කීර්ති ප්‍රනාන්දු –
ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සැකසූ නේවාසික වීසා බලපත්‍රයක් සහිතව කැනඩාව බලා යෑමට සිටි නුවර පදිංචිකාර ව්‍යාපාරිකයෙක් අද ගුවන්තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේශන ඒකකය විසින් අත්අඩංගුවට ගත්තේය.
ඔහු දොහා බලා පිටත් වීමට තිබූ කටාර් ගුවන් සේවයට අයත් QR869 ගුවන් යානයෙන් කාටර් ගොස් එතැනින් කැනඩාව වෙත ගමන් කිරීමට සැලසුම් කර තිබී ඇත..
මෙම තැනැත්තාගේ ලේඛණ ගැන සැක සිතූ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැඩිදුරටත් කළ විමර්ශනයේ දී මේ ව්‍යාජ ලේඛණ සකස් කිරීම ගැන හෙලි විය.
ඒ සඳහා ඔහු තැරැව්කරුවෙකුට මුදල් ලබා දීමට කටයුතු කළ බව ද පැවසීය. මෙම පුද්ගලයා කටුනායක ගුවන්තොටුපල පොලිසිය වෙත භාරදීමට කටයුතු කර ඇත.