මාතර සම්පත් –
කොරෝනා අවදානම හමුවේ මාතර බන්ධනාගාරයේ රැඳවියන් පිළිබඳ දැඩි අර්බුදයක පවතින බව මාතර මහ නගර සභාවේ නගරාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් පැවති රැස්වීමේදී අනාවරණය විය.
මාතර කොරෝනා වලට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබද රාජ්ය ආයතන ප්රධානීන් සමඟ අදහස් හුවමාරු කර ගැනීම හා දැනුවත් කිරීම වෙනුවෙනු මාතර මහ නගරසභා ශ්රවණාගාරයේ දී මෙම රැස්වීම පැවැත් වූ අතර මාතර බන්ධනාගාරය වෙනුවෙන් අදහස් දක්වමින් එහි ප්රධාන ජේලර් වරයා පැවසූයේ රැඳවියන් සීමාව ඉක්ම ගොස් ඇති බවයි.
මාතර බන්ධනාගාරයේ රැඳවියන් 250 දෙනෙකු සඳහා ප්රමාණවත් වන නමුත් මේ වනවිට රැදවියන් 700 දෙනෙකු ඉක්මවා ඇතියි එහි දී අනාවරණය විය. මෙම තත්වය හමුවේ කොරෝනා බන්ධනාගාරයට ඒම වැලක්වීමට විශාල කාර්යභාරයක් බන්ධනාගාර නිලධාරීන් විසින්සි දු කරන බව ද ඔහු කීය.
මෙම අනාරක්ෂිත තත්වය තුල බන්ධනාගාරයට කොරෝනා වසංගතය ඇතුළු වීම වැලැක්වීමට මේ වනවිට ක්රියාමාර්ග රැසකට අවතීරණය වී ඇති අතර රැඳවියන් අධිකරණයට ඉදිරිපත් කිරීමේ ක්රියා මාර්ගයේ සිට විශේෂ සැලකිල්ලක් දක්වන බව බන්ධනාගාර ප්රකාශකයෙක් කීහ..