fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඊයේ අරවින්ද… අද උපුල් තරංග… ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් ඒකකය වැඩ අරඹයි

වසර 2ක් ago
in ක්‍රීඩා
438 4
0
aravinda

පැය හයක සාක්ෂියකින් පසු පැමිණෙන අරවින්ද

Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

  • අරවින්දගෙන් පැය හයක් ප්‍රශ්න කරයි
  • තවත් ක්‍රීඩයකන් රැසකගෙන් සාක්ෂි සටහන් කරගැනීමට සූදානම්
  • විමර්ශනයෙන් පසු හරිම උත්තරය ලැබෙයි… අරවින්ද කියයි

2011 එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගය ඉන්දියාවට පාවා දුන් බවට හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ එල්ල කළ චෝදනාව ගැන සාක්ෂි ලබා දීමට   එම  ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කළ උපුල් තරංග අද (ජූලි 1)  ක්‍රීඩා වැරදි පිළිබඳ වි‍ශේෂ පොලිස් ඒකකය වෙත කැඳවා තිබේ.

එවකට ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා ලෙස කටයුතු කළ හිටපු ක්‍රීඩක අරවින්ද ද සිල්වා ඊයේ (30)   ක්‍රීඩා එම   ඒකකයට කැඳවා තිබූ අතර ඔහු පැය 6ක කාලයක් පුරා ප්‍රකාශයක් ලබා දුන්නේය.

මීට සති කිහිපයකට පෙර හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ  විසින් මේ චෝදනාව එල්ල කිරීමෙන් පසුව ඒ පිළිබඳ සිය දැඩි විරුද්ධත්වය පළ කරමින් එකහෙළාම ප්‍රතික්ෂේප කළ අරවින්ද ද  සිල්වා මේ සම්බන්ධව ප්‍රකාශයක් ලබා දීමට සූදානමින් සිටි අතර ඊයේ ඔහු ක්‍රීඩා  වැරදි පිළිබඳ විශේෂ පොලිස් ඒකකයට කැඳවා තිබුණේ ඒ අනුවය.

‘මේ විමර්ශනයෙන් පසුව 2011 ලෝක කුසලාන අවසන් මහා  තරගය පාවා දුන් බවට එල්ල කරන චෝදනාවට පිළිතුරු ලැබේවි.‘ සිය ප්‍රකාශය ලබා දීමෙන්  පසුව පිටතට පැමිණි අරවින්ද ද සිල්වා  මාධ්‍යවේදින්ට එසේ කියා සිටියේය. 

හිටපු ක්‍රීඩා ඇමැතිවරයාගේ චෝදනාව පිළිබඳ වි‍ශේෂ විමර්ශනයක් සිදු කරන ලෙසට වත්මන් ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම   ක්‍රීඩා ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍රට දුන් උපදෙස් අනුව එම විමර්ශන කටයුතු සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ ස්ථාපිත කර ඇති ක්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ පොලිස් ඒකකයට බාර දී තිබිණි. 

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා විශේෂ පොලිස් ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර  එම චෝදනාව පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කිරීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලිපි ගොනු කිහිපයක් ද ගෙන්වා ගෙන තිබිණි. 

හිටපු ක්‍රීඩක කුමාර් සංගක්කාර 2011 වසරේ ඉන්දියාවේ පැවැති ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අතර මහේල් ජයවර්ධන උපනායකයා ලෙස කටයුතු කළේය. එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් 4ක් සිදුකර තිබීම ද සැකයට තුඩු දුන් බව හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ චෝදනා කර තිබිණි.

එවකට ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා ලෙස අරවින්ද ද සිල්වා කටයුතු කළ අතර හිටපු ක්‍රීඩකයන් වන අමල් සිල්වා, රංජිත් ප්‍රනාන්දු සහ ෂබීර් අස්ගර් එම කමිටුවේ සෙසු සාමාජිකයෝ වූහ. 

විමර්ශන කටයුතු නොකඩවා පැවැත්වෙමින් තිබේ. 

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

වෙනස් වන පෞද්ගලික අංශ කාර්‍යාල වේලාව ගැන මැසිවිලි

Next Post

ෆේස්බුක් සමඟ පැවැති සබඳතා වයිබර් අත්හරියි

Related Posts

පරාජයන්ම අත්විඳි රටට ජයග්‍රහණයක්… ශ්‍රී ලංකා පිල බංගලියන් පරදවා තරගාවලි ජයක් වාර්තා කළ හැටි!

මැයි 27, 2022

බංගලාදේශ -ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය… ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 397කට දැවී යයි… මැතිව්ස් 199 යි….

මැයි 16, 2022

ඔස්ට්‍රේලියාව කම්පා කරන අවුරුද්දේ තුන්වන ක්‍රිකට් මරණය… එකල පිටිය එකෙළි කළ ඇන්ඩෘ සයිමන්ස් දිවියෙන් සමු ගනී!

මැයි 15, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • අගමැතිගෙන් ලංකාවට ඉදිරියේ පිහිටට එන අය ගැන ඉඟියක්
  • සබන් නිෂ්පාදනයෙන් දියුණු වෙන ග්‍රාමීය කාන්තාවන්
  • සේවයට ගෙන්වන පිරිස් සීමා කර රාජ්‍ය සේවයේ වියදම් අඩු කළ හැකි ද?
  • සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙස නව ජනමාධ්‍ය ඇමති දැනුම් දෙයි!
  • 21ට පක්ෂ නායකයෝ එකඟ වෙති! ජවිපෙ සහ ටීඑන්ඒ හමුවට පැමිණ නෑ….

ජනප්‍රිය පුවත්

  • හොර පාස්පෝට් නඩුවට ශෂී වීරවංශ වරදකරු වෙයි… අවුරුදු 02ක් හිරේට….

    174 shares
    Share 70 Tweet 44
  • ඇමති ධුරගෙන  පක්ෂ රැස්වීමට පැමිණි නිමල් – අමරවීර සභාවේ  කොන් වෙයි…

    218 shares
    Share 87 Tweet 55
  • සහන අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට සැලකිය යුතු වැටුප් වැඩි වීමක්! – මුදල් ඇමති රනිල් කියයි…

    288 shares
    Share 115 Tweet 72
  • රාජ්‍ය සේවකයින්ගේ බලාපොරොත්තු සුන්…  වැටුප් වැඩිවීමක් නෑ…

    209 shares
    Share 84 Tweet 52
  • ඩොලර් සංචිත හින්දවා රට බංකොලොත් කළ හැටි මුදල් මණ්ඩල සාමාජිකාවක් කෝප් කමිටුවේ දී හෙළි කරයි! ( වීඩියෝ සහිතයි)

    260 shares
    Share 104 Tweet 65
  • අවුරුද්දේ මුල් කාර්තුවේ නිමි තේ නිශ්පාදනය කිලෝ ලක්ෂ 40කින් අඩු වෙලා… නැතිවුණු විදේශ විනිමය ඩොලර් මිලියන 73ක්….

    208 shares
    Share 83 Tweet 52

Highlights

සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙස නව ජනමාධ්‍ය ඇමති දැනුම් දෙයි!

21ට පක්ෂ නායකයෝ එකඟ වෙති! ජවිපෙ සහ ටීඑන්ඒ හමුවට පැමිණ නෑ….

ජම්මු කාශ්මීර ගොවීන් තාක්ෂණික ගොවිතැනට

ට්‍රිලියනයක් අච්චු ගහන්නේ ධන කුවේරයන්ට බදු සහන දෙන්නද? සජිත් අසයි

බෙහෙත් නැතිව මැරෙන්න වැටුණු දුගී ජීවිත අසල- අමුතු ඩීල් එකකට යන  සිරිපාල – රඹුක්වැල්ල

ජන වරමක් නැති මේ පිං අගමැතිට 21න් ලැබෙන බලය හොබවන්න අයිතියක් නෑ…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

Ranil Wickremesinghe

අගමැතිගෙන් ලංකාවට ඉදිරියේ පිහිටට එන අය ගැන ඉඟියක්

by Lankasara News
මැයි 28, 2022
0

ශ්‍රී ලංකාවට විදේශ ආධාර ලබාදීමට සමූහයක්...

Herbal Soap

සබන් නිෂ්පාදනයෙන් දියුණු වෙන ග්‍රාමීය කාන්තාවන්

by Lankasara News
මැයි 27, 2022
0

ග්‍රාමීය ප්‍රදේශයක් වන ජබල්පූර් හි කාන්තාවන්...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist