fbpx
සඳුදා, ජනවාරි 30, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

කොවිඩ් ගෙදරටම ගෙන්වා ගත් ලෝකයේ නොම්බර 01 ටෙනිස් ක්‍රීඩකයා

ලොව නොම්මර එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ඩිජොකෝවික්ට කොවිඩ් ආසාදනය වෙයි

by editor
ජූනි 24, 2020
in ක්‍රීඩා
438 4
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

කොවිඩ් වෛරසයේ අවදානම මැද  ලොව පුරා සියලුම ටෙනිස් තරගාවලි කල් දැමීමට හෝ අවලංගු කිරීමට තරග සංවිධායකයන් පියවර ගනිද්දී සර්බියාවේ අගනුවර වන බෙල්ග්‍රෙඩ් හී ප්‍රදර්ශනාත්මක ටෙනිස් තරගාවලියක් සංවිධානය කිරීමට අත හිත දීමට ද, ඊට තරග කිරීමට ද ඉදිරිපත් වූ ලොව නොම්මර එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ඩිජොකෝවික් කොවිඩ් වසංගතය ගෙදරටම ගෙන්වා ගත්තේය. ඔහුට මෙන්ම ඔහුගේ බිරිඳ ජෙලිනාට ද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි අද තහවුරු විය.  වාසනාවකට මෙන් ඔවුන්ගේ දරුවන් ඊට ගොදුරු වී නොමැති බව වාර්තා විය. 

ඇඩිරියා ටුවර් නමින් සංවිධානය වූ මේ තරගාවලිය කොවිඩ් වසංගතය නිසා වසා දැමුණු ටෙනිස් පිටියේ හැම අතින්ම පැවැති පළමු තරගාවලිය ද විය. එහි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ නොවැක්ගේ සොයුරු ඩිජෝඩ්ජි ය. 

සර්බියාවේ සහ ඊට යාබදව පිහිටි රට වන ක්‍රොඒෂියාවේ දී අදියර දෙකකින් යුතුව පැවැත්විමට සූදානම් කළ මේ තරගාවලියට දැනට සර්බියාවේ රැඳී සිටින බල්ගේරියානු ක්‍රීඩක ග්‍රිගෝර් දිමිත්‍රොව් ද එක්වූ අතර පළමුව කොවිඩ් වෛරසයට ගොදුරු වූයේ ඔහුය. ඉන් අනතුරුව තරගාවලියේ ඉතිරි තරගත්, ක්‍රොඒෂියාවේ පැවැත්විමට සුදානම් කළ එහි දෙවැනි අදියරේ තරගාවලියත් අවලංගු කිරිමට පියවර ගෙන තිබිණි. 

RelatedPosts

ශ්‍රි ලංකාවේ ණය ඇඬියාව දික් කරන චීන  බාලගිරි දෝෂය   

වසන්ත මුදලිගේ නිදහස් කරන්නැයි ඉල්ලා අත්සන් කළ හෘද සාක්ෂියේ දිවුරුම් ප්‍රකාශය ලේඛණ 11000ක ගොනුකර නීතිපති දෙපාර්තමේන්තුවට…

මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට එල්ල වූ මරණ තර්ජන ගැන පරීක්ෂණ ගැන සෑහීමකට පත් වෙන්න බෑ… කොමිසම ජනාධිපතිගෙන් මැදිහත් වීමක් ඉල්ලයි…

එහෙත් ඒ වනවිට වෛරසය ක්‍රීඩකයන් වෙත සමීපව තිබූ අතර තරගාවලියට ක්‍රීඩා කළ තවත් සර්බියානු ක්‍රීඩකයකු වන බෝර්නා කොවික් ද ඊට ගොදුරු වූ බව වාර්තා විය. මේ සිදුවීම ලොව පුරා බොහෝ ටෙනිස් ක්‍රීඩකයන්ගේ දැඩි විවේචනයට ලක්වූ අතර එවැනි අවදානමක් මැද තරගාවලියකට එක්වීම ගැන ඔවුහු සිය සගයන්ට නොසෑහෙන සේ දෝෂාරෝපණය කළහ. ටෙනිස් තරගාවලිය අතරතුර විනෝදය පිණිස ඉහත කී ක්‍රීඩකයන් බාස්කට් බෝල් ක්‍රීඩාවේ ද නිරතව තිබිණි. ඒ සඳහා එක්වූ තවත් ක්‍රීඩකයකු වන ඇලෙක්සැන්ඩර් ස්වේර්වෝට කොවිඩ් වෛරසය ආසාදනය වූ බවට මෙතෙක් තහවුරු කර නොමැත. කෙසේ වුවත් ඔහුගේ තත්ත්වය ද ඒ හා සමාන වනු ඇතැයි සර්බියානු පුවත්පත් වාර්තා කළේය.

සර්බියාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද වනවිට 13,092ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර සිදුවූ මරණ සංඛ්‍යාව 263කි. එරට තත්ත්වය ක්‍රමයෙන් යහපත් අතට හැරෙමින් පවතින බැවින් සෞඛ්‍ය තහංචි තරමක් ලිහිල් කර තිබිණ. කෙසේ වෙතත් සමාජ දුරස්ථභාවය ආදි උපදෙස් ගණනාවක් එරට සෞඛ්‍ය අංශ මහජනතාවට ලබා දී තිබුණත් මෙම ටෙනිස් තරගාවලියට එක්වූ ක්‍රීඩකයන් මෙන්ම ක්‍රීඩාලෝලීන් ද ඒ පිළිබඳ සැළකිල්ලක් නොදක්වා ඇතැයි ද වාර්තා විය.මෙම ප්‍රදර්ශන තරගාවලිය නැරැඹීමට ක්‍රීඩාලෝලීන් 4,000කට අධික පිරිසක් එක්රොක්වී ඇති අතර තරග නිමාවෙන් පසුව එරට අගනුවර වන බෙල්ග්‍රේඩ් හී රාත්‍රී සමාජශාලාවල ඔවුන් තර්තනයේ යෙදෙමින් විනෝද වූ බව ද වාර්තා විය. 

 

Tags: නවතම
Share70Tweet44
Previous Post

කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් සිනමන්ග්‍රෑන්ඩ් බෝම්බකරුට තඹ වරප්‍රසාද ලද හැටි හෙළිවෙයි

Next Post

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන් 10කට කොරෝනා

Related Posts

ක්‍රීඩා

මෙහෙව් ක්‍රිකට් යළි දෑසට නොපෑ යුතු…..

ජනවාරි 15, 2023
ක්‍රීඩා

දෙවැනි තරගයත් පරාදයි… ඉන්දියාව තරගාවලිය දිනුම්…

ජනවාරි 12, 2023
ක්‍රීඩා

පන්දු ඕවර 40කට පෙර ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 215කට දැවී යයි…

ජනවාරි 12, 2023
Next Post

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන් 10කට කොරෝනා

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නවතම ලිපි

  • ශ්‍රි ලංකාවේ ණය ඇඬියාව දික් කරන චීන  බාලගිරි දෝෂය   
  • වසන්ත මුදලිගේ නිදහස් කරන්නැයි ඉල්ලා අත්සන් කළ හෘද සාක්ෂියේ දිවුරුම් ප්‍රකාශය ලේඛණ 11000ක ගොනුකර නීතිපති දෙපාර්තමේන්තුවට…
  • මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට එල්ල වූ මරණ තර්ජන ගැන පරීක්ෂණ ගැන සෑහීමකට පත් වෙන්න බෑ… කොමිසම ජනාධිපතිගෙන් මැදිහත් වීමක් ඉල්ලයි…
  • හිරුණිකාට එරෙහි නඩුව – නඩු විභාගයට දින නියම කිරීමට 28 වැනිදා නඩුව යළි කැඳවයි!
  • මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට මරණ තර්ජන ආවෙ ඩුබායි රාජ්‍යයෙන්…

Advertisements

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ශ්‍රි ලංකාවේ ණය ඇඬියාව දික් කරන චීන  බාලගිරි දෝෂය   
  • වසන්ත මුදලිගේ නිදහස් කරන්නැයි ඉල්ලා අත්සන් කළ හෘද සාක්ෂියේ දිවුරුම් ප්‍රකාශය ලේඛණ 11000ක ගොනුකර නීතිපති දෙපාර්තමේන්තුවට…
  • මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට එල්ල වූ මරණ තර්ජන ගැන පරීක්ෂණ ගැන සෑහීමකට පත් වෙන්න බෑ… කොමිසම ජනාධිපතිගෙන් මැදිහත් වීමක් ඉල්ලයි…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist