කීර්ති ප්‍රනාන්දු –
රැඳවුම් නියෝග යටතේ රඳවනු ලැබ සිටින මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් ලබන සතියේ සිට පාර්ලිමේන්තු රැස්වීම්වලට කැඳවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී අද (13) එකඟ වී ඇතැයි වාර්තා වේ.
බදුර්දීන් මන්ත්‍රීවරයා ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම්වලට කැඳවන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මෙම කළ ඉල්ලීමක් අනුව කතානායකවරයා මේ තීරණය ගෙන තිබේ.
ඉකුත් සතියේ පැවති පාර්ලිමේන්තු රැස්වීම් වලට රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සහභාගි කරවීමට කතානායකවරයා නියෝග දී තිබුණද කිසියම් හෝ හේතුවක් මත එය සිදු නොවීය. ඒ පිළිබඳව විපක්ෂ මන්ත්‍රීවරු කතා නායකවරයාගෙන් ප්‍රශ්න කළේය.
රිෂාඩ් බදුර්දීන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන ඇති හෙයින් ඔහු මැති සබයට නොකැඳවන්නයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා ඉල්ලීමක් ද කළේය.