දිනසේන රතුගමගේ:
එල්.ටී.ටී.ඊ.සංවිධානයේ සෙබළියක වශයෙන් කටයුතු කොට පුනරුත්ථාපනය වූ කාන්තාවකට 19 දා පහර දී කිළිනොච්චියේ තිරුනගර් ප්රදේශයේ පිහිටි ඇගේ නිවස කඩා එහි වූ භාණ්ඩ නිවසින් එළියට දමා තිබේ.
පහර කෑම නිසා තුවාල ලැබූ කාන්තාව කිළිනොච්චිය රෝහලට ඇතුලත් කොට තිබේ.
මෙම කාන්තාවගේ ස්වාමියා යුද සමයේදී අතුරුදහන් වූ අයෙකු වන අතර ඔහුද එල්.ටී.ටී.ඊ.සංවිධානයේ කටයුතු කළ අයෙකි.
පුනරුත්ථාපනය වීමෙන් පසුව මේ කාන්තාව කාලයක් මාතලේ ප්රදේශයේ ඥාතී නිවසක සිට දරුවන් සමග ආපසු කිළිනොච්චිය තිරුනගර් ප්රදේශයට පැමිණ සිටියදී මෙම පහර කෑමට ලක්ව තිබේ.
කිළිනොච්චිය පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.