මෙරට 20 වැනි කොරෝනා රෝගියාත් මිය ගිය බව රජය නිවේදනය කළේය.
මෙම රෝගියා කොළඹ 12 පදිංචි 54 වැනි වියේ පසු වූ කාන්තාවකි. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය ඇයගෙන් ලබාගෙන තිබූ පී.සී.ආර් පරීක්ෂණ වාර්තාව අනුව ඇයට කොවිඩ් ආසාදනය වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය අද තහවුරු කළේය.
පසුගිය 29 වන දා ඇය රෝහළට ඇතුළත් වී තිබෙන බවත්, ඇය නිධන්ගත රෝග ගණනාවකින් පෙළුණු බවත් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේය.