ඉන්දියා පකිස්ථාන තරගයක් යනු ක්‍රිකට් වලටත් ටිකක් එහාට ගිය එකකි. ක්‍රීඩාව නරඹනන්නට එය වෙනම දේශපාලනික, වාර්ගික, ආගමික මූලයන් සහිතව හසුරුවන වෙනස් ආකාරයේ යුද්ධයකි. ඒ හේතුවෙන්ම ඉන්දියා පකිස්ථාන තරගයක ජය පරාජය තීරණාත්මකය. පරාජය බොහෝ දුරට ක්‍රීඩකයන්ගේ නිවෙස් ගිනි ගන්නා ආකාරයේ අපරාධයක් වන අවස්ථා තිබේ.
ලෝක කුසලානයක ඉන්දියා පකිස්ථාන තරගයකදී මේ තත්ත්වය වඩාත් තීව්ර වේ. ඒ නිසාම කිසිම කණ්ඩායමක් කුජීත වී පැරදීම භායනයකය.
එහෙත් අද ඒ දේ වුනේය. මුල සිටම අනුමාන කළ පරිදි ඉන්දියාවේ ජයග්‍රහණය සියයට 68ක සීමාවේ ඇති බව පුරෝකථනය විය. එහෙත් ඉන්දියාව හමුවේ පකිස්ථානය ලකුණු 192කට දැවී යෑමත්, ඉන්දියාව පන්දු ඕවර 30.3ක දී කඩුළු 03ක් පමණක් දැවී එම ඉලක්කය ඉක්මවා යෑමත් පකිස්ථාන කණ්ඩායම අපේක්ෂා නොකළ මට්ටමේ ප්රහාරයකි.
තරගය පැවැත්වුනේ අහමදාබාද් හි නරේන්ද්‍ර මොදි ක්‍රීඩාංගනයේ ය. කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම පකිස්ථානයට පන්දුවට පහරදීමට ආරාධනා කරමින් පන්දු රැකීම තේරුවේය.
ඉන්දීය පන්දු යවන්නෝ සැලසුම් කළ ලෙසම පකිස්ථාන ඉනිම කුඩු කර දැමූහ. පකිස්ථාන ඉනිමේ වැඩිම ලකුණු ප්‍රමාණය නායක බබාර් අසාම්ගෙනි. ඔඔහු පන්දු 58කට ලකුණු 50ක් ලැබුවේය,
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ක්‍රිකට් එපා කළ ආකාරයේ මහා ප්‍රහාරයක් එල්ල කළ කඩුළු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් පන්දු 69ක දී ලකුණු 49ක් රැස් කළේය. ඉමාම් හක් ලකුණු 36ක්, ආරම්භක පිතිකරු අබ්දුල්ලා ෂාෆිකියු ලකුණු 20ක් ලැබුවේය.
අනෙක් කිසිවෙක් ලකුණු 12කට වඩා ලබා ගත්තේ නැත. ක්‍රීඩයකින් 05 දෙනේක හිටියේ ලකුණු 10 සීමාවට පහලිනි.
පන්දු ඕවර 42.5කට පකිස්ථාන ඉනිම නිමා වන්නේ ලකුණු 191ක් ලබා ගනිමිනි.
මේ තණතීරු ගැන බොහෝ විචාරකයෝ පවසා තිබිණි. ජයග්‍රහණයක ලකුණක් දකින්නට ලකුණු 300 ඉක්මවා ලබා ගත යුතු බව පුරෝකථනය කළ පිතිකරණයට යෝග්‍ය කදිම තණතිලිවල පන්දු යැවීම වෙනම කාලාවකි.
ඉන්දීය පන්දු යවන්නෝ මේ කලාව මහා ශික්ෂණයකින් පිහුණු කර ඇති බව පෙනුණි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ජස්පිට් බුම්රා පන්දු ඕවර 07ක් යවා ලබා දුන්නේ ලකුණු 19කි. කඩුළු 02ක් ලැබුවේය.
මෙහොමඩ් සිරාජ්, හර්දික් පාණ්ඩ්‍ය, කුල්දීප් යාදේව්, රවීන්ද්‍ර ජඩේජා කඩුළු 02 බැගින් බිඳහෙලූහ.
හඹා යන්නට පැමිණි ඉන්දියානු කණ්ඩායම අනුකම්පා විරහිතව පකිස්ථාන පන්දු යවන්නන්ට පහර දුන්හ. රෝහිත් ෂර්මා පන්දු 63ක් තුළ හයේ පහර 06ක් සහ හතරේ පහර 06ක් සමගින් ලකුණු 86ක් ලැබුවේය. ශ්‍රෙයාස් අයියර් නොදැවි ලකුණු 53ක් කේ.එල් රාහුල් නොදැවී ලකුණු 19ක් ලැබුවේය.
ශුබ්මන් ගිල් ලකුණු 16ක් සහ විරාට් කෝලි ලකුණු 16ක් බැගින් ලැබූහ.
පන්දු ඕවර 30.3ක දී ඉන්දීය කණ්ඩායම කඩුළු 07 ජයග්‍රහණයක් වාර්තා කරමින් තරගය නිමා කළේය. ශහීන් ෂා ඇෆ්රිඩි කඩුළු 02ක් සහ හසන් අලි කඩුල්ලක් ලැබුවේය.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ජස්පිට් බුම්රා තරගයේ වීරයා විය.