ශ්‍රි ලංකාවේ වෙබ් ලියාපදිංචිය සහිත .lk වෙබ් අඩවි රැසක් පරිගණක සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් මේ වනවිට අකර්මණ්‍යව තිබේ. ඊයේ රාත්‍රියේ සිට මෙම සයිබර් ප්‍රහාරය වෙබ් අඩවි සම්බන්ධයෙන් ක්‍රියාත්මක වී ඇති අතර එයින් ඇතැම් ආයතනවල ක්‍රියාකාරීත්වයට බාධා පැමිණ තිබේ.
මේ වනවිට .lk වෙබ් අඩවි ලියාපදිංචි කිරීමේ ආයතනය වන Domain.lk ආයතනයේ නිල වෙබ් අඩවියද අකර්මණ්‍ය වී ඇති අතර එම ආයතනය සහ පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙබ් අඩවි යථා තත්ත්වයට පත් කිරීමෙහි නිරතව සිටින අතර යමකුට තම වෙබ් අඩවි පිළිබඳව දැනුම් දීමට +94 11 4216061 දුරකථන අංකයෙන් හෝ [email protected] ඊ මේල් ලිපිනයට දැනුම් දෙන ලෙස Domain.lk ආයතනය ඉල්ලා සිටී.