ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 50 අවසානයේ දී කඩුළු 09ක් දැවී ලකුණු 257කි.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ බංගලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පරහරදීමට ආරාධනා කළේය.
සධීර සමරවික්‍රම අවසන් පන්දුවේ හතරේ සීමාව ඉක්මවා යන්නට පහරක් එල්ල කිරීමේ ඉලක්කය යන්තමින් වැරදී ගොස් දැවී යන විට ඔහු පන්දු 72ක් තුළ ලකුණු 93ක් ලබා ගත්තේය. ඊට හතරේ පහර 06ක් සහ හයේ පහර 02ක් ඇතුළත් විය.
ශ්‍රී ලංකා ඉනිම මුලුමනින්ම කේන්ද්‍ර වූයේ සධීරගේ විශ්වාසනීය වර්නවත් පිතිරණය වටයා.
ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණි දිමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංක හොඳ ආරම්භයක් ලබා දෙනු ඇතියි විශ්වාස කළ ද දිමුත් ලකුණු 18කට දැවී ගියේය. ඊට හතරේ පහර 03ක් ඇතුළත් විය. දිමුත් දැවී යනවිට මුළු ලකුණු ගණන 34කි.
ඉන් අනතුරුව පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් අතර ලකුණු 74ක සම්බන්ධතාවයක් ගොඩනැගුනේය. කුසල් මෙන්ඩිස් ලකුණු 50ක් ලැබුවේය.

දෙවැනි කඩුල්ල ලෙස ලකුණු 40කට පැතුම් නිශ්ශංක දැවී ගියත් ඔහු විශ්වාසයෙන් පන්දුවට පහර දුන්නේය. නමුත් කුසල් මෙන්ඩිස් අද ලබා ගත්තේ වාසනාවත් සමග පැමිණි ලකුණු 50කි. ඔහු ලබා දුන් උඩපන්දු දෙකක් බංගලාදේශ ක්‍රීඩකයන් අතින් ගිලිහී ගියේය.
චරිත් අසලංකට මෙන්ම ධනංජයද සිල්වා ද පිත්ත හැසිරවූයේ විශ්වාසයකින් තොරවය. චරිත් ලකුණු 10කටත්, ධනංජය ලකුනු 06කටත් දැවී ගියේය.
නායක දසුන් ශානක ලකුනු 24ක් ලබාගෙන දැවී ගියේ සුපුරුදු පිතිකරණ රිද්මයේ අහලකටවත් නොපැමිණය. ඔහු ලකුණු 24ක් පන්දු 32ක දි ලබා ගත්තේය. ඉතාම දුර්වල ලෙස රිවස් ස්වීප් පහරක් එල්ල කිරීමට ගොස් පිටතින් යන පන්දුවක් ඔහු කඩුල්ල තුළට දමාගෙන දැවී ගියේය.
මේ ඉනිමේම කතා කරන්නට ඇත්තේ සධීරගේ පිතිකරණය ගැනය. එය ලංකාවට බලාපොරොත්තුවක් ඇති කරගතහැකි මියුරු සුබ ලකුණකි.
පන්දු යැවීමේ දි බංගලාදේශ පන්දු යවන්නන්ගේ වේගය ශ්‍රි ලංකා පිතිකරුවන් තිස්වනු ලැබුවේය. ටස්කින් අහම්ඩ් මෙන්ම 23 හැවිරිදි හසාන් මහමුද් අවසන් මොහොත වෙනකම් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පාලනය කරනු ලැබුවේය.
ටස්කින් අහමඩ් ලකුණු 62ට කඩළු 03ක්, හසන් මහ්මුද් ලකුණු 57ට කඩුළු 03ක්, ෂොරිෆුල් ඉස්ලාම් ලකුණු 48ට කඩුළු 02ක්, නසුම් අහමඩ් ලකුනු 31ට කඩුල්ලක් ලැබුවේය.
බංගලාදේශයට ලකුණු 258ක ජයග්‍රාහී ඉලක්කයක් ලැබී තිබේ.