ලබන 22 වැනිදායින් පසු ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 බෝකරන ප්‍රධානම ස්ථානය බවට පාර්ලිමේන්තුව පත්වනු ඇතැයි සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.
“දැනට කොවිඩ් ගිහින් තියෙන්නේ ගම් කීපයකට විතරයි. මේකෙන් පස්සේ 20ටත් කොවිඩ් හැදෙයි, මන්ත්‍රීවරුන්ටත් කොවිඩ් හැදෙයි, පාර්ලිමේන්තුවටත් කොවිඩ් හැදෙයි” යනුවෙන් පවසමින් ඔහු මහජන නියෝජිතයන්ගෙන් 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය ලෙස ද ඉල්ලා සිටියේ එම පක්ෂය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත් තවදුරටත් පාර්ලිමේන්තුව අනවශ්‍ය වන බවයි. ඉන් පසුව රට තනිව කරගෙන යාමට ජනාධිපතිවරයාට අවස්ථාව ලැබෙන බව ද හෙතෙම කියා සිටී.
මෙහිදී නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කියා සිටියේ “ආණ්ඩුව විනාශ වෙන්නේ 20 නිසා බවත් සමගි ජන වේලාව එක ආණ්ඩුව කරා යාමේ පාර කැපෙන්නේ ද මේ විසිවෙනි සංශෝධනය නිසා” බවයි.
හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අදහස් දක්වමින් මෙලෙස ද පැවසීය. “දැන් දැන් ආණ්ඩුව වැඩ කරන විදියෙන් අපට කියන්න තියෙන්නේ සර් ෆේල් කියලා. 20 සම්මත කර මේ රට හිට්ලර් පාලනයකට යනවාමයි කියනෙක අපි කියන්න ඕන. මේ රට මහා ඛේදවාචකයකට මුලපුරන දවසක් වෙයි 20 සම්මත වුණොත් බ්‍රහස්පතින්දා දවස”