fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඉන්දියාවේ පැමිණීම ස්ථිර නෑ

වසර 2ක් ago
in ක්‍රීඩා
434 4
0
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව සමග එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීමට  මෙම ජුනි මස අගදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ඉන්දියානු කණ්ඩායමට අදාල තරගාවලියට  සහභාගි වීම සම්බන්ධව තීන්දුවක් ගැනීමට තවත් කෙටි කාලයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා තිබේ.
මෙම ජුනි මසදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබු ඉන්දියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය උද්ගතවී ඇති කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තවත් සතියක් හෝ දෙකකින් කල් දැමීමට සිදුවුවද තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ධනාත්මකව සිටින බව ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා පැවසීය.
“ඉන්දියාව එන එක ගැන තවම ස්ථිර කරන්න බැහැ. ඒ අයත් එක්ක අපි සාකච්ඡා කරමින් ඉන්නෙ. තවම ඉන්දියාව මේ තරගාවලිය කල්දාලා නැහැ. ඒ අය එන එක ගැන ස්ථිර තීන්දුවක් ගන්න තවත සතියක් වගේ  කල් ඉල්ලලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉන්දියාව එයි කියලා. නමුත් තවම ඒ ගැන හරියටම කියන්න බැහැ.”
ඉන්දියානු කණ්ඩායම එක්දින තරග තුනට සහ විස්සයි විස්ස තරග තුනකට සහභාගි වීමට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර ඔවුන්ට මේ දිනවල ඇති ලොකු අර්බුදය වන්නේ කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් එක්ව පුහුණු ව ආරම්භ කිරීමට හැකියාවක් නොමැති වීමයි. ශ්‍රී ලංකා කණ්ඩායම පසුගි ජුනි 01 වැනිදා සිට 13 දෙනෙකුගෙන් සමන්විත කඳවුරක් දින 12 ක නේවාසික පුහුණුවක් ආරම්භ කළ අතර අනෙක් පිරිස ලබන 13 වැනිදා සිට පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතව තිබේ.
ඉකුත් මාර්තු මසදී එංගලන්තය සමග පැවැත්වීමට නියමිතව තිබු ටෙස්ට් තරගාවලියද පුහුණු තරගවලට පමණක් සීමා වූ අතර ඔවුන් කොරෝනා වසංගතය හේතුවෙන් තරගාවලිය කල්දමා යළිත් සිය රට බලා පිටත් විය.
නමුත් එම තරගාවලිය ලබන ජනවාරි මස පැවැත්වීමට  දෙරටේ ක්‍රිකට් ආයතනය තීන්දුකර තිබේ.
කෙසේ වෙතත් ඉන්දියානු කණ්ඩායම මෙම මස හෝ ලබන මසදී ශ්‍රී ලංකාවට නොපැමිණියහොත් මූල්‍යමය අතින් ශ්‍රී ලංකාවට ගැටලුවක් නොවන බව ක්‍රිකට් විධායක ඈෂ්ලි ද සිල්වා පෙන්වා දෙයි.
“ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තියෙන තරගාවලිය අයි.සී.සී. දින දර්ශනයේ තියෙන එකක්. ඒ තරගාවලිය 2023 දක්වා වලංගුයි. යම් හෙයකින් මේ පාර ගහන්න බැරි වුණොත් ඉදිරි කාලයේදී ඔවුන් අනිවාර්්‍යයෙන්ම මෙහි එනවා. කොහොම වුණත්  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීතිරීති සහ අපේ රජයේ නීති රීති මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නීති රීති අනූව තමයි අපි තරගාවලිය පවත්වන්නේ. ඉන්දියානු කණ්ඩායම තරගාවලියට පෙර දින 14 කට කලින් පැමිණ නිරෝධායනය විය යුතුයි. ඒ කාලයේදී ඔවුන්ට පුහුණුවීම් කරන්න පුළුවන්. හැබැයි එකම ක්‍රීඩාංගණයක තමයි ඔවුන්ට ඒ කටයුතු කරන් වෙන්නෙ.”
කොරෝනා වසංගතය ඉන්දියාවේ ශීග්‍රයේ ව්‍යාප්ත වීමත් සමග එරට විවිධ ප්‍රාන්තවල සිටින ක්‍රීඩකයන් එක් රොක් කර ගැනීම දුෂ්කර කර්තව්‍යයක් බව ඉන්දියානු ක්‍රිකට් ආයතනය පවසයි.
කෙසේ වෙතත් ඔවුන් මෙම මස අවසන් වීමට පෙර කණ්ඩාම් පුහුණුව ආරම්භ කිරීමට සැලසුම් සකස් කර තිබේ.
“ජුනි මස අග වන විට අපට යමක් දැන ගැනීමට හැකි වනු ඇති. ක්‍රීඩකයන් යළිත් පිටියට පිවිසීමට බලා ඉන්නවා. දැන් ක්‍රීඩාව නැවතිලා ගොඩක් කල් ගතවෙලා. නමුත් මේ වන විට අපි නැවත එය ආරම්භ කිරීමට සැලසුම් සකස් කිරීමට එකතු වෙලා කටයුතු කරනවා.”යයි  ඉන්දියානු ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
මේ වන විට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව් දෙලක්ෂ පනස් දහසක (250,000) ඉක්මවා ගොස් ඇති අතර ඒ අතරින් මරණ 7000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
එම තත්ත්වය හේතුවෙන් ඉන්දියානු  ක්‍රිකට් ක්‍රීඩකයන්ව එක්කිරීමට ඉන්දියානු ක්‍රිකට් ආයතනයට නොහැකිව තිබේ.
Join @lankasara on Telegram Channel
Previous Post

