හොරණ ගුරුගොඩ දඹර ප්රදේශයේ මෑවක් ඔයේ තිබී යතුරුපැදියක ගැටගැසූ පුද්ගල සිරුරක ඇටසැකිල්ලක් ඊයේ (11) සවස හමුවී තිබේ.
යතුරු පැදියේ පාද ගැට ගසා යතුරු පැදිය සමග එම පුද්ගලයා ඔයාට දමා ඇති බව පොලීසිය සැකකරයි.
මෙය ඝාතනයක් බව පොලිසිය සැක කරන අතර මීට මාස දෙකකට පෙර මෙම ඝාතනය සිදුව ඇති බවට ද අනුමාන කෙරේ.
පසුගිය කාලයේ ඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබී ඇත.
මේ දිනවල ජලය අඩු වී ඇති බැවින් ඔහේ තිබුණු යතුරුපැදිය සමඟ ඇටසැකිල්ල මතුව තිබෙන බව පොලීසිය පවසයි.