දින 50 දා සූදානම් කර තිබු අරගලයේ පාගමන දැවැන්ත ජන සහභාගීත්වයකින් යුතු විරෝධතාවය අවසානයේ දී කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළේය.
පා ගමනින් පැමිණි විරෝධතා කරුවෝ නිර්මාණාත්මක අංග රාශියක් නිරූපණය කළහ. විරෝධතාකරුවෝ දැවැන්ත පොලිස් සහ කරැළි මර්ධන ඒකක විසින් මාර්ග බාධක දමා වසා තිබුණු ලෝක වෙළෙඳ සංකීර්ණය අසල සිය ප්රකාශනය ලෝකයට කීමට ඔවුහු කටයුතු කළහ.
භාෂා තුනෙන්ම එම පණිවිඩය අන්තර්ජාතික මාධ්‍යයට ලබා දුන් අරගලකරුවන් පිරිස රටට සිදුවී ඇති ව්‍යසනය පිළිබඳව ලෝකයට කීහ.
අද පොලිස් මූලස්ථානයට විශේෂ ආරක්ෂාවක් සලසා තිබිණි. ඊට ප්‍රධානම හේතුව වූයේ මැයි 09 දා ගෝල්ෆේස් අරගලකරුවන්ට පහර දීමට ඉඩ සලස්වා දුන්නේ යැයි චෝදනා ලැබූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීමය. ඔහුගේ ස්ථාන මාරුව සම්බන්ධව නීතිපති නියෝග ක්‍රියාත්මක නොවීම සම්බන්ධව ද අධිකරණය ප්‍රශ්න කළේය.
එමෙන්ම පොලිසිය විසින් මෙම විරෝධතා කරුවන් හිල්ටන් වටරවුමෙන් මෙපිටට ඒම වළක්වා ලමින් අධිකරණ නියෝගයක් ද ගෙන තිබිණි. විරෝධතාවය අවසානයේ දී පොලිසිය සහ අරගලකරුවන් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.
අවසානයේ දී කඳුළුගෑස් සහ ජල ප්‍රහාර සහිතව උද්ඝෝෂකයින් විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළේය