සුසන්ත අමරබන්දු –
ජර්මන් ජාතිකයෙක් හිඟුරානේ තමන් නැවතී සිටි නවාතැන්පලෙහි ගෙල වැල ලාගෙන මිය ගිය පුවතක් දමන පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ මකියස් සිංකල් නැමැති පනස් දෙහැවිරිදි ජර්මන් ජාතිකයෙකි. නිතරම ලංකාවට පැමිණ අම්පාර ප්‍රදේශයේ සති කීපයක් ගත කරන මෙම විදේශිකයා අවසන් වරට පැමිණ මාස 04ක කාලයක් ගත කර තිබේ.
ව්‍යාපාරිකයෙක් වූ මේ තැනැත්තා දික්කසාද වී ඇති බවත් ඔහුට දියණියන් දෙදෙනෙක් සිටින බවත් පොලිසිය කියයි.
අද ඔහුගේ එක් දියණියකගේ උපන්දිය බවත්. ඊයේ රාත්‍රියේ මෙම සිය දිවි නසාගැනීම සිදු වී ඇති බවත් පොලිසියට වාර්තා වී ඇත.
දමන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.