තමා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේරක තමන් රඳවා තබා ඇති ස්ථානයෙන් වහාම ක්‍රියාත්මවන පරිදි ඉවත් කරන ලෙසත් ඉල්ලමින් හිටපු බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මෙජර් ජෙනරාල් සුරේෂ් සලේ තවදුරටත් ආහාර වර්ජනය කරමින් උපවාසය පවත්වාගෙන යන බව ඔහුගේ පවුලේ අය උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරයි.
මේ වනවිට සලේ පසුවන්නේ ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙනි.පවුලේ ඥාතීන්ට සහ නීතීඥවරයාට ඊයේ (08) දිනයේ ඔහු බැලීමට අවස්ථාව ලබාදී ඇති අතර එහිදී තමන් තවදුරටත් ආහාර වර්ජනයේ නිරතව සිටින බවට සුරේෂ් සලේ ප්‍රකාශ කළේ යැයි ඔහුගේ බිරිය මනෝරි සලේ ද මාධ්‍ය වෙත ප්‍රකාශ කළාය.
මීට සමගාමිව සලේ බේරා ගැනීම සඳහා කොටුව දුමරිය ස්ථානය ඉදිරිපිට දියත් වී ඇති සත්‍යග්‍රහය තව දුරටත් ක්‍රියාත්මක බව එහි සංවිධායකවරු පවසති. උදය ගම්මන්පිල පවසන්නේ කුමණ බාධක පැමිණිය ද සත්‍යග්‍රහය අඛණ්ඩව පවත්වන බවය.
රජය පාර්ශවයෙන් දන්වා ඇත්තේ මෙම විමර්ශන දැන් ඇත්තේ අධිකරණය ඉදිරියේ බැවින් මේ ක්‍රියාවලිය පිළිබඳ කිසිවෙක් කලබල විය යුතු නැති බවය. රජය සම්බන්ධව වෛරයෙන් ක්‍රියා නොකළ යුතු බවය.









