ක්‍රයිස්චර්ච් හි දී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වෙනි දිනයේ තරගය පැවැත්වෙමින් ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් අපේක්ෂිත ප්‍රතිඵලය මුලුමනින්ම කණපිට හැරවීමට නවසීලන්ත පසු පෙළ සමත් වී තිබේ.
ඊයේ කඩුළු 05ක් දැවී ලකුණු 162ක් රැස් කරගෙන සිටි නවසීලන්ත කණ්ඩායම සියල්ලන් දැවී යන විට ලකුණු 373ක් වාර්තා කර තිබුණේය.

ඊයේ නොදැවී ක්‍රීඩා කළ ඩැරල් මිචෙල් අද සිය ශතකය වාර්තා කළේය. ඔහු ලකුණු 102කි. ඔහු මිනිත්තු 299ක් කඩුල්ලේ රැඳී සිටියේය.
පන්දු යැවීමේ දී කඩුළු 04ක් දවා ගත් මැට් හෙන්රි හතරේ පහර 10ක් සහ හයේ පහර 03ක් සමග ලකුණු පන්දු 75ක දී වේගවත් ලකුණු 72ක් ලැබුවේය.
නීල් වෝනර් හයේ පහර 03ක් සමග පන්දු 24ක දී ලකුණු 27ක් ලැබුවේ 9 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියට පැමිණය.
නවසීලන්ත ආරම්භක පිතිකරු ටොම් ලැතම් ලකුණු 67ක් රැස් කළේය.
පළමු ඉනිමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලහිරු කුමාර ලකුණු 76ට කඩුලු 03ක්, , අසිත ප්‍රනාන්දු ලකුණු 85ට කඩුළු 04ක්, කසුන් රාජිත ලකුණු 104ට කඩුලු 02ක්, ප්‍රභාත් ජයසූරිය ලකුණු 46 කඩුල්ලක් ලබා ගත්තේය.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටිති. ආරම්භක පිතිකරු ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ලකුණු 17කටත් ඕෂධ ප්‍රනාන්දු ලකුණු 28කටත් දැවී ගොස්ය. ඕවර 23ක් අවසන දී ලකුණු 61කට කඩුලු 02කි. ඈන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් පන්දුවට පහර දෙමින් සිටිති.
ශ්‍රී ලංකා කණ්ඩාය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 355කට සියල්ලෝ දැවී ගියහ.
කුසල් මෙන්ඩිස් ලකුණු 87ක්, දිමුත් කරුණාරත්න ලකුණු 50ක්, ඈන්ජලෝ මැතිව්ස් ලකුණු 47ක්, ධනංජය ද සිල්වා ලකුණු 46ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 39ක් රැස් කළේය.
පළමු ඉනිමේ දී ටිම් සවුති ලකුණු 64ට කඩුළු 05ක්, මැට් හෙන්රි ලකුණු 80කට කඩුළු 4ක් බිඳ හෙලීය.