තායිලන්තයේ බැංකොක් නුවරදී අද ආරම්භ වූ 2023 ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරඟාවලියේ සමාරම්භක දිනයේදී ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කම් දෙකක් දිනාගැනීමට සමත් වී ඇත.
ගයන්තිකා අබේරත්න සහ දිල්හානි ලේකම්ගේ මෙසේ ලෝකඩ පදක්කම් දිනා ගත්හ.
ගයන්තිකා අබේරත්න කාන්තා මීටර් 1500 ඉසව්ව මිනිත්තු 4 තත්පර 14.39කින් නිමකර තරගයේ තෙවැනි ස්ථානයට පත් වූවාය.
කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් දිල්හානි ලේකම්ගේ මීටර් 60.93ක දුරක් හෙල්ල විසිකරමින් ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත්තාය.
එමෙන්ම අරුණ දර්ශන සහ රාජිත රාජකරුණා අද පිරිමි මීටර් 400 ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගහ. අරුණ දර්ශන තත්පර 45.70කින් ද රාජිත රාජකරුණා තත්පර 46.12කින් ද තරගය නිමා කළහ.
තවද කාන්තා මීටර් 400 ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නදීෂා රාමනායක සමත් වූවාය. ඇය තත්පර 59.06ක කාලයකින් තරගය නිම කළාය.