දිනසේන රතුගමගේ
මන්නාරමේ මඩු ප්රදේශයේ කාලයක් තිස්සේ පවත්වා ගෙන ගිය හොර තුවක්කු නිපදවීමේ කම්මලක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් 27 දා වටලා එක් සැකකරුවකු අත් අඩංගුවට ගෙන තිබේ.
මේ කම්මලෙන් නිපදවන හොර තුවක්කුවක් රුපියල් 5000 බැගින් අලෙවි කොට ඇති අතර සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු ළග තුවක්කු කොටස් 11 ක් හා වැඩ නිම කරණ ලද හොර තුවක්කුවක් තිබී ඇත.
සැකකරු මඩු පොලීසිය වෙත බාර දී ඇති අතර පොලීසිය ඔහුව මන්නාරම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.