බස්නාහිර පළාත සහ දැනට හුදකලා කර ඇති ප්‍රදේශ හැර දිවයිනේ සෙසු සියලුම ප්‍රදේශවල පාසල් නියමිත පරිදි නොවැම්බර් 23 වනදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් මහතා පවසයි.
මෙලෙස පාසල් විවෘත වන්නේ 6 සිට 13 දක්වා වන ශ්‍රේණිවල පාසල් සිසුන් සදහා පමණි.
දැඩි නිරෝධායන සෞඛ්‍ය ආරක්ෂක නීති රීති යටතේ පාසල් තුල දැනටමත් අවශ්‍ය පසුබිම සකසන ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් දී ඇතැයි අමාත්‍යවරයා කියා සිටියි.