ලංකා ප්රිමියර් ලීග් (LPL) 2021 ක්රිකට් තරගාවලියේ දෙවැනි අදියර සඳහා ක්රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු ඊයේ අවසන් වූ අතර එම තෝරාගැනීම පිළිබඳ හිටපු ක්රිකට් නායක මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබේ.
“එක අඩියක් ඉදිරියට යද්දී අඩි 5ක් පිටුපසට යන තීරණ ගනිද්දී රටකට ඉදිරියට යන්න අමාරුයි. මෙය දක්ෂයින් හඳුනා ගන්නා දේශීය තරගාවලියක් බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය අමතක නොකළ යුතුයි” යනුවෙනි.
ක්රීඩකයින් තෝරා ගැනීමේ දී කිසිදු කණ්ඩායමක් විසින් කුසල් ජනිත් පෙරේරා, ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් හා ධනංජය ද සිල්වා මෙන්ම අකිල ධනංජය, ප්රවීන් ජයවික්රම හා මිනෝද් භානුක යන ක්රීඩකයින් සිය කණ්ඩායම් සදහා තෝරා ගෙන නොතිබුණි.