අයි.සී.සී. ලොක්කන් අද විශේෂ තීන්දු දෙකක් ගැනීමට සැරසෙති

Next Post

රාජිතට ඇප

Related Posts

ඔස්ට්‍රේලියානුවො පළමු ඉනිමේ දී ලකුණු 321ක් ලබති… ලකුණු 109ක් පිටුපසින් සිට ශ්‍රී ලංකාව ඉනිම අරඹයි..

ජූලි 1, 2022

කොල්ලො දිනුම්… අවුරුදු 31කට පසු තරගාවලි ජයක්… ඉතිහාසය වෙනස් කළ තරගාවලියක්….

ජූනි 22, 2022

පෙනුණු ඉලක්කය බොඳ වෙයි… අවසන් කඩුළු 03 ලකුණු 2කට බිඳ වැටෙයි… ඔස්ට්‍රේලියාවට ලකුණු 259ක ඉලක්කයක්!

ජූනි 21, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • ඉතිහාසයේ මුල් වරට ළමා රෝහලේ සැත්කම් බිඳ වැටේ….
  • විපක්ෂයේ සියලු පක්ෂ රට අගුළු දමන දැවැන්ත හර්තාලයකට සැරසෙයි…
  • අද සිට වැඩිවන ඔබේ බස් ගාස්තුව මෙතනින් දැනගන්න….
  • ආර්ථික ගැටලුව සැලකිය යුතු කාන්තාවන් පිරිසක් ලිංගික ශ්‍රමිකයන් කරලා… විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි
  • දෙමළ මහා සම්මේලනය අමතන්න ටී.එන්.ඒ 02ක් ඇතළු සිවු දෙනෙක් ඇමරිකා යති….

ජනප්‍රිය පුවත්

  • ඉතා කෙටි කාලයකින් යළි බලය අල්ලනවා. නොසැලී ඉන්න… බැසිල් කුඩා පොහොට්ටුවන්ට සපථ වෙයි…

    247 shares
    Share 99 Tweet 62
  • කටාරය  තෙල්  සහනාධාර දෙන්න කොන්දේසියක් දැම්මා ද?

    200 shares
    Share 80 Tweet 50
  • බිඳවැටෙන ආර්ථිකය අපේ ගැහැණු මහ පාරට ඇද දාලා… ලංකාවේ ලිංගික ශ්‍රමිකයන්ගේ වැඩිවීමක් !

    208 shares
    Share 83 Tweet 52
  • මේ විනාශය නොකරන්නැයි හැම ලෙසකටම කියුවා… අප ඉන්නෙ දැඩි කළකිරීමෙන් – අස්ගිරි නා හිමි

    203 shares
    Share 81 Tweet 51
  • “ගෝඨා ගෝ හෝම්“ කියන්නට කොටු පවුර මතට නැගි උද්ඝෝෂකයන් පළවා හරින්නට හමුදාවත් එක් වෙයි…

    173 shares
    Share 69 Tweet 43
  • සති දෙකෙන් ගෑස් ප්‍රශ්නය ඉවරයි… ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් සඳහා එක්වර ගිවිසුම්ගත වෙයි…..

    202 shares
    Share 81 Tweet 51

Highlights

ආර්ථික ගැටලුව සැලකිය යුතු කාන්තාවන් පිරිසක් ලිංගික ශ්‍රමිකයන් කරලා… විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි

දෙමළ මහා සම්මේලනය අමතන්න ටී.එන්.ඒ 02ක් ඇතළු සිවු දෙනෙක් ඇමරිකා යති….

ඔස්ට්‍රේලියානුවො පළමු ඉනිමේ දී ලකුණු 321ක් ලබති… ලකුණු 109ක් පිටුපසින් සිට ශ්‍රී ලංකාව ඉනිම අරඹයි..

මැතිව්ස් ට කොවිඩ්….

මුලතිව් ගුරුවරයෙක්  පාසල තුළ දී  සිසුවියන් 06ක් දූෂණය කරලා..  දූෂකයා පලා ගිහින්…

තෙල් අර්බුදය නිසා සේවයට වාර්තා කරන්න විදිහක් නෑ… දුම්රිය වාර 22ක් අවලංගුයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

ඉතිහාසයේ මුල් වරට ළමා රෝහලේ සැත්කම් බිඳ වැටේ….

by editor
ජූලි 1, 2022
0

මෑත ඉතිහාසයේ මුල් වරට රිජ්වේ ආර්යා...

විපක්ෂයේ සියලු පක්ෂ රට අගුළු දමන දැවැන්ත හර්තාලයකට සැරසෙයි…

by editor
ජූලි 1, 2022
0

ජූලි 09 දා රටම අකර්මණ්‍ය කරමින්...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist