දිනසේන රතුගමගේ –
යාපනයේ කෝපායී කොණ්ඩාවිල් ප්රදේශයේ පෞද්ගලික උපකාරක පන්තියක් අසල මත්පෙති අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු මත්පෙති 250 ක් සමග කෝපායී පොලීසිය විසින් ඊයේ (05) අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරු පෞද්ගලික උපකාරක පන්තියේ සිසුන් ඉලක්ක කරගෙන මෙම ජාවාරම බොහෝ කාලයක් කරගෙන ගොස් ඇති අතර පොලිසීයට ලද තොරතුරකට අනුව ඔහුව සෝදීසි කොට අත් අඩංගුවට ගෙන තිබේ.
අදාල සැකකරුව පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කළ අවස්ථාවේදී ඔහුගේ කුඩා ගමන් මල්ලක මෙම මත්පෙති සඟවා ගෙන තිබූ බව පොලිසීය ප්රකාශ කරයි.
සැකකරුව යාපනය මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කෝපායී පොලීසිය පියවර ගෙන තිබේ.