22 වන කොවිඩ් මරණය රජය නිවේදනය කළේය. මියගොස ඇත්තේ 68 හැවිරිදි කාන්තාවකි. ඇය මිය ගොස් තිබුණේ ජම්පටා වීදියේ ඇයිගේ නිවසේ දීය .
මිය ගිය කාන්තාවගේ පවුලේ සාමාජිකයෙක් මින් පෙර කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන තිබිණි.
අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කළ කාන්තාවගේ දේහයේ නියැදි ගෙන පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමේ දී ඇය කොවිඩ් ආසාදිත බවත්, අයගේ මරණයට හේතුව කොවිඩ් නිවුමෝනියා තත්වයක් බවත් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය.
ඊයේ 22 වැනි කොවිඩ් මරණය ලෙස වාර්තා වූ සිදුවීම කොවි්ඩ් මරණයක් නොවන බව සවස වසංගත රෝග අංශය නිවේදනය කළේය.