ෆයිසර් කොවිඩ් -19 එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන දින තුනක් ඇතුළත නෝර්වේ රාජ්‍යයේ පුද්ගලයින් 23 මිය ගිය බව සෞඛ්‍ය නිලධාරීන් උපුටා දක්වමින් නිව්යෝක් පෝස්ට් වාර්තා කරයි.
ඉන් 13 ක්ම එන්නතේ අතුරු ආබාධවලට ඍජුව සම්බන්ධ බව පෙනෙන්නට තිබෙන බව එම වාර්තාවල දැක්වේ.
13 දෙනාම සාත්තු නිවාසවල සිටි රෝගීන් වන අතර අවම වශයෙන් වයස අවුරුදු 80 ක් සැපිරූ අයයි.
උණ සහ ඔක්කාරය ඇතුළු එන්නත සඳහා වන පොදු ප්‍රතික්‍රියා “සමහර දුර්වල රෝගීන්ගේ මාරාන්තික ප්‍රතිඑලයට හේතු වන්නට ඇත” යැයි නිව් යෝර්ක් පෝස්ට් පුවත් නෝර්වීජියානු ඖෂධ ඒජන්සියේ ප්‍රධාන වෛද්‍ය සිගර්ඩ් හෝර්ටෙමෝ උපුටා දක්වමින් සිකුරාදා ප්‍රකාශයක් නිකුත් කර ඇත.
මෙම එන්නත ලබා ගත යුත්තේ කාටද යන්න පිළිබඳ වන මග පෙන්වීම යළි සකස් කිරීමට සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන තිබේ.
පසුගිය මාසයේ අග භාගයේ සිට නෝර්වේහි 30,000 කට අධික පිරිසකට ෆයිසර් හෝ මෝඩර්නා කොරෝනා වයිරස් එන්නත ලබා දී ඇත.
ඒජන්සියේ වෛද්‍ය අධ්යක්ෂ ස්ටයිනර් මැඩ්සන් ප්‍රකාශ කර ඇත්තේ “ඒජන්සිය මේ ගැන තැති නොගන්නා” බවයි. “මෙම එන්නත් ඉතා අඩු අවදානමක් ඇති බව ඉතා පැහැදිලිය. දුර්වල රෝගීන් සඳහා සුළු ව්‍යතිරේකයක් ඇත. එන්නත ලබා දිය යුත්තේ කාටද යන්න වෛද්‍යවරු දැන් හොඳින් සලකා බැලිය යුතුය. ”ඔහු පැවසීය.