ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ පැරෂුට් භටයන් අභ්‍යාසයක යෙදී සිටියදී සිදුවූ අනතුරකින් එක් ගුවන් භටයකු මිය ගොස් ඇත.
අම්පාරේ දී ඔවුන් මෙම පුහුණුවීම්වල නියැලී සිට ඇති අතර අඩි 800ක් පමණ ඉහළ අහසේදී පැරෂුට් දෙක එකට පැටළීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ගුවන් හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙසේ මිය ගොස් ඇත්තේ ගුවන් හමුදාවේ 34 හැවිරිදි බලඝන නිලදාරියකු වන අතර අනෙක් ගුවන් භටයාටද බරපතල තුවාල සිදුව ඇත.