කීර්ති ප්‍රනාන්දු –
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ නිසි අවසරයකින් තොරව , ඖෂධ තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු අද (03) අලුයම කටුනායක ගුවන් තොටුපළ දී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක , රේගු අධ්යක්ෂ (නීති කටයුතු ) සුදත්ත සිල්වා පැවසීය.
විවිධ ලෙඩ රෝග සඳහා භාවිත වන ඖෂධ වර්ග 10ක් සහිතව මෙම ඉන්දීය ජාතිකයන් දෙදෙනා පැමිණීමේ පර්යන්තයේ සේවය කළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
අද (03) අලුයම 01.15 ට ඉන්දියාවේ චෙන්නායි සිට , ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 273 දරන ගුවන් යානයෙන් ඔවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.
කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීහු මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති