fbpx
සඳුදා, දෙසැම්බර් 4, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

අපට “චියර් ” කරන්නවත් එවුන් නැති අවසන් මහා තරගයක්…

editor by editor
නොවැම්බර් 16, 2023
in ක්‍රීඩා
0
Share on FacebookShare on Twitter

ලකුණු 212කින් ලබා දිය හැක්කේ කුමණ තරගයක් දැයි සිති තිබිණි. ලෝක කුසලාන අවසන් පූර්ව තරගයක ස්වරූපය අනුව ලකුණු 212ක් යනු පීඩනයක් රහිත ජයග්‍රාහී ඉලක්කයකි. එහෙත් ඒ තරගයේ අවසන් මොහොත වනතුරු ක්‍රීකට් ක්‍රීඩාවේ ජීව ගුණය රැකගෙන තරගය අත් නොහැර කළ සටන නම් විචිත්‍ර බව කිව යුතුව ඇත.

ඔස්ට්‍රේලියාව ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා තිබේ. ඒ දකුණු අප්‍රිකානු පිල සමග කළ සටන්කාමී තරගයකින්  අනතුරුව ලබා ගත් කඩුළු 03ක ජයග්‍රහණයකින් අනතුරුවය.  අඩු ලකුණු සංඛ්‍යාවක් සහිත තරගයකදී තරගය අත් නොහැර සෑම පන්දුවක්ම කළමනාකරණය කරගන්නා ආකාරය දකුණු අප්‍රිකානු කණ්ඩායම පෙන්වා දුන්නේය.  අවසාන මොහොතේ ඒඩන් මැකරම් එවූ පන්දුවකට ඔස්ට්‍රේලියානු නායක පැට් කුමෙන්සි ලබා දුන් උඩපන්දුව කඩුළු රකින ක්‍රීඩක  ක්වින්ටන් ඩි කොක් අතින් ගිලිහී නොයන්නට තරගය මීට වඩා වෙනස් ප්‍රතිඵලයක් ලබා දෙන්නට ඉඩ තිබිණි.

අවසන් මහා තරගයට…

කෙසේ වෙතත් යළිත් වරක් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලෝක කුසලානයේ අවසන්සි මහා තරය පෙනි පෙනී  යළිත් අවාසනාවන්ත ලෙස ලෝක කුසලාන සිහිනයෙන් විසි වී   ඇත.

RelatedPosts

මහාචාර්ය රංජිත් බණ්ඩාරට ක්‍රිකට් විමර්ශනවලදී කෝප්  සභාපති පුටුව අහිමියි!

චමරි ලෝ ප්‍රකට නවසීලන්ත Super Smash  ලීගය සඳහා Northern Brave කණ්ඩායම සමග ගිවිසුම්ගත වෙයි!

ඉන්දියා – ඔස්ට්‍රේලියා ලෝක කුසලාන අවසන් මහා තරගය ගැන පෙරවදනක්!

කාසියේ වාසිය දිනුවේ දකුණු අප්‍රිකානු කණ්ඩායමය. අප සිතුවේ  වාසනාව ඔවුන් සතු බවය. තමන්ගේ කණ්ඩායම ලෝක වාර්තා තබා පරාජය වී මව් රටට පැමිණ විවේක සුවයෙන් රූපවාහිනිය ඉදිරියේ අවසන් පූර්ව වටය අපත් සමගම ගෙවල්වල සිට නරඹන විට ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් වඩාත් කැමති වූයේ දකුණු අප්‍රිකාව ඉන්දියාව සමග තරග වදින අවසන් මහා තරගයක් නැරඹීමටය.  එය සුන් වී ගියේය.

ක්වින්ටන් ඩි කොක් ලකුණු 03කි. නායක ටොම්බා බවුමා ලකුනු ලැබුවේ නැත.  රසෙල්ඩි වැන් ඩර් ඩුසේන් ලකුණු 06කි. ඒඩන් මැක්රම් ලකුණු 10කි.  පළමු ක්‍රීඩකයන් හතර දෙනාම කණ්ඩායමට එක් කරන්නේ ලකුණු 19කි. ලකුණු 24ක දී කඩුළු 04ක් දැවී ගොස්ය.

ක්වින්ටන් ඩි කොක්… පරාජයේ වේදනාවත් සමග…

එහෙත් 5වන කඩුල්ල වෙනුවෙන්  හෙන්රිච් ක්ලාසන් සහ ඩේවිඩ් මිලර් අතර සටන්කාමී ලකුණු 95ක සම්බන්ධතාවයක් ගොඩනැගුනේය. 5 වැනි කඩුල්ල ලෙස හෙන්රිච් ක්ලාසන් දැවි යන විට ලකුණු පුවරුව ලකුණු 119කි. 6වැනි කඩුල්ල ලෙස පිටියට පැමිණි තරුණ ක්‍රීඩක මාර්කෝ  ජන්සන් තමන් මුහුණ දුන් පළමු පන්දුවේම දැවී ගියේය. 119 දී හය වැනි කඩුල්ලත් බිඳ වැටුනේය. ලකුණු 200 සීමාව ඉක්මවා යනු නොසිතන තරමේ පීඩනයක දකුණු අප්‍රිකානු කණ්ඩායම වැටුනේය.

එහෙත් මැදපෙළ පිතිකරු ඩේවිඩ් මිලර් බිඳවැටෙන කණ්ඩායමක් ගොඩනන්වන ආකාරයට ලෝක ආදර්ශයක් වෙමින් එක් අන්තයක් රැකගෙන පන්දු 116ක දී හතරේ පහර 08ක් සහ හයේ පහර 05ක් සමගින් ලකුණු 101ක් රැස් කළේය. මුළු කණ්ඩායමම රැස් කළ ලකුණු 212න්  101ක් ඩේවිඩ් මිලර් ගේ ය. ලකුණු 47ක් හෙන්රිච් ක්ලාසන්ගේ ය. ඉතිරි පිති කරුවන් 09 දෙනාම රැස් කර තිබුණේ ලකුණු 64කි.

පන්දු යැවීමේ දී මිෂෙල් ස්ටාර්ක් ලකුණු 34ට කඩුළු 3ක්, නායක පැට් කුමින්ස් ලකුණු 51ට කඩුළු 03ක්, ජොස් හසල්වුඩ්  ලකුණු 12ට කඩුළු 02ක් සහ ට්‍රවිස් හෙඩ් ලකුණු 21ට කඩුළු 02ක් ලැබුවේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ඔස්ට්‍රේලියානු පිතිකරුවො  ඊඩන් ගාර්ඩන් තණතීරුවේ අපහසුවකින් තොරව පන්දුවට පහර දෙමින්  පළමු කඩුල්ල සඳහා ලකුණු 60ක සාර්ථක ආරම්භයක් ලබා ගන්නේය. ඔවුන් ලකුණු 60ක් ලබා ගන්නේ ඕවර 06කිනි. වේගය  ඕවරයට ලකුණු 10කි.

එහෙත් ඔස්ට්‍රේලියානු 02 කඩුල්ල ලකුණු 61 දී බිඳ වැටෙන්නේය. ඒ මිෂෙල් මාර්ෂ් ලකුණු නොලබා දැවී යාමෙනි. ට්‍රවිස් හෙඩ් ලකුණු 62ක් ලබා ගන්නේය. ස්ටීවන් ස්මිත් ලකුණු 30කි.  මානස් ලබුස්චාන් ලකුණු 18කි.  නොතිබූ ජයග්‍රහණයක් රැගෙන ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අන්දමන්ද කළ ග්ලෙන් මැක්ස්වෙල් ලබා ගත්තේ එක් ලකුණකි.

මැක්ස්වෙල්ගේ දැවී යාමත් සමග දකුණු අප්‍රිකානු කණ්ඩායම තියුණු තරගයකට එළඹුනහ. ලකුණු 137ට කඩුළු 05ක් දැවී ගියේය.  කේෂේව් මහරාජ් මෙන්ම ටබ්‍රයිස් ෂම්සි ඔස්ට්‍රේලියානු කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කළේය. ඒඩන් මැක්රම් දඟ පන්දු යවන්නෙක් ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායම බැඳ දැම්මේය.

තරගයේ මනරම් සටන්කාමී පන්දු යැවීම රූපණය කලේ යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක ජෙරල්ඩ් කොඑට්සිය. ඔහුගේ පන්දු වේගය පැයට කිලෝමීටර 150 ඉක්මවා ගියේය. ඒ වේගපන්දු යවන ප්‍රාහාරක පීඩනයෙන් මිදුනේ පන්දුව නවත්වාගන්නට පිත්ත රුවා සිටිද්දී පිත්තේ වැදෙන පන්දු හතර අතේ ඇදී යාමෙනි.

අවසන් මහා තරගය දැක දැක යළිත් පරාදයි…

තරගය නිමා කළ පිතිකරුවන් දෙදෙනා වූ මිචෙල් ස්ටාක් මෙන්ම නායක පැට් කුමින්ස් කොඑට්සි අභියස දැඩිව අසරණ වූයේය.

කෙසේ වෙත්ත අද වාසනාව තිබුණේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමගය. ලබා ගත යුතුම පහසු උඩපන්දුවක් කඩුළු රකින ඩිකොක් අතින් ගිලිහී ගියේය.  අවසන් පන්දුව දක්වා දැඩි පීඩනයක් එල්ල කරමින් ක්‍රීඩා කිරීමට දකුණු අප්‍රිකාව කටයුතු කළේය. කෙසේ වෙතත් දැන් ඔස්ට්‍රේලියාව අවසන් මහා තරගයේය.

පන්දු යැවීමේ දී ජෙරල්ඩ් කොඑට්සි කඩුළු 02ක්, ටබ්‍රයිස් ෂම්සි කඩුළු 02ක්,  කේෂේව් මහරාජ්, කගිසො රබාඩා, ඒඩන් මැක්රම් කඩුල්ල බැගින් ලබා ගත්හ.

අද ඊඩන් ගාර්ඩන් තණතිරුව ඊයේ වෙන්කඩේ තණ තීරුවට වඩා හාත්පසින් වෙනස්ය.  ඉරිදා  අවසන් මහා තරගය පැවැත්වෙන අහමදාබාද් තණතීරුව කෙසේ හැසිරේදැයි අප දන්නේ නැත. බොහෝ විට ඉන්දියාවට ගැලපෙන ලෙස එය හැසිරෙනු ඇතැයි ලෝකයේම ක්‍රිකට් රසිකයෝ අනුමාන කරති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට නම්  මේ මහා තරගය උපේක්ෂාවෙන් බැලිය හැකිය. මේ කණ්ඩායම් දෙකම  සම්බන්ධව අපේ ප්‍රේක්ෂකයන්ගේ විශේෂ ආකර්ශනයක් නැත. ඒ නිසා කවුරු දිනුවත් පැරදුනත් එකය.  අපේක්ෂාව තියුණු අවසන් මහා තරගයක් බැලීමය. ඉන්දියාව ඒ අපෙක්ෂාව සුන් නොකරනු ඇතැයි විශ්වාස කරමු.

Tags: නවතම
Share107Tweet67

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

මේ කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තුවටත් අගෞරවයක්… වගකීම නොදත් ඔහුව ඉවත් කරන්නැයි ශ්‍රී ලංකා විගණන සේවා සංගමය කථානායකගෙන් ඉල්ලයි!

Next Post

ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු කියන කතාව… දිස්ත්‍රික්ක 08ක දරුවන්ට ශිෂ්‍යත්වය පාස් වෙන්න විෂයයකට ලකුණු 77ක් ගන්න වෙලා!

RelatedPosts

Ranjith-Bandara
ක්‍රීඩා

මහාචාර්ය රංජිත් බණ්ඩාරට ක්‍රිකට් විමර්ශනවලදී කෝප්  සභාපති පුටුව අහිමියි!

නොවැම්බර් 25, 2023
චමරි ලෝ ප්‍රකට නවසීලන්ත Super Smash  ලීගය සඳහා Northern Brave කණ්ඩායම සමග ගිවිසුම්ගත වෙයි!
ක්‍රීඩා

චමරි ලෝ ප්‍රකට නවසීලන්ත Super Smash  ලීගය සඳහා Northern Brave කණ්ඩායම සමග ගිවිසුම්ගත වෙයි!

නොවැම්බර් 21, 2023
ඉන්දියා – ඔස්ට්‍රේලියා ලෝක කුසලාන අවසන් මහා තරගය ගැන පෙරවදනක්!
ක්‍රීඩා

ඉන්දියා – ඔස්ට්‍රේලියා ලෝක කුසලාන අවසන් මහා තරගය ගැන පෙරවදනක්!

නොවැම්බර් 18, 2023
Next Post
ශිෂ්‍යත්වය සහ උසස්පෙළ විභාග කල් යයි…

ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු කියන කතාව... දිස්ත්‍රික්ක 08ක දරුවන්ට ශිෂ්‍යත්වය පාස් වෙන්න විෂයයකට ලකුණු 77ක් ගන්න වෙලා!

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

    ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

    5297 shares
    Share 2119 Tweet 1324
  • රුපියල් බිලයන 918ක් පොළු තියපු උන්ගෙන් ණය  අය නොකර බැංකු විකුණන්න ආවොත් වෙන දේ ලංකා බැංකු සේවකයෝ   රජයට කියති!

    187 shares
    Share 75 Tweet 47
  • ඩයනා නිසා කොළේ ඉරාගත්තු චමල් වරප්‍රසාද කමිටුවත් විහිලුවක් කර පාර්ලිමේන්තුව දෙකේ කොළේට දැම්ම හැටි…

    804 shares
    Share 322 Tweet 201
  • රාජ්‍ය බැංකු විකුණන්න ඕන නෑ… මහජන බැංකුවට සහ ලංකා බැංකුවට බිලියන 80ක් පොලු තැබූ ව්‍යාපාරිකයන් 10න්  ඒ මුදල් අය කරගන්න…

    373 shares
    Share 149 Tweet 93
  • ෂම්මි කෝටි තුනකට ආසන්න බදු වංචාවක් සිදුකළ හැටි පාර්ලිමේන්තුවේ දී හෙළි වෙයි!

    771 shares
    Share 308 Tweet 193
  • වැරදි දත්ත මත විදුලි බිල වැඩිකර ලංවිම පාරිභෝගිකයා සමග රටේ ආර්ථිකයක්  විනාශ කළ හැටි ජනක රත්නායක හෙළි කරයි…  

    235 shares
    Share 94 Tweet 59

නවතම ලිපි

Shani-Abesekara

ශානි මහපාරේ මරා දමන්න සූදානම්… නීතිපති අභියාචනාධිකරණයට කියයි!

by editor
දෙසැම්බර් 4, 2023
0

මම ගත්ත තීන්දුව මේ රටේ ජනතාව පිළිගනී… ක්‍රීඩා ඇමති පවසයි!

ෂම්මි රොෂාන් රණසිංහට විරුද්ධව අල්ලස් කොමිසමට යයි…

by editor
දෙසැම්බර් 4, 2023
0

ශ්‍රී ලංකා 19න් පහළ සංචිතය නම් කරයි… නායකත්වය රාජකීයේ සිනෙත් ජයවර්ධනට!

ශ්‍රී ලංකා 19න් පහළ සංචිතය නම් කරයි… නායකත්වය රාජකීයේ සිනෙත් ජයවර්ධනට!

by editor
දෙසැම්බර් 4, 2023
0

ජාතික ක්‍රීඩා සභාවෙන් අර්ජුන  ඉවත් කරන්න හරින්ගේ තීන්දු කරයි…

ජාතික ක්‍රීඩා සභාවෙන් අර්ජුන ඉවත් කරන්න හරින්ගේ තීන්දු කරයි…

by editor
දෙසැම්බර් 4, 2023
0

ශ්‍රී.ල.නි.ප සහ පොහොට්ටුව අදත් පාර්ලිමේන්තුවේ දී ගැටෙයි… යනවනම් යන්න… යළිත් ශ්‍රි.ල.නි.ප.යට කියයි!

කට වහන්න ගිය රොෂාන් රණසිංහට කතා කරන්න වෙලාව ලබුණු හැටි…

by editor
දෙසැම්බර් 4, 2023
0

නවතම ලිපි

ඉසෙඩ් ඩී ඇලට වැටුනු වන අලි  02ක් ගලවා ගත් මෙහෙයුම….

ඉසෙඩ් ඩී ඇලට වැටුනු වන අලි 02ක් ගලවා ගත් මෙහෙයුම….

by editor
දෙසැම්බර් 4, 2023
0

සම්පන්ධන් ජනවාරියේ විශ්‍රාම යයි… ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ  මී ළග නායකත්වයට කොළඹ සුමන්තිරන් සහ කිළිනොච්චියේ ශ්‍රී ධරන් අතර සටනක්!

සම්පන්ධන් ජනවාරියේ විශ්‍රාම යයි… ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ  මී ළග නායකත්වයට කොළඹ සුමන්තිරන් සහ කිළිනොච්චියේ ශ්‍රී ධරන් අතර සටනක්!

by editor
දෙසැම්බර් 4, 2023
0

අවුරුදු 103කට පසු මහව අනුරාධපුර දුම්රිය මාර්ග කොටස සම්පූර්ණ අලුත්වැඩියාවක… ජනවාරියේ සිට මාස 07ක් අනුරාධපුර දුම්රිය ගමන නවතී!

අවුරුදු 103කට පසු මහව අනුරාධපුර දුම්රිය මාර්ග කොටස සම්පූර්ණ අලුත්වැඩියාවක… ජනවාරියේ සිට මාස 07ක් අනුරාධපුර දුම්රිය ගමන නවතී!

by editor
දෙසැම්බර් 4, 2023
0

රටක ඛේදවාචකය…. ඔහු කවුදැයි අපේ දරුවන්ට කියා දෙන්නට ඔහු මැරෙන තුරු ඉන්නට සිදු විය…

රටක ඛේදවාචකය…. ඔහු කවුදැයි අපේ දරුවන්ට කියා දෙන්නට ඔහු මැරෙන තුරු ඉන්නට සිදු විය…

by editor
දෙසැම්බර් 4, 2023
0

Janaka-Rathnayake

වැරදි දත්ත මත විදුලි බිල වැඩිකර ලංවිම පාරිභෝගිකයා සමග රටේ ආර්ථිකයක්  විනාශ කළ හැටි ජනක රත්නායක හෙළි කරයි…  

by editor
දෙසැම්බර් 3, 2023
0

දෙයියන්ගේ පිහිටයි… ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පැවති විකිරණ යන්ත්‍ර දෙකම බිඳ වැටෙයි…

දෙයියන්ගේ පිහිටයි… ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පැවති විකිරණ යන්ත්‍ර දෙකම බිඳ වැටෙයි…

by editor
දෙසැම්බර් 3, 2023
0

සමෘද්ධි ලාභීන් ව්‍යවසායකයන් කරන කාන්තාවන් නොහිතන තැනක තබන, රට ගිය තරුණයින්ටත් එන්න හිතෙන රටක් දින වකවානු ඉදිරිපත් කර හදනවා – දිලිත් ජයවීර

සමෘද්ධි ලාභීන් ව්‍යවසායකයන් කරන කාන්තාවන් නොහිතන තැනක තබන, රට ගිය තරුණයින්ටත් එන්න හිතෙන රටක් දින වකවානු ඉදිරිපත් කර හදනවා – දිලිත් ජයවීර

by editor
දෙසැම්බර් 3, 2023
0

තවත් අධිකරණයක නඩු භාණ්ඩ ගබඩාවක් සුද්ද කරයි… වැල්ලවාය අධිකරණයේ අධිකරණ නඩුභාණ්ඩ ගබඩාවේ තිබූ ගංජා  අධිකරණ සේවකයෙක්  තොගේට විකුණලා…

තවත් අධිකරණයක නඩු භාණ්ඩ ගබඩාවක් සුද්ද කරයි… වැල්ලවාය අධිකරණයේ අධිකරණ නඩුභාණ්ඩ ගබඩාවේ තිබූ ගංජා අධිකරණ සේවකයෙක් තොගේට විකුණලා…

by editor
දෙසැම්බර් 3, 2023
0

ගාල්ල දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ  2024 සඳහා අධුනිකයින් බඳවා ගැනීම ඇරඹෙයි!

ගාල්ල දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 2024 සඳහා අධුනිකයින් බඳවා ගැනීම ඇරඹෙයි!

by editor
දෙසැම්බර් 3, 2023
0

සිතුල්පව්ව නා හිමිගේ ආදාහන පූජෝත්සවය අනිද්දා…

සිතුල්පව්ව නා හිමිගේ ආදාහන පූජෝත්සවය අනිද්දා…

by editor
දෙසැම්බර් 3, 2023
0

  • Trending
  • Comments
  • Latest
ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

දෙසැම්බර් 1, 2023
rain

හෙට සිට යළිත් දෙගොඩතලා යන මහ වරුසාවක්…! කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි!

නොවැම්බර් 28, 2023
රටට රන් පැලැන්දූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවට යාපනයේ දී උපහාර…

රටට රන් පැලැන්දූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවට යාපනයේ දී උපහාර…

1
Shani-Abesekara

ශානි මහපාරේ මරා දමන්න සූදානම්… නීතිපති අභියාචනාධිකරණයට කියයි!

දෙසැම්බර් 4, 2023
මම ගත්ත තීන්දුව මේ රටේ ජනතාව පිළිගනී… ක්‍රීඩා ඇමති පවසයි!

ෂම්මි රොෂාන් රණසිංහට විරුද්ධව අල්ලස් කොමිසමට යයි…

දෙසැම්බර් 4, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ශානි මහපාරේ මරා දමන්න සූදානම්… නීතිපති අභියාචනාධිකරණයට කියයි!
  • ෂම්මි රොෂාන් රණසිංහට විරුද්ධව අල්ලස් කොමිසමට යයි…
  • ශ්‍රී ලංකා 19න් පහළ සංචිතය නම් කරයි… නායකත්වය රාජකීයේ සිනෙත් ජයවර්ධනට!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.