fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

තවත් අලුත් ක්‍රීඩාංගන මොකට ද?… ඔස්ට්‍රෙලියාවටත් වඩා ක්‍රිකට් ක්‍රීඩාංගන අපට තියනවා

හිටපු ක්‍රිකට් නායක අර්ජුණ රණතුංග කියයි...

වසර 2ක් ago
in ක්‍රීඩා
432 4
0
Share on FacebookShare on Twitter
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන පමණට වඩා ඇති ලංකාව වැනි රටක විශාල මුදලක් වැය කරමින් නව ක්‍රීඩාංගන සෑදීම වෙනුවට කළ යුත්තේ තිබෙන ක්‍රීඩාංගන දියුණු කිරීම නොවේ දැයි 1996 ක්‍රිකට් ලෝක ශූරතාව දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග ප්‍රශ්න කරයි. ඔහු එසේ පැවැසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 40ක් වැය කොට ඉදිකිරීමට යෝජිත හෝමාගම දියගම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය පිළිබඳ කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.
එතරම් මුදලක් වැය කරමින් නව ජාත්‍යන්තර ක්‍රීඩාංගන සෑදීම වෙනුවට කළ යුත්තේ මේ වන විට අත්හැර දමා ඇති ඓතිහාසික තරග රැසක් පැවැති අස්ගිරිය සහ මොරටුව වැනි ක්‍රීඩාංගන දියුණු කර ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් එම මුදල් යෙදවීම බව ඒ මහතා පෙන්වා දෙයි.
‍ ” දැනටමත් ඕස්ට්‍රේලියාවට වඩා ක්‍රිකට් ක්‍රීඩාංගන අපේ රටේ තිබෙන බව  ක්‍රිකට් ලෝලීන් නොදන්නවා ඇති. විශේෂයෙන් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව, පාසල් ක්‍රීඩාංගන මෙන් ම ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය උපකරණ ලබා දීමට අවධානය යොමු විය යුතුයි. ක්‍රිකට් පුහුණුවට අවම පහසුකම් හෝ නැති පාසල් කොළඹ තිබෙනවා. පිටත් පළාත්වල මේ තත්ත්වය තවත් බරපතලයි. දේශපාලනඥයින් සතුටු කරන්න අලුතෙන් ක්‍රීඩාංගන හදනවාට වඩා ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ දරුවන් හඳුනා ගෙන ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කරන්න උදව් කරන්න.”යැයි ද අර්ජුන රණතුංග පැවැසීය.
වසරකට එකදු තරගයක් හෝ නොපැවැත්වෙන මෙරට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන බොහොමයක් ඇතැයි පවසන ඒ මහතා පසුගිය වසර තුනටම දඹුල්ල ක්‍රීඩාංගනයේ කිසිදු ජාත්‍යන්තර තරගයක් නොපැවැත්වුණු බවද හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේ පසුගිය වසර තුනටම පැවැතියේ එක් තරගයක් බවද හෙළි කළේය. එවන් වාතාවරණයකදී තවත් නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන සෑදීමේ ප්‍රයෝජනය කුමක්දැයි රණතුංග මහතා අදාළ බලධාරින්ගෙන් විමසා සිටියේය.
කොරෝනා වසංගතය නිසා ‍බොහෝ දෙනා පීඩාවට පත්ව ඇති අවස්ථාවක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩාංගනයක් සෑදීමට මෙතරම් විශාල මුදලක් වැය කිරීම අනුවණ ක්‍රියාවක් සේ සලකන රණතුංග මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙය නැවැත්වීමට අවධානය යොමු කරනු ඇතැයි තමා විශ්වාස කරන බව පැවසීය.
Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

අනවශ්‍ය ලෙස රටට බලපෑම් කරන ජාත්‍යාන්තර සංවිධානවලින් ලංකාව ඉවත් කරගන්න සූදානම්

Next Post

ගත වූ දින තුන තුළ අයහපත් කාලගුණය ජීවිත හතක් බිලි ගනී

Related Posts

පරාජයන්ම අත්විඳි රටට ජයග්‍රහණයක්… ශ්‍රී ලංකා පිල බංගලියන් පරදවා තරගාවලි ජයක් වාර්තා කළ හැටි!

මැයි 27, 2022

බංගලාදේශ -ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය… ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 397කට දැවී යයි… මැතිව්ස් 199 යි….

මැයි 16, 2022

ඔස්ට්‍රේලියාව කම්පා කරන අවුරුද්දේ තුන්වන ක්‍රිකට් මරණය… එකල පිටිය එකෙළි කළ ඇන්ඩෘ සයිමන්ස් දිවියෙන් සමු ගනී!

මැයි 15, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • 21න් විසිවෙන බැසිල් නිසා බෙදුන පොහොට්ටු මන්ත්‍රීවරුන් සමග ජනපති සඳුදා සාකච්ඡාවක…
  • බලශක්ති ඇමති  ජූනි 01 වැනිදා සිට කඩිනම් හරිත බලශක්ති සැලැස්මක් ගෙනෙයි!
  • සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට අභියෝගයක්… මාස තුනකින් ආයතන ලාභ පෙන්විය නොහැකිනම් රස්සාව ඉවරයි….
  • අරගලයට දින 50යි… පොලිස් මූලස්ථානයෙත් ආරක්ෂාව තර කර පා ගමනට අධිකරණ නියෝගයක් ගනී!
  • අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

ජනප්‍රිය පුවත්

  • හොර පාස්පෝට් නඩුවට ශෂී වීරවංශ වරදකරු වෙයි… අවුරුදු 02ක් හිරේට….

    174 shares
    Share 70 Tweet 44
  • අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

    172 shares
    Share 69 Tweet 43
  • රාජ්‍ය සේවකයින්ගේ බලාපොරොත්තු සුන්…  වැටුප් වැඩිවීමක් නෑ…

    209 shares
    Share 84 Tweet 52
  • පොලිස්පති දෙබිඩ්ඩෙක්… පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් චෝදනා… සාක්ෂි මෙන්න….

    204 shares
    Share 82 Tweet 51
  • සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙස නව ජනමාධ්‍ය ඇමති දැනුම් දෙයි!

    193 shares
    Share 77 Tweet 48
  • අවුරුද්දේ මුල් කාර්තුවේ නිමි තේ නිශ්පාදනය කිලෝ ලක්ෂ 40කින් අඩු වෙලා… නැතිවුණු විදේශ විනිමය ඩොලර් මිලියන 73ක්….

    208 shares
    Share 83 Tweet 52

Highlights

අරගලයට දින 50යි… පොලිස් මූලස්ථානයෙත් ආරක්ෂාව තර කර පා ගමනට අධිකරණ නියෝගයක් ගනී!

අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

අගමැතිගෙන් ලංකාවට ඉදිරියේ පිහිටට එන අය ගැන ඉඟියක්

සබන් නිෂ්පාදනයෙන් දියුණු වෙන ග්‍රාමීය කාන්තාවන්

රෝගීන්ට බෙහෙත්, ධීවරයින්ට භූමි තෙල් රැගත් ඉන්දියානු සහන නැවක් එයි!

සේවයට ගෙන්වන පිරිස් සීමා කර රාජ්‍ය සේවයේ වියදම් අඩු කළ හැකි ද?

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

Gotabaya Rajapaksa

21න් විසිවෙන බැසිල් නිසා බෙදුන පොහොට්ටු මන්ත්‍රීවරුන් සමග ජනපති සඳුදා සාකච්ඡාවක…

by editor
මැයි 28, 2022
0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය  සම්බන්ධව...

solar112

බලශක්ති ඇමති  ජූනි 01 වැනිදා සිට කඩිනම් හරිත බලශක්ති සැලැස්මක් ගෙනෙයි!

by editor
මැයි 28, 2022
0

කඩිනම් පුනර්ජනනීය බලශක්ති උත්පාදන සැලැස්මක් 2022...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist