ පැවති රාජකීය ශාන්ත තෝමස් 46වන එක් දින මහා තරගය කඩුළු 07කින් ජයග්‍රහණය කරමිනි.

අද උදේ  කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදීම තේරූ ශාන්ත තෝමස් පිළ මුළුමනින්ම අසමත් වූයේය.  රාජකීය පන්දු යන්නෝ ශාන්ත තෝමස් කණ්ඩායම නිරුත්තර කළහ.

ශාන්ත තෝමස් පිල වෙනුවෙන් හුදකලා සටනක නිරත වූ පිතිකරුවා වූයේ ආරම්භක පිතිකරු සේනාධි බුලන්කුලමය. සේනාධි ලකුණු 66ක් ලැබුවේය. හතරේ පහර 06ක් එල්ල කළේය. එක පිට එක කඩුළු බිඳ වැටෙද්දී එක අන්තයක් ආරක්ෂා කරගනිමින් ඔහු පන්දු 133කට මුහුණ දුන්නේය. එහෙත් ඔහුට සටන් සගයෙක් ඉතිරී වූයේ නැත.

මැදපෙළ පිතිකරු  මහිත් පෙරේරා පන්දු 37ක දී ලකුණු 28ක් ලැබුවේය. අකාශ් ප්‍රනාන්දු සහ සෙනෙත් හෙට්ටිආරච්චි ලකුණු 12 බැගින් ලැබූහ.

අනෙක් එකම ක්‍රීඩකයෙක්වත් ලකුනු 10 සීමාව ඉක්මවන්නට රාජකීය පන්දු යවන්නන් ඉඩ දුන්නේ නැත.

RelatedPosts

මුලු පාර්ලිමේන්තුවම එකතු වුනත් මේ වෙලාවේ රටේ ජනතාවගෙන් සියයට 50ක ඡන්ද පදනමක් නෑ… ජනපති කියයි!

හරීන් වැඩ කරන්න දෙන්නෙ නෑ… රාජ්‍ය ඇමතිනී ඩයනා හරීන් ඉදිරියේම ජනපතිට කියයි!

මීගමුව ප්‍රාදේශීය ලේකම්ගේ මරණය – අම්මා හඬා වැටෙමින් පුතා ගත කළ පීඩාකාරී ජීවිතය ගැන කියයි!

පන්දු ඕවර 148.2 ක දී සියල්ලන්ම දැවී ශාන්ත තෝමස් කණ්ඩායම රැස් කළේ ලකුණු 165ක් පමණි.

සියලුම රාජකීය පන්දු යවන්නෝ අගපත් පන්දු යැවීමක යෙදුනහ. බුලන් වීරතුංග ඕවර 08ක් යවා ලකුණු 24කට කඩුළු 02ක් ලැබුවේය. අනුෂ් පොලොන්නෝවිට ඕවර 10ක් යවා ලකුණු 23කට කඩුල්ලක් ලැබුවේය. සන්දේෂ් රාමනායක ඕවර 08ක් යවා ලකුණු 34කට කඩුළු 02ක්, නායක දසිස් මංචනායක පන්දු ඕවර 9.2ක් යවා කුණු 25කට කඩුළු 2ක් ලැබුවේය.

රනුක මලවිආරච්චි, රමිරු පෙරේරා එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි රාජකීය පිතිකරුවන්ගෙන් ශාන්ත තෝමස් පන්දු යවන්නන්ට ලැබුනේ දැවැන්ත ප්‍රහාරයකි.

ආරම්භක පිිතිකරු යුගලයෙන් අයෙක් වූ රෙහාන් පීරිස් හතරේ පහර 7ක් සහ එක් 06 පහරක් සමගින් පන්දු 107ක දී නොදැවී ලකුණු 69ක් ලැබුවේය.

උවිදු වීරසේකර පන්දු 68ක දී ලකුණු 50ක් වාර්තා කලේ හතරේ පහර 04ක් සහ හයේ පහර 02ක් සමගිනි.

මහා තරගයේ දී  රාජකීය පිලට ස්වර්ණමය ජයග්‍රහණයක පදනම දැමූ මැද පෙළ පිතිකරු,, රාජකීය නායක දසිස් මංචනායක පන්දු 28ක් තුළ හතරේ පහර 2ක් සමගින්  නොදැවී  ලකුණු 26ක් වාර්තා කළේය.

ශාන්ත තෝමස් කණ්ඩායම වෙනුවෙන් ආකාශ් ප්‍රනාන්දු සහ අශේන් පෙරේරා කඩුල්ල බැගින් වාර්තා කළහ.

රාජකීය ක්‍රීඩකයෝ පන්දු ඕවර 37ක දී කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 166ක් ලබා ජයග්‍රාහී  ඉලක්කය පසු කර ගියහ.

Tags: නවතම
Share82Tweet51
Previous Post

නීතිඥ සංගමයේ   සභාපතිවරයාගේ  ආරක්ෂාව තහවුරු කරන්න… නීතිඥ සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලයි…

Next Post

අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු… නීතිඥවරු අලුත් කඩේ උසාවිය ඉදිරියේ උද්ඝෝෂණයක…

Related Posts

ඊබ්‍රහීම් සද්‍රාන්.... පන්දු 98යි... ලකුණු 98 යි....
ක්‍රීඩා

හොඳටම පරාදයි. මේ මොකද වුනේ….

ජූනි 2, 2023
ක්‍රීඩා

ඇෆ්ගනිස්ථාන් කණ්ඩායමට ලකුණු 269ක ජයග්‍රාහී ඉලක්කයක්!

ජූනි 2, 2023
නියුට්‍රල් අම්පයර්

ඇත්තම කැප්ටන් කූල්…

මැයි 30, 2023
Next Post

අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු... නීතිඥවරු අලුත් කඩේ උසාවිය ඉදිරියේ උද්ඝෝෂණයක...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

මුලු පාර්ලිමේන්තුවම එකතු වුනත් මේ වෙලාවේ රටේ ජනතාවගෙන් සියයට 50ක ඡන්ද පදනමක් නෑ… ජනපති කියයි!

by editor
ජූනි 3, 2023
0

හරීන් වැඩ කරන්න දෙන්නෙ නෑ… රාජ්‍ය ඇමතිනී ඩයනා හරීන් ඉදිරියේම ජනපතිට කියයි!

by editor
ජූනි 3, 2023
0

suicide

මීගමුව ප්‍රාදේශීය ලේකම්ගේ මරණය – අම්මා හඬා වැටෙමින් පුතා ගත කළ පීඩාකාරී ජීවිතය ගැන කියයි!

by editor
ජූනි 3, 2023
0

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය තීරණය වනු ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය මතයි! ජපානය කියයි…

by editor
ජූනි 3, 2023
0

ගෝඨාගේ කාබනික වික්‍රමයේ තවත් ප්‍රතිඵලයක් මහ බැංකුව කියයි…

by editor
ජූනි 3, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විදෙස් විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • මුලු පාර්ලිමේන්තුවම එකතු වුනත් මේ වෙලාවේ රටේ ජනතාවගෙන් සියයට 50ක ඡන්ද පදනමක් නෑ… ජනපති කියයි!
  • හරීන් වැඩ කරන්න දෙන්නෙ නෑ… රාජ්‍ය ඇමතිනී ඩයනා හරීන් ඉදිරියේම ජනපතිට කියයි!
  • මීගමුව ප්‍රාදේශීය ලේකම්ගේ මරණය – අම්මා හඬා වැටෙමින් පුතා ගත කළ පීඩාකාරී ජීවිතය ගැන කියයි!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist