දිනසේන රතුගමගේ
යාපනයේ නාවලර් වීදියේ නිවසක සිට මෙහෙයවන ලද ”තමිල් කොඩි ” නැමති එල්.ටී.ටී.ඊ.හිතවාදී වෙබ් අඩවියක මෙහෙයුම්කරුවන් ලෙස කටයුතු කළ කාන්තාවක් හා පිරිමියෙක් පොලිස් ත්රස්ත මර්දන ඒකකය විසින් 29 දා උදෑසන යාපනයේදී අත් අඩංගුවට ගෙන තිබේ.
මේ දෙදෙනා අත් අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන් පදිංචිව සිටි යාපනයේ අරියාලේ හා සූදුමලේ යන ප්රදේශවලදීය.
යාපනයේ සිට මෙහෙයවනු ලබන වෙබ් අඩවියක ක්රියාකාරී කලමනාකාරවරියක් මීට දින කීපයකට ඉහතදී යාපනයේදී අත් අඩංගුවට ගෙන ප්රශ්න කළ අතර ඇයගෙන් ලද තොරතුරු වලට අනුව මේ දෙදෙනාද අත් අඩංගුවට ගෙන තිබේ.
පොලිස් ත්රස්ත මර්දන ඒකකය විසින් අත් අඩංගුවට ගත් දෙදෙනා වවුනියාවේ ත්රස්ත මර්දන ඒකකය වෙත රැගෙන ඒමට පියවර ගෙන තිබේ.