කැලිෆෝනියාවේ රෙඩ්ලන්ඩ්ස් හි පිහිටි ඇමසන් බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක ගබඩාවක හටගත් ගින්නකින් මුළු ගොඩනැගිල්ලම දැවී විනාශ වී ගොස් තිබේ.
අනතුරු ඇඟවීම් තුනකින් පසුව වේගයෙන් ඇවිල ගිය ගොඩනැගිල්ල කැමරාවක ඉහත අයුරින් සටහන්ව ඇත.
ගින්න පිළිබඳ ගුවන් දර්ශනවලින් පෙනී යන්නේ ගබඩාවේ සහ වහලයේ සම්පූර්ණ කොටසම කඩා වැටී ඇති බවයි.
සියැටල් වෙතින් බිහිවූ ඇමේසන් අමෙරිකානු බහු ජාතික සමාගම අන්තර්ජාල ඊ-වාණිජ වෙළෙඳ සමාගමක් ලෙස ක්‍රියාත්මක අතර ලොව බලවත්ම තාක්ෂණික සමාගම් 4 වන Google, Apple, Microsoft අතරට පිවිසි සමාගමකි.
එහි නිර්මාතෘ වන ජෙෆ් බේසොස් නූතන ඉතිහාසයේ ධනවත්ම මිනිසා ලෙස සැළකෙන සියබිලියනපතියෙකි.
ඔහු 2017 ලොව ධනවත්ම මිනිසා ලෙස ෆෝබ්ස් නම් කර තිබූ අතර තවමත් ලොව ධනවත්ම මිනිසුන්ගෙ ලැයිස්තුවේ මුල් පෙළ සිටින්නේ දළ වත්කම ඩොලර් බිලියන 150ක් ලෙස වාර්තා තබමිනි.