රජය 42වන කොවිඩ් මරණය වාර්තා කරයි.
මියගොස් ඇත්තේ පානදුර ප්රදේශයේ පිරිමි පුද්ගලයෙකි. නිර්මාණය වී ඇති පොලිස් පොකුරේ ආශ්රිතයෙක් ලෙස කොවිඩ් ආසාදනය වූ තැනැත්තෙකි.
මියගොස් ඇත්තේ නිවසේදී ය. පොලිස් රෝහලට ඇතුළත් කරන විට මියගොස් සිට ඇත. කොවිඩ් ආසාදනයෙන් සිදුවූ හෘදයාබාධයක් නිසා මේ තැනැත්තා මියගොස් ඇතිබව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී ඇත.