fbpx
ඉරිදා, පෙබරවාරි 5, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් ලොක්කා විස්සයි විස්ස ලෝක කුසලානයට පස්ස ගසයි…

by editor
ජූනි 18, 2020
in ක්‍රීඩා
432 4
Share on FacebookShare on Twitter

ඔස්ට්‍රෙලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන යොදා ගත් දිනයේදී පැවැත්වීමට නොහැකිව කල් දැමීමට සිදුවන බව ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් සභාපති අර්ල් ඒන්ග්ස් පවසයි. ඒ අනූව අයි.සී.සී.යට ඉදිරිපත් කළ හැකි කරුණු රාශියක් ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් ආයතනය මේ වන විට ලබාදී තිබේ.
මේ වන විට ව්‍යාප්තව පවතින කෝවිඞ් 19 වසංගතය ඔස්ට්‍රෙලියානු පාලනය කර තිබුණද අනෙක් රටවල එසේ නොවීමෙන් තරගාවලිය සංවිධානය කිරීම අසීරු වන බව ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් සභාපතිවරයාගේ විශ්වාසය වී තිබේ. “කෝවිඩ් නිසා රටවල් 16කම කණ්ඩායම් ඔස්ට්‍රෙලියාවට ගෙන්වා ගැනීමට උත්සාහ කිරීම යථාර්ථවාදී නොවෙයි. අපි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට විකල්ප කිහිපයක් යෝජනා කර තිබෙනවා. අපි අපේක්ෂා කරනවා ඒවා බලලා ඔවුන් ලබන මාසයේදී තීරණයක් ගනියි කියලා.” යනුවෙන් ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් සභාපති අර්ල් එඩින්ග්ස් පවසයි.
රටවල් 16 ක් තරග වදින මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ලබන ඔක්තෝම්බර් 18 වැනිදා සිට නොවැම්බර් 15 වැනිදා දක්වා පැවැත්වීමට යෝජිතව තිබේ.
එම තරගාවලියේ පුහුණු තරග හැර සමස්ත තරග 45 ක් පැවැත්වේ. ඊට අමතරව සුදුසුකම් ලැබීමේ වටයක්ද පැවැත්වෙන අතර කෝවිඩ් 19 තත්ත්වය හමුවේ සියලුම කණ්ඩායම් දින 14 ක නිරෝධනයකින් පසුව තරගාවලියට සහභාගි විය යුතුව තිබේ.
“සියලුම ජාතික ක්‍රීඩා මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවද වෙනසක් කරා ගමන් කරමින් ඉන්නවා. මෑත මාසවලදී කෝවිඩ්19 මගින් අවිනිශ්චතා බොහොමයක් ක්‍රීඩාවලට පැමිණියා. මේ අවස්ථාවේදී දුෂ්කර තීරණ ගැනීමට සිදුවෙනවා.” යැයි විස්සයි විස්ස ලෝක කුසලානයේ හිටපු ප්‍රධාන නිලධාරියා වූ කෙවින් රොබට්ස් පවසයි. ඔහුගේ තනතුරේ රාජකාරිය කිරීමට තවත් මාස 18 ක් තිබියදී ඔහු ඉල්ලා අස්විය. ඒ අනුව නව විස්සයි විස්ස ලෝක කුසලාන ප්‍රධාන විධායකවරයා වශයෙන් නික් හොක්ලි පත්කර තිබේ.
දේශ සීමා වසා දැමීම සහ ප්‍රේක්ෂකයන් නොමැතිව විස්සයි විස්ස ලෝක කුසලාන පැවැත්වීම ගැටලු සහගත තත්ත්වයක ඇති බව ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් පවසයි. ඔවුන් මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයක පැටලැවි ඇති නමුත් ඒ අර්බුදයෙන් ගොඩ ඒමට ඉන්දියානු කණ්ඩායමේ ඔස්ට්‍රෙලියානු සංචාරය වන තෙක් ක්‍රිකට් සභාපතිවරයා බලා සිටියි.

RelatedPosts

ගොයමේ පැතිරෙන පත්‍ර කහ වීමේ රෝගයට හේතුව ගොයමට නිසි පෝෂණය නොලැබීමයි – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව….

දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් ගෙල වැල දමාගෙන මිය යයි!

තවත් ශ්‍රි ලාංකික කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ අබිරහස් මරණයක් !

Share69Tweet43
Previous Post

කම්කරුවන්ට ඩොලර් 20,000ක් දෙන කතාව බොරුවක්

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් දෙවෙනි පුහුණු කඳවුර පල්ලෙකැලේ දී…

Related Posts

නියුට්‍රල් අම්පයර්

ලෝකයට විහිළු සපයමින් ක්‍රිකට් වළලන ශ්‍රී ලංකා ක්‍රිකට් කන්සලටන්ට් නාඩගම…

පෙබරවාරි 4, 2023
ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවා හැරීමට කුසලා සරෝජනී කමිටුවෙන් හෙළි කළ කරුණු ප්‍රමාණවත්… වාර්තාව වෝහාරික විගණනයකට යොමු කිරීමට නීතිපති උපදෙස් දෙයි….

ජනවාරි 30, 2023
ක්‍රීඩා

මෙහෙව් ක්‍රිකට් යළි දෑසට නොපෑ යුතු…..

ජනවාරි 15, 2023
Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් දෙවෙනි පුහුණු කඳවුර පල්ලෙකැලේ දී...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නවතම ලිපි

  • ගොයමේ පැතිරෙන පත්‍ර කහ වීමේ රෝගයට හේතුව ගොයමට නිසි පෝෂණය නොලැබීමයි – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව….
  • දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් ගෙල වැල දමාගෙන මිය යයි!
  • තවත් ශ්‍රි ලාංකික කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ අබිරහස් මරණයක් !
  • හිටපු ඇමති, පොහොට්ටු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සජබ සමග එක් වෙයි!
  • අහංගම හෝටලයකදී විදේශිකයෙක් මරුට…

Advertisements

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ගොයමේ පැතිරෙන පත්‍ර කහ වීමේ රෝගයට හේතුව ගොයමට නිසි පෝෂණය නොලැබීමයි – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව….
  • දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් ගෙල වැල දමාගෙන මිය යයි!
  • තවත් ශ්‍රි ලාංකික කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ අබිරහස් මරණයක් !

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